සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මොනෑෂ් සරසවියේ පෑයු පහන් තරුවක් වී ලෝකයට මග කියන කරගහගෙදර ගැමි තරුණයා

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ නව දැනුම ලොවට දෙන අපේ තරුණ විද්‍යාඥයා..  ආචාර්ය සමන් ඉලංකෝන් 

by editor
ඔක්තෝබර් 28, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

  • තාත්තා අන්ත දුප්පත් ගොවියෙක්…
  • එයා හිතුවෙ අයියත් එක්ක  මම ගොවිතැන් කරයි කියලා
  • අක්කලා දෙන්න මට ඉගැන්නුවෙ කටුනායක ගාර්මන්ට ගිහින්
  • උත්සාහය අත් නොහැර ඉගෙන ගත්තා…

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වත්මන් ලෝකයේ බොහෝ රටවල් මුහුණ පා ඇති විශාලතම ගැටලුව බවට පත්වෙමින් තිබේ. එය වූකලී නව තාක්ෂණයේ දියුණුවත් සමග සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධන වෙමින් පවතින රටවල් ද එකසේ මුහුණ පා සිටින ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වී ඇත. ඊට විසඳුම් සෙවීමට බොහෝ රටවල් දැනටමත් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් සිටින අතර ඇතැම් රටවල් ඒ සඳහා විද්වතුන්ගේ උපදෙස් ලබා ගැනීමට පෙළඹී සිටී.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුල්පෙළ විශ්වවිද්‍යාල ජාලයක් ලෙස සැළකෙන මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මැලේසියානු ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ලෙස කටයුතු කරන එක්තරා ශ්‍රී ලාංකිකයකු මේ වනවිට ජාත්‍යන්තරයේ අවධානයට පාත්‍රවී සිටින්නේ ඉලෙක්ට්‍රොනික කසළ කළමනාකරණය සම්බන්ධව ඔහු සතු හසළ දැනුම් සම්භාරය ඇසුරින් බොහෝ රටවලට නිදසුන් සපයමින් පරිසරය සුරක්ෂිත කිරිමේ උදාර කර්ත්‍යවයට සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටින බැවිනි.

ආචාර්ය සමන් ඉලඟකෝන් මොනෑෂ් සරසවියේ සිසු පිරිස සමග

 ඔහු සමන් ඉලංකෝන්ය. කුරුණෑගල නාරම්මල කරගහගෙදර ගම්මානයේ උපත ලද මේ 38 හැවිරිදි තරුණ විද්‍යාඥයා පතල් සහ ඛණිජ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි. ඔහු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නොඑසේ නම් ඊ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කරමින් සිටින අතර ලොව පිළිගත් ආචාර්යවරයෙකි.

වර්තමානයේ ලොවම පිළිගත් ආචාර්යවරයකු වූවද සමන් ඉලංකෝන්ගේ ගමන්මග අතිශය දුෂ්කර එකක් විය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘මගේ අප්පච්චි ගොවියෙක්. අපි පොඩි කාලේ සෑහෙන දුක් වින්දා. අපේ පවුලේ බාලයා මමයි. මට අයියා කෙනෙකුත්, අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. අක්කලා දෙන්නා කටුනායක ගාමන්ට්වල වැඩ කරලා වැඩිදුර ඉගෙන ගන්න මට වියදම් කළා. අද මගේ ජයග්‍රහණයේ එයාලා පංගුකාරයෝ. ඒ වගේම මගේ අම්මා. හැමදාම හෙවණැල්ල වගේ ළඟින් හිටියා. මගේ අප්පච්චි හිතුවේ මාත් අයියා වගේ ගොවියෙක් වේව් කියලයි.‘ මේ තරුණ ආචාර්යවරයා එසේ කියන්නේ සතුටු කඳුළු පිරි දෙනෙතින් යුතුවය.

සමන් ගේ පියා..

කරගහගෙදර ප්‍රාථමික විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්ව මයුරපාද විදුහලට ඇතුළත් වූ ඔහු විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. වසර 4ක කාලයක් භූ විද්‍යා හා කැනීම් ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම සිසුන් 700ක් අතරින් දෙවැනි ස්ථානය අත්කර ගැනීමට සමත්විය. අනතුරුව වසරක් පමණ මොරටුව විශ්වවිද්‍යාලයේහිම කථිකාචාර්යවරයකු ලෙස රැකියාව කළ ඔහු පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා එංගලන්තයේ ඉම්පීරියල් කොලේජ් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. ඔහු මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මැලේසියානු ශාඛාවට එක්වන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ද වසර දෙකක් රැකියාව කිරීමෙන් පසුවය.

මව සහ සොහොයුරියන් දෙපළ

ඉලෙක්ට්‍රොනික් කසල කලමණාකරණය පිළිබඳ ඔහුගේ එළඹුම නිර්මාණාත්මකය.  ඔහු කියන කතාව දෙස අද ලෝකයම අවධානය යොමු කර ඇත්තේය.

‘තව දශක දෙක තුනක් යද්දී ලෝකයට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට අවශ්‍ය මූලද්‍රව්‍ය සපයාගන්න දැනට තියෙන සම්පත් මදි වේවි. මොකද අපි හරි වේගයෙන් ඒවා පරිභෝජනය කරමිනුයි ඉන්නේ. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රොනික් ප්‍රතිචක්‍රීකරණය කොයිතරම් වැදගත් ද කියලා අවබෝධ වෙන්නේ. පරිගණක, ජංගම දුරකථන භාවිතය වැඩිවෙන්න වැඩිවෙන්න ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප්‍රමාණයත් ඉහළ යනවා. මේ තාක්ෂණය මිනිසුන්ගේ ජීවිත පහසු කරවනවා තමයි. නමුත් අනිත් පැත්තෙන් ගත්තම තාක්ෂණය දවසින් දවස දියුණු වෙද්දී අපි පාවිච්චි කළ පරණ උපකරණ ඉවත් කරද්දී ඒවා ගොඩ ගැහෙනවා. දැන් අපි ලොකු මොනිටර්ස් තියෙන පරිගණක පාවිච්චි කරන්නේ නෑ. ඒවා ඉවත දාලා. වැඩිපුරම පාවිච්චි වෙන්නේ ලැප්ටොප් පරිගණක. එතකොට ජංගම දුරකතන පවා අවුරුදු කීපයකින් පාවිච්චි කරලා ඉවත දාන ඒවා.‘

‘හැම රටකටම තමන්ගේ රටේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරි විදියට ප්‍රතිචක්‍රිකරණය කරන්න අමාරුයි. වියදමත් වැඩියි. මේක හැම රටකටම තියෙන ප්‍රශ්නයක්. ඉලෙක්ට්‍රොනික් ගත්තමත් ඒක විවිධාකාරයි. ටියුබ්ලයිට්වල තියෙන දේවල් වෙනයි, ජංගම දුරකතනවල තියෙන දේවල් වෙනයි. එතකොට වාහනවලින් ඉවත දාන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වෙනස්. ඉලෙක්ට්‍රොනික් අප්‍රද්‍රව්‍ය කියලා ගත්තට මේ හැම අපද්‍රව්‍යයකම සංඝටක වෙනස්. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕන වෙන වෙනම අරගෙනයි. අන්න ඒකයි වියදම වැඩි වෙන්නේ. ලංකාව වගේ ගත්තම ටියුබ් ලයිට් වගේ දේවල් නම් කොහෙත්ම ප්‍රතිචක්‍රීකරණය වෙන්නෙ නෑ. ඒවායේ මර්කරි තියෙනවා. ඒක පරිසරයට එකතු වීම අවදානම්.   පරිසරයත් විනාශ වෙනවා.‘

‘ඒ වගේම තමයි විදුලි උපංග සවි කිරීමට භාවිත කරන රැහන්. ඒ කියන්නේ වයරින් වලට ගන්න ඒවා. ඒවායේ කොපර් සංඝටක තියෙනවා. ඒවා ගන්න ඕන නිසා එහි ප්ලාස්ටික් ආවරණය පුළුස්සනවා. ඉතින් ඒ පිළිස්සීමේදී කොයිතරම් පරිසර දූෂණයක් සිද්ධ වෙනවද. ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. එහිදි ඇතැම් දේවල් අපිට නැවත භාවිතයට ගන්න පුළුවනි. අනිත් දේවල් නිවැරදි ආකාරයට විනාශ කළ යුතුයි.‘

ආචාර්ය සමන් ඉලංකෝන්  ලොවට දෙන පණිවුඩයට බොහෝ රටවල් වැඩි අවධානයක් ලබා දී ඇත. අනාගතයේදී ජාත්‍යන්තරය මුහුණපෑමට නියමිත සංකීර්ණ ගැටලුවකට ශ්‍රී ලාංකිකයකු උපදෙස් ලබාදීම අතිශය වැදගත් කරුණකි. ඔහු එවැනි ගෞරවයකට පාත්‍ර වීම ශ්‍රී ලංකාවේ අභිමානයට ද හේතුවේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා කොවිඩ් අවදානම් තැන් මෙන්න..

Next Post

හෙට සිට දින 03ක් බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.