බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මහා ජීවිත ඛේදවාචකයින් දේශපාලනය අරඹා බලවත්ම රාජ්‍යයේ මුල් පුරවැසියා වූ අසිරිමත් මිනිසා

by editor
නොවැම්බර් 8, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

අවසානයේදී ජෝ බයිඩන් ජයගත්තේය. අවශ්‍ය වූ ඡන්ද ඝණ සමූහ 270 ඉක්මවා යමින් ඔහු අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන ලද අසීමිත අවලාද හා පදනම් විරහිත චෝදනා පුස්සක් බවට පත් කරමිනි.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදි බයිඩන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබු ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධානතම කරුණු දෙකක් ඉස්මතු කරමින් නිවේදනය කරනු ලැබුවේ තමා පාර්ශ්ව දෙකක් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට පෙනී සිටින බවය. එකක් අමෙරිකාව ගොඩ නැගූ කම්කරුවන් වෙනුවෙනි. අනෙක බෙදුම්වාදයට නැවතීමේ තිත තබා ඔවුන්ට ද වටිනාකමක් ලබාදීම වෙනුවෙනි.  මේ කරුණු ද්විත්වයම ඔහුගේ ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල කරන ලද අතුල් පහරකි. ට්‍රම්ප් බලයට පත්වූයේ ජාතිකවාදය ඉදිරියට දමමිනි. ඔහු බෙදුම්වාදය ව්‍යාප්ත කරමින් කළු ජාතිකයන් අතර දැඩි පිළිකුලට ද භාජනය වූයේය. විශ්ලේෂකයන්ට අනුව ඉහත කී කරුණු දෙකම බයිඩන්ගේ ජයග්‍රහණයට වැදගත් සාධක බවට පත්වී තිබිණි.

බෝයිල්සටන්හි චාල්ස් වීදියේ වීදි පහන් ටැඹක් මත නැගී ජෝ බයිඩන් ජයග්‍රහණය ප්‍රකාශ කරන තරුණයෙක්…

1942 නොවැම්බර් 20 වැනිදා උපන් ජෝශප් රොබිනට් බයිඩන් (කනිෂ්ට) නමින් උපන් ජෝ බයිඩන් අමෙරිකාවේ  ජනපති පදවියට පත්වූ වයස්ගතම පුද්ගලයා ද වේ. ඔහු මේ පදවියට පත්වන්නේ 78 හැවිදිරි වියේදීය. එසේ වුවත් ජනප්‍රියත්වය අතින් ගත් විට ඔහු දෙවැනි වන්නේ අමෙරිකාවේ ළාබාලතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්.කෙනඩිට පමණක් බව කියැවේ. ජනපති පදවියට පත්ව වසර දෙකකට පසු සාහසිකයකුගේ වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ ජෝන් එෆ්.කෙනඩි ජනපතිවරයා ලෙස තේරි පත්වූයේ 43 හැවිරිදි වියේදීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජෝ බයිඩන් අවුරුදු 10දි.

ලබන වසරේ ජනවාරියේ සිට වැඩබාර ගැනීමට නියමිත බයිඩන් ජනාධිපතිවරයා එරට දේශපාලන ඉතිහාසයේ වැදගත් කඩඉම් රැසක් පසු කළ පරිණත දේශපාලඥයෙකි. හෙතෙම 1970දී  නිව් කාස්ල් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයකු ලෙස වැඩ බාර ගනිමින් සිය දේශපාලන ගමන ආරම්භ කළේය.

සෙනෙට් සභිකයකු ලෙස පත්වීමෙන් පසු පළමු නිළ ඡායාරූපය  1973දි

ඔහුගේ දේශපාලන අවතීර්ණය සිදුවන්නේ දරුණු ඛේදවාචකයකිනි. සෙනෙට් සභිකයකු ලෙස දිවුරුම් දීමට දින කිහිපයකට පෙර ඔහුගේ පළමු බිරිඳ නීලියා බයිඩන් මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූයේ ඔවුන්ගේ සිඟිති දියණිය එක් හැවිරිදි නයෝමි ද සමගිනි. ඒ වනවිට මෝටර් රථයේ සිටි පුතුන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවූවත් මාස ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියේය. සිය ජිවිතයේ නොසිතූ විරූ ඉරණමකට මුහුණ පා සිටි බයිඩන් දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කළත් එවකට ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ නායකත්වය ඊට ඉඩ දුන්නේ නැත. අවසානයේදී ඔහු සෙනෙට් සභිකයකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සිය පුතුන් ප්‍රතිකාර ගනිමින් සිටි රෝහල් කුටිය තුළදීමය.

සිය පළමු බිරිඳ නීලියා සහ දරුවන් තිදෙනා සමග.

මේ පරිණත දේශපාලකයා පසුකාලීනව ජිල් ට්‍රේසි සමග විවාහ වූ අතර, සිය පුතුන් දෙදෙනා ද ඉතා හොඳින් රැක බලා ගත්තේය. නමුත් පිළිකා රෝගයකට ගොදුරු වී ඔහුගේ වැඩිමල් පුතු බියූ බයිඩන් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තේය. පසුකාලීනව බයිඩන්ට දාව ජිල් විසින් උපත දෙන ලද දියණිය ඈෂ්ලි මේ වනවිට එරට සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරමින් සිටින අතර, නීලියාට දාව උපන් බාල පුතු හන්ටර් පියාගේ දේශපාලන ජීවිතයේ සෙවණැල්ල බවට පත් විය.

පසුකාලීනව බයිඩන් විසින් සිය ජීවිත කතාව ඇසුරින් ලියා පළ කරන ලද Promise me, dad කෘතිය මෙවර ඔහුගේ ජනාධිපතිවරණ සටනේදී වැඩි අවධානයක් යොමුවී තිබිණි. පළමු බිරිඳගේ වියෝව දරාගත නොහැකිව වසර ගණනාවක් පුරා දැඩි කනගාටුවෙන් යුතුව කල් ගෙවූ බව ඔහු සිය කෘතියේ ලියා තැබුවේ දෙවියන් කෙරෙහි තිබූ විශ්වාසය ද අත්හළ  බව කියමිනි. දෙවියන් තම ජීවිතය සෙල්ලමකට ගත් බව ඔහු ලියා තැබූ අතර, ඊට වසර පහකට පසු ජිල් සමග විවාහ වීමෙන් පසු එම වේදනාව තරමක් දුරුවූ බවත් ඔහු එම කෘතියේ සටහන් කර තිබිණි.

ජයග්‍රහණයෙන් පසු ජාතිය අමතමින්…

එසේ වුවත් ඔහු සටහන් කර ඇත්තේ  තම හොඳම යෙහෙළිය, ශ්‍රේෂ්ඨතම කාන්තාව සහ ආදරණීය පෙම්වතිය තම පළමු බිරිඳ නීලියා බවය. තම ජීවිතයට හිමිවී තිබූ වටිනාම වස්තුව තම පළමු බිරිඳ නීලියා බවත්,  තමාට හිමිව තිබූ දේ කුමක්දැයි කිසිවකු නොදැන සිටි බැවින් ඇගේ වියෝවෙන් තමාට අහිමිවූයේ කුමක්දැයි යන්න  ඔවුන් කිසිදිනෙක දැන නොගන්නා බවත් ඔහු එම කෘතියේ සටහන් කර තිබිණි.

සංවේදි චරිතයක් ලෙස හඳුන්වන ජෝ බයිඩන් සිය ප්‍රතිවාදියා ට්‍රම්ප් විසින් සතුරන් බවට පත් කර ගනු ලැබූ රුසියාව, චීනය ඇතුළු බොහෝ රටවලට දැනටමත් මිත්‍රත්වයේ දෑත දිගු කරමින් සිටී.

බැරැක් ඔබාමාගේ රජයේ උපජනපතිවරයා ලෙස කටයුතු කළ සමය මෙන් එරට සියළු ජාතීන්ට සමාන පොදු අයිතිවාසිකම් ලබාදීමට සැදී පැහැදී බලා සිටී.

ජයග්‍රහණය සමරන්නට වීදි බට පුරවැසියන්…

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දහස් ගණනින් වීදි බැස සතුට සමරන්නට වූහ. අමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල ප්‍රධාන නගරවල වීදි ජනතාවගෙන් පිරී ගිය අතර, අමෙරිකානු ධජය ඔසවා ගත් පිරිස් නලා නාද කරමින් මෝටර් රථ මගින් වීදි පුරා සංචාරය කරන්නට පටන් ගත්හ. අමෙරිකාවේ ජනපතිවරණයකින් පසුව එවැනි පසුබිමක් නිර්මාණය වූයේ දශක ගණනාවකට පසුවය.

හාවඩ් චතුරශ්‍රය පසුකර යන මෝටර් රථ රැලියක්…

බයිඩන් අමෙරිකාවේ මුල් පුරවැසියා ලෙස පත්වූයේ කොවිඩ් වසංගතය එරට ජනතාව ලොව කිසිදු රටකට වඩා බලවත් අයුරින් පීඩාවට ලක් කරමින් සිටින කාලවකවානුවකය. කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වූ රටක ජනපති පදවියට පත්වීම එක් අතකින් දැඩි අභියෝගයක් වූවත් බයිඩන්ගේ අරමුණ වන්නේ සියළු අභියෝග සාර්ථකව ජයගැනීමය.

සිය ජනපති සටන හුදෙක් තනතුර සඳහා කළ සටනක් නොවන බවත්, එය කොවිඩ් වසංගතයෙන් ජනතාව මුදවා ගැනීමේ සටනක් බවත් බයිඩන් කීවේය. එමෙන්ම එම සටන ජාතිකවාදයෙන් බැට කමින් සිටින අමෙරිකාවේ කළු ජාතිකයන් ඇතුළු විවිධ ජනකොටස් වලට සිදුවී ඇති අගතිය හා අසාධාරණය තුරන් කිරීමේ සටනක් බවත් කියමින් මුල් පුටුව ජයගෙන ධවල මන්දිරයට පා තබන මේ වයවෘද්ධ පුද්ගලයාගේ ක්‍රියා කලාපය කෙබඳු එකක්දැයි යන්න අනුමාන කිරිමට තවත් කාලය තිබේ.

 

Share69Tweet43
Previous Post

හුදකලා කළ ප්‍රදේශවල අය අත්‍යාවශ්‍ය සේවා සඳහාවත් කැඳවන්න බෑ….

Next Post

35වන කොවිඩ් මරණය වාර්තා වේ…. එම මරණයත් සිදු වී ඇත්තෙ නිවසේ දී…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.