සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

දරු සෙනෙහසට නොදෙවෙනි ඇල්පස් ගොවීන්ගෙ ගව ආදරය…

by editor
ජූලි 24, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

ඡායාරූප – ශෂී සුබ්‍රමනියම්

රෙබෙකාගේ මුහුණේ වෙනදා අප දුටු සැනින් නැගෙන සුන්දර සිනහව අද දක්නට නොලැබිණි. අප ඇයට දවසේ ආරම්භයේදීම යහපතක් වේවා යැයි සුභ පැතූ විට ,ඇය එසේම වේවා යැයි ,පැවැසුවේ තරමක් වේදනාවෙනි. ඇගේ දුක්මුසු භාවයට හේතුව කුමක් දැයි ඇසීම එතරම් සදාචාරාත්මක නොවන බව අපට හැඟිණි .
එහෙත් රෙබෙකා කිසියම් කෙනෙකු එනතුරු මග බලා සිටින බව අපට හැඟී ගියේ, අප සමඟ කතා කරන විටත් ,ඇය විටින් විට නිවස ඉදිරියේ ඇති මාර්ගය දෙස දෙඇස් යොමා බලා සිටි බැවිනි.
අවසානයේ ඇය මග බලා සිටි පුද්ගලයා පැමිණියේය . අප සිතුවේ,
රෙබෙකාගේ දරුවෙකු අසනීපයෙන් පසු වනවා වන්නට හැකි බවය .
“දරුවන් දෙදෙනාගෙන් කෙනෙකු අසනීපයෙන් දැයි අප ඇසුවේ ,රෙබෙකා මග බලා සිටි පුද්ගලයාගේ බාහිර ස්වරූපයෙන් ඔහු වෛද්‍යවරයෙකු බව හැඟී ගිය බැවිනි .
“මට ළමයි දෙන්නෙක් නෙමෙයි ,තිස් දෙදෙනෙක් ඉන්නවා , යැයි රෙබෙකා පැවසුවේ මුවේ තරමක සිනහවක් රඳවාගෙනය .


“ධර්මීනා, ගෙ ඇහැකින් කඳුළු එනවා” ,රෙබෙකා පැමිණි අමුත්තාට විස්තර කරන්නට වූවාය .එය ඇසූ අපට මහත් ගැටළුවක් පැන නැගිණි .කවුද මේ අප නොදන්නා ධර්මීනා යන්නය.
මෙම ප්‍රෙහෙලිකාව යම් තරමකට විසඳා ගැනීමට හැකිවූයේ ,පැමිණි අමුත්තා තමා පශු වෛද්‍යවරයෙකු බව, අපට ඔහු හඳුන්වා දීමෙන් අනතුරුවය .
ස්විට්සර්ලන්තයේ පශුවෛද්‍යවරයෙකුට සාමාන්‍ය වෛද්‍යවරයෙකුට තරම්ම ගෞරවයක් හා පිළිගැනීමක් සමාජය තුළ තිබේ .ඇල්ප්ස් කඳු ආශ්‍රිත කිරි ගොවීන් සමග කටයුතු කරන පශු වෛද්‍යවරුන්ට හිමි වන ගෞරවය ඊටත් වඩා වැඩිය .කිසියම් මොහොතකදී ලැබෙන ඕනෑම දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වා කඩිනමින් පියවර ගැනීම එම පශු වෛද්‍ය වරයාගේ වගකීම වීම ඊට ප්‍රධාන හේතුවකි .එමෙන්ම ඔවුන්ට ඇල්ප්ස් කඳු වෙත යාමට ඇති මාර්ග හැම විටම පහසු ඒවා නොවීමද විශේෂත්වයකි .ඇතැම්විට පශු වෛද්‍යවරුන්ට ගමන් කිරීමට සිදු වන්නේ හෙලිකොප්ටර් ආධාරයෙනි .


රෙබෙකාගේ ඇමතුමකට අනුව මෙම පශුවෛද්‍යවරයා දුර්නක්තාල් වෙත පැමිණියේ පෙරවරු 7 ට පමණය .ඒ වන විටත් ඉර උදාව් නොතිබුණු අතර මාර්ගය මීදුමෙන් වැසී තිබිණි .රෙබෙකා සමඟ කතා කිරීමෙන් පසුව ,පශුවෛද්‍යවරයා කෙලින්ම ගියේ ධර්මීනා වෙතය .ඒ වනවිටත් ධර්මීනා ගව පට්ටියේ කොනක වැතිර සිටියාය .ඇය වෙත ළඟා වූ පශු වෛද්‍යවරයාට ඇය යම්තාක් දුරට චලනය කරවීමට වෙහෙසක් දැරීමට සිදුවිය .
මාර්ටින් සහ ඔහුගේ තවත් මිත්‍රයෙකුගේ ආධාර ඇතිව පශුවෛද්‍යවරයා ධර්මීනා ගෙ ඇස පමණක් නොව නාසය හා කටද පරික්ෂා කළේය .
“බයවෙන්න දෙයක් නැහැ ,උණ නැහැ , මම බෙහෙත් වර්ග කීපයක් දෙන්නම් “කියූ පශූ වෛද්‍යවරයා ටික වේලාවකින් පිටත්ව ගියේය .මෙතෙක් වේලා දුක්මුසු ස්වභාවයක් පෙන්නු රෙබෙකාගේ හිතට සැනසීමක් ආවෙ ඉන් අනතුරුව බව වැටහුනේ ඇගේ මුහුණේ තිබූ දුක්බර ස්වභාවය කෙමෙන් කෙමෙන් පහව ගිය නිසාය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!


ඇල්ප් කිරි ගොවීන්ගේ ප්‍රධානතම වස්තුව වන්නේ කිරි එළදෙනුන්ය.එක් කිරි එළ දෙනකු අසනීප වීම ඔවුන්ගේ කිරි නිෂ්පාදනයට හා අදායම් මාර්ගයට ඍජු බලපෑම් එල්ල කරයි .බොහෝවිට සීමාසහිත එළදෙනුන් සංඛ්‍යාවක් ඔවුන් සතු වීම ඊට හේතු වන්නේය .ගවයින්ට දෙවියන් මෙන් සැලකීම හින්දු සංස්කෘතියේ ලක්ෂණයක් බව අප දැන සිටියත් එය යුරෝපයේද ඊට සමාන ආකාරයෙන් සැලකීම අප අත්දුටු සත්‍යයකි .විශේෂයෙන් ස්විට්සර්ලන්තයේ ගවයින් නොමැතිව කිසිවක් සිදු නොවේ .ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩාවක් වන ඇල්ප්ස් මල්ලව පොර තරග ජයග්‍රහණය කරන අයෙකුට හිමිවන්නේද ගවයෙකි .ඇල්ප්ස් ගවයින් සහිත පෙරහැර ස්විට්සර්ලන්තයේ ප්‍රධාන වෙළෙඳ දැන්වීම් අතර ප්‍රමුඛස්ථානයක් ගනී .ගවයින් ස්විස් සංස්කෘතියේ ප්‍රධාන සළකුණයි .එළදෙනෙකුගේ කිරිවලින් නිෂ්පාදනය කරන චීස් හා චොකලට් ස්විස් ආර්ථිකයට හා ස්විස් නාමයට ගෙන එන්නේ විශාල පිටුවහලකි .

මීළඟට ඇල්ප් දරුවන් හා ඔවුන්ගේ පාසල් ජීවිතය පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න .
සුනේත්‍රා ඇතුගල්පුර

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

අයිස් සමග හසුවූ “එක්සයිස්“ නිලධාරියා තවදුරටත් පොලිස් රැඳවුමේ

Next Post

බහුචිතවාදියා හැදුවෙ මේ රටේ දෙදරා යන තරුණ ජීවිත ගැන කියන්න

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.