අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

බහුචිතවාදියා හැදුවෙ මේ රටේ දෙදරා යන තරුණ ජීවිත ගැන කියන්න

by editor
ජූලි 24, 2020
in කලා
Share on FacebookShare on Twitter

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ෂර්ලි සමරසිංහ –

වර්තමානයේ තරුණ සිනමාකරුවන් ක්ෂේත්‍රයට ප්‍රවේශ වන්නට කිසියම් හුදකලා අරගලයක යෙදෙනවා,  මාලක දේවප්‍රිය සිය කුළුදුල් සිනමා කෘතිය වන “බහුචිතවාදියා” අධ්‍යක්ෂණය කරමින්  සිය ප්‍රේක්ෂකයා වෙත රැගෙන යාමේ නොතිත් පරිශ්‍රමයක යෙදෙන තරුණ නිර්මාණ කරුවෙක්. සිනමාව ගැන ඔහු හා කළ කතාබහ තුළ  අන්තර්ගත වන්නේ   තරුණයි පෙළන සමාජ ගැටලුවෙ  එක්තරා හරස්කඩක්.

  •  “බහුචිතවාදියා” චිත්‍රපටය  නිර්මාණය වන්නේ මීට  වසර කිහිපයකට පෙර. මේ සිනමා කෘතිය මුදා හැරීමට ප්‍රමාදවීම කිසියම් ආකාරයකට කෘතියට බලපෑමක් එල්ල කරයිද ?

මේ චිත්‍රපටිය සංකල්පය  ආවේ සමාජ මාධ්‍ය ජාල ආරම්භ වූ  ගිය දශකයේ මුල් කාර්තුව තුළ. මෙහි ප්‍රබන්ධ වන්නේ බහු චිත හෙවත් එක් අදහසක් නැති නැතිනම් බොහෝ අදහස් ඇති සමකාලීන ලාංකීය තාරුණ්‍යය හා සමාජ ජීවිතයේ එක්තරා ස්වරූපයක පිළිඹිඹුවක්.

විධිමත් අධ්‍යාපනයක් නොලැබීම නිසා රැකියා සුරක්ෂිත භාවයක් නොමැතිකමින්  මුදල් සෙවීමේ පහසු මාර්ග සොයා විදේශ ගතවීමේ උන්මාදයෙන් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය හා ඊට ඈඳුණු ලබන සෙසු චරිත හරහා කතාව ගොඩ නැගෙනවා. අපේ  සමාජය බිහිසුණු දෙදරීමකට ලක්ව ඇති ආකාරය තේමාකරගෙන කෘතිය ගොඩ නැගෙනවා.

එතකොට ඔබ අහනවා නම් මේ කෘතිය දැන් පරණ වැඩියි, එය කෘතියට බලපෑමක් එල්ල කරනවා නේද කියලා මට කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. කලා කෘතියක් කියන්නේ වයින් බෝතලයක් වගේ. ඒක කවදාවත් පිළුණු වෙන්නෑ කිරි හොද්දක් වගේ. හොඳ වයින් එකක් ඕන වෙලාවක ඕන කාලයක බොන්න පුළුවන්. කලා කෘතියක් සර්වකාලීනයි.

මාලක දේවප්‍රිය
  • මේ චිත්‍රපටයේ ප්‍රමාද වීමට  බලපෑ ප්‍රධාන කාරණා පැහැදිලි කරන්න කැමතිද ?

චිත්‍රපටය ප්‍රදර්ශනය නොවූ නිසා ඒ පිළිබඳව වැඩි දුර විස්තර  මේ අවස්ථාවේ කීම සුදුසු වෙන්නැහැ. චිත්‍ර ශිල්පියෙක් තමාගේ නිර්මාණය කළාට පස්සෙ චිත්‍රය අඳින්න වර්ණ සොයාගත් දුෂ්කරතාව වෙනම යටින් ලියන්න උත්සාහ කරන්නේ නැති වුනත් අවසාන වශයෙන් මා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ ස්වරූපය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

මේ චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කරන්නේ ලංකාවේ  ප්‍රධාන චිත්‍රපට  සමාගමක් සමග. නමුත් ඔවුන්ට චිත්‍රපටය අවසන් කිරීමට කිසිදු උනන්දුවක් නොවූ නිසා මෙම චිත්‍රපටය නිෂ්පාදන සමාගමෙන් මිලට අරගෙන එහි පසු නිෂ්පාදන කටයුතු හමාර කරමින්  ප්‍රදර්ශන මට්ටමට රැගෙන ආවා. මේ සල්ලි හොයාගත්තේ හතළිස් දෙදෙනෙකුගේ දායකත්වයෙන්. මම චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස රූපාන්තරණය වුණත් ඇත්ත වශයෙන්ම මට  කිසිම ප්‍රාග්ධනයක් නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීම පමා වීමේ ප්‍රධානම සාධකයක් ලෙසට එය බලපානවා. මොකද ප්‍රචාරණය සඳහා ප්‍රචාරණ පිරිවැයක් අවශ්‍යයි. උදේ හවා කැකෑරෙමින් ඒ සඳහා මුදල් සොයා ගැනීම මෙන්ම කළ යුත්තේ කුමක්ද කියා විවිධ ව්‍යාපෘති සිතමින් ඉන්නවා  එය මුදාහරින  අවකාශය වෙනුවෙන්. පසුගිය කාලය තුළ ඒ සඳහා විවිධ විකල්පයන් හමුවුනත් කොරෝනා අර්බුදය එය නැවත තවත් සංකීර්ණ කරලා තියෙනවා. නමුත් මගේ මිත්‍රයන් මෙන්ම  ස්වාධීන සිනමා එකමුතුව නිරන්තර වැඩපිළිවෙලක සූදානමකින් පසුවනවා. ඉතාම කඩිනමින්  “බහුචිතවාදියා” මහජනතාවට ප්‍රදර්ශනය කිරීම අප පරමාර්ථය වෙනවා.

  • ලාංකීය සිනමාව පිළිබඳව විවිධ මතවාදයන් සමාජ මාධ්‍ය හරහා මේ වසංගත වකවානුවේ අපි දකිනවා. බොහෝ දෙනා ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව ඔබටත් ඇති අදහසක් ?

 වර්තමාන ඩිජිටල් සංස්කෘතියේ ආගමනය සමග අන්තර්ජාලය හරහා බාගත කරමින් ඒ වගේම සජීවීව සිනමාව නැරඹිය හැකි  ප්‍රදර්ශන අවකාශ රැසක් ඇති වී ඇති බව සත්‍යයක්.

කොරෝනා සහ පශ්චාත් කොරෝනා සමය තුළ මෙම නැඹුරුව තවත් වැඩිවූ බව අන්තර්ජාල දත්ත තහවුරු කරවනවා. නෙට් ෆ්ලික්ස් වැනි චැනලයන් වෙත වඩාත් නැඹුරු වී එහි ග්‍රාහකයන් ප්‍රමාණය ප්‍රසාරණය වී තිබීම ඊට කදිම උදාහරණයක්. මේ කෙසේ වුවත්  සිනමා ශාලාවක් තුළ හුදකලාව විශාල තිරයක අඳුරේ චිත්‍රපටයක් නැරඹීමේ  ඉන්ද්‍රජාලිකත්වය හා ආශ්වාදය ඒ තුළින් අහෝසි වෙන්නේ නෑ.

අපි වැනි  රටක ඔන්ලයින් ක්‍රම භාවිතයෙන්   සිනමාව කෙසේ වෙතත් අධ්‍යාපනය ලබාදීම සන්නිවේදනය  පවා පවත්වා ගැනීම  සරල කාරණයක් නොවන බව පසුගිය කාලය තුළ අනාවරණය කර ගත්තා.  තාක්ෂණික මෙවලම් හරහා සම්බන්ධතාවයන් සපයා ගැනීමට පවත්වා ගැනීමට කීයෙන් කීදෙනාටද හැකියාවක් තියෙන්නෙ. ඒ වගේම ජංගම දුරකථනයකට පෙර ගෙවුම් කාඩ් පතක් දාලා චිත්‍රපටයක් බලන්න ඩේටා වියදම් කරන්න තරම්  වත්කමක් තියෙන්නේ ඉහළ මධ්‍යම පංතිකයන්ට පමණයි.

ලර්න් ඒෂියා ආයතනය 2018 දී කළ සමීක්ෂණයට අනුව, ලංකාවේ මිලියන 5.5 ක කුටුම්භ සංඛ්‍යාවෙන් එක් ස්මාර්ට් දුරකථනයක් හෝ ඇත්තේ 46% කට පමණයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ලංකාවේ පරිගණක සාක්ෂරතාව 23% යි. එහෙම ප්‍රාග්ධනයක් , හැකියාවක් හා මෙවලම් තිබුණත් සිනමා ශාලා යාන්ත්‍රණය පවත්වාගැනීම සඳහා ශක්තිය ලබා දිය යුතුයි. සිනමාව කර්මාන්තයක් වගේම එය රටක අධ්‍යාපන හා සංස්කෘතික අංශයේම කොටසක් වෙනවා .අපට සිනමාශාලාව වසා දමා ඔන්ලයින් ක්‍රමයට පමණක් සිනමා සංස්කෘතියක් පවත්වාගෙන යෑම නොහැකියි.

  • සිනමා නිර්මාණකරුවා ප්‍රේක්ෂකයාව  අමතක කර නිර්මාණ බිහි කිරීම තුළ කිසියම් ආකාරයක අර්බුදයක් නිර්මාණය වූවා යැයි ඇතමෙක් චෝදනා නගනවා?

 පසුගිය කාලයේ ඇතිවූ එක්තරා තර්කයක් තමයි පෙන්නන්න පුළුවන් නම්   සිනමාවේ කිසිදු අර්බුදයක් නෑ කියන එක.  පෙන්නන්න පුළුවන්කම ගැන අර්ථ කථනය කවුද දෙන්නෙ?. ප්‍රේක්ෂකයෝ අහවල් කෘති පමණක් අපට පෙන්වන්න කියලා කියන්නේ නැහැ. ඕනෑම කෘතියක්  හොඳ ප්‍රචාරණයක් හරහා සමාජගත කරන්න පුළුවන්. සිනමාව කලාවක් විදිහට රැඳී පවතින්නේ විවිධ ආඛ්‍යාන වලින් විවිධ ආකෘති වලින් විවිධ ප්‍රවේශ වලින් කරන අලුත් අත්හදා බැලීම් තුළයි.    කලාත්මක මෙන්ම වාණිජ මට්ටමේ විවිධ ප්‍රකාශනයන් ජනතාව වෙත රැගෙන යන්න ඉඩ කඩක් තමයි අපි විවර කළ යුතු වෙන්නේ.

  • ජාත්‍යන්තර වශයෙන් සිනමාව සඳහා ඇති විකල්ප ප්‍රදර්ශන අවකාශ මොනවාද ?

 උදාහරණයක් විදිහට ජර්මනියෙදි තරුණ නිර්මාණකරුවන්ට සහ අලුත් නිර්මාණ කරුවන්ට කෙටි චිත්‍රපටය සඳහා මූල්‍ය ආධාර ලබා දෙනවා ජී කූස් ෆිල්ම් ආයතනය හරහා. ඒ වගේම කෙටි චිත්‍රපට උළෙල රාශියක් මෙන්ම චිත්‍රපටි උළෙලවල් රැසක් පවත්වමින් ඔවුන් අනුග්‍රහ දක්වනවා සිනමාකරුවන්ට. චිත්‍රපට බස් රථයේ, දුම්රිය තුළ, ගුවන් යානයේ, සුපිරි වෙළඳ සංකීර්ණ වල, පොදු ස්ථානයන් හි  ප්‍රදර්ශනය කරමින් මිනිස්සුන්ට නැරඹීමට අවකාශ සලසන දෙනවා. ඒ වගේම මොබයිල් ෆෝර්ම් සිනමාව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපේ සිනමාවට කිසියම් ආකාරයකින් විකල්ප අවකාශයන්  නිර්මාණය කර දීමත් දැවැන්ත කාර්ය භාරයක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරු සෙනෙහසට නොදෙවෙනි ඇල්පස් ගොවීන්ගෙ ගව ආදරය…

Next Post

අයි.ඩී.එච් රෝගියා නිසා ඕ.පී.ඩී එකේ කිසිවෙක් නිරෝධායනය විය යුතු නෑ….

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.