බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

සේතුපති…ප්‍රේක්ෂකයන් පිරිසක් නෝ බෝල් කියා කෑ ගසද්දි ඔබ තරගය අත් හැර දැම්මා..

800 චිත්‍රපටයේ තිර රචනයට එක් වුණු ලෝ ප්‍රකට සාහිත්‍යධර ශෙහාන් කරුණාතිලක ඉන්දියාව කළඹමින් සේතුපතිට ලියපු ලිපිය..

by editor
ඔක්තෝබර් 27, 2020
in කලා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ශෙහාන් කරුණාතිලය යනු ජාත්‍යාන්තර කීර්තියට පත් ලාංකේය සාහිත්‍ය ධරයෙකි. ලෝක සම්භාවිත කෘතියක් වූ ‘Chinaman: The Legend of Pradeep Mathew ‘ නවකතාව නිර්මාණය කළ නවකතා කරුවා ඔහුය.

 ආසියාවේ, එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ සහෘද පාඨක පිරිසකගේ  විචාරාත්මක    අවධානයට ලක් වූ ශෙහාන්ගේ චයිනමන්  කෘතිය 2012, පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානයද, 2012 දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිදෙන DSC සම්මානයද දිනාගත්තේය. එක්සත් රාජධානියේ සුප්‍රකට වෝටර්ස්ටෝන්ස් පොත් හලේ 2011, හොඳම කුළුඳුල් නවකතා ලැයිස්තුවට එය ඇතුළත් විණි.

ඔහු සම්බන්ධ මේ දීර්ඝ පූර්විකාව තබන්නේ විශේෂ හේතුවක් නිසාය. මේ වනවිට ඉන්දියාව හා ලංකාව  උණුසුම් කරමින් ඇති  සිනමා කෘතිය වූ  මුරලිගේ චරිතාප්‍රදානය සහිත 800 චිත්‍රපටයේ  අධ්‍යක්ෂ ශ්‍රීපති හා එක්ව එහි තිර පිටපත ලියූ විශිෂ්ට සාහිත්‍යකරුවා ශෙහාන් කරුණාතිලක වීමය.

ඔහු පසුගිය දා ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය හරහා 800 හැර ගිය විජය සේතුපතිට  විවෘත ලිපියක් ලීවේය. මේ  තමිල්නාඩුව යළිත් ගිනියම් කළ මේ සිංහල සාහිත්‍යකරුවාගේ ලිපිය පිළිබඳ කතාවය.

  • “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය දෙමළ ජාතිකයා පිළිබඳ පැවසීමට අපට නොහැකි නම්, ඒ හා සමාන ජනප්‍රියත්වයක් නොලැබුණු තිරුචෙල්වම් හෝ තිරාණගම හෝ කරුණා හෝ ප්‍රභාකරන් හෝ කදිර්ගාමර් හෝ එළාර ගැන පැවැසීමට අපට තමිල්නාඩුවේ දේශපාලකයන් හා මාධ්‍ය අවසර දේවිද?“ – ශෙහාන් කරුණාතිලක

චිත්‍රපටයක් නිපදවීමට පෙර ඊට පරිභව කරන්නට එපා. ශ්‍රී ලංකාවේ වඩාත් අවධානයට ලක්වූ පුද්ගලයකුගේ ජීවිතය ගවේෂණය කිරීමට නිර්මාණකරුවකුට ඇති අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නට එපා. ‘ 

ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස සැළකෙන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතය අරභයා තමිල්නාඩුවේ නිෂ්පාදනය කෙරෙන ‘800‘ චිත්‍රපටයේ මුරලිදරන්ගේ භූමිකාවට පණ පෙවීමට නියමිතව සිටි ප්‍රකට නළු විජේ සේතුපති ඉන් ඉවත්වීමේ උණුසුම පහවී යාමට පෙර ඔහුට විවෘත ලිපියක් ලියමින් ශෙහාන් කරුණාතිලක එසේ සඳහන් කරයි. 

විජේ සේතුපති

මුරලිදරන්ගේ චිත්‍රපටයේ සහාය තිරකතා රචකයා වන ශෙහාන් කරුණාතිලක විසින් ඉන්දීය වෙබ් අඩවියකට යොමු කරන ලද ලිපිය මේ වනවිට තමිල්නාඩුවේ වැඩි කතාබහට ලක් වෙමින් තිබේ.

විජේ සේතුපති මුරලි චිත්‍රපටයෙන් ඉවත්වීම ශෙහාන් හඳුන්වනු ලබන්නේ ‘ ඔහු දැවී ගිය පිතිකරුවකු ලෙස පිටියෙන් ඉවත්වූයේ විනිසුරුගේ ඇඟිල්ල ඉහළට එසවීමෙන් නොව ක්‍රීඩාලෝලීන් නැගූ අවලාද හමුවේ‘ යනුවෙනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

‘ඔහු තව දුරටත් අපගේ චිත්‍රපටයට සම්බන්ධව සිටියානම් සහ විවෘත ලිපි විවර කර බැලීමට තරම් විවෘත මනසක් සහිත නම් සේතුපතිට මා පවසන්නේ මෙයයි. එක්තරා ක්‍රීඩාලෝලීන් පිරිසක් ‘නෝ බෝල්‘ කියා කෑ ගැසූ පමණින් තරගය අවලංගු කරන්න එපා‘ ඔහු වැඩිදුරටත් එසේ සඳහන් කර ඇත.

මුරලි සහ සේතුපති

තමා තිර රචකයකු ලෙස මේ චිත්‍රපටයේ කොටස්කරුවකු වීමට තීරණය කරනු ලැබුවේ මන්දැයි ඔහු තව දුරටත් සිය ලිපියෙන් දක්වා ඇත්තේ තමාට මුරලිදරන්ගෙන්  විමසා සිටීමට තරම් දිරියක් නොමැති ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපයීමට අවශ්‍ය බැවින් මේ චිත්‍රපටයට සම්බන්ධ වූ බව කියමිනි.

  1. එදා මෙදා තුර ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා යැයි ද, සහ වංචාකාරයා, බොරු කාරයා හා පන්දුව දමා ගසන්නා යැයි ද එකම ක්‍රීඩාලෝලීන් පිරිසක් විසින් පවසනු ලැබීම දැනෙන්නේ කෙසේද..?
  2. ජාතින් දෙක අතර යුද ගැටුම් පවතින කාලයේදිම බහුතර සිංහල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් විවේකාගාරයක දෙමළ ක්‍රීඩකයකු ලෙස සිටීම දැනෙන්නෙ කෙසේද..?

ලේඛකයකුට මුරලි යනු ආකර්ශනයෙන් යුක්ත මිනිසකු හා මනෝහර කතාවක් බව ශෙහාන් පවසයි. එමෙන්ම එය නළුවකුට ඔහුගේ ජීවිත කාලයේ හොඳම භූමිකාව බවත් ඔහු කියයි. 

‘ශ්‍රීපති (චිත්‍රපටයේ අධ්‍යක්ෂ) සහ මම කවදාවත් ශ්‍රේෂ්ඨ පන්දු යවන්නකුගේ වීර කතාවක් පවසන්නට උනන්දු නොවූයෙමු.‘

‘සිංහල මැරයන් පිරිසක් විසින් වතුකරයේ එක්තරා පවුලක ව්‍යාපාර ගිනි තබද්දී එම පවුලේ  දෙමළ කොල්ලකුට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකිවූයේ කෙසේද.? ඉයන් බොතම්, රිචඩ් හැඩ්ලි, කපිල් දේව්, ශේන් වෝන් වැනි ලෝක පූජිත පන්දු යවන්නන් අභිබවා යාමට හැකිවූයේ කෙසේද..? ඔහු දේශපාලනයෙන් වැළකී තම පිටදඟ පන්දු යැවීම මත පමණක් අවධානය යොමු කිරීමට ගත් තීරණය නුවණැති එකක්ද? නැතිනම් දැඩි තීරණයක් ද?

‘Chinaman: The Legend of Pradeep Mathew කෘතියෙන් ජනප්‍රිය වූ සහ මෑතකදී Chats with the Dead කෘතියෙන් පාඨකයන් අතරට ගිය මේ ලේඛකයා මෙසේ ද කියයි. ‘නළුවන්ට මතභේදයට තුඩුදෙන චරිත හෝ දුෂ්ඨ චරිත රඟපාන්න නොහැකි බවට නීති හැදුවේ කවුද.? එල්.ටී.ටී.ඊ. සංවිධානයට වඩා වැඩි මරණ සංඛ්‍යාවකට වගකිව යුතු බවට විවාදිත චර්චිල් ගැන නිපදවූ චිත්‍රපටයකට ඔස්කාර් සම්මානය ලැබෙන විට එවැනි විරෝධතා තිබුණාද? ඔහු එසේ අසයි.

ශෙහාන් කරුණාතිලක

ඔහු තව දුරටත් මෙසේ ද කීවේය. ‘  අපිට ස්ටාලින් සහ ගෙන්ගිස් ඛාන් සහ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගැන චිත්‍රපට හදන්න පුළුවනි. නමුත් සම්මුඛ සාකච්ඡාවලදී වැරැදි දෙයක් කිව්වාය කියන මහනුවරින් පැවත එන සිනහමුසු මුහුණක් සහිත පිටදඟ පන්දු යවන්නා ගැන චිත්‍රපටයක් හදන්න බෑ? ‘

සිය ලිපියට ශෙහාන් මෙවැන්නක්ද එකතු කර තිබේ.‘ මම ලියූ මේ චිත්‍රපටය 2010 දී මුරලි ඔහුගේ 800 වැනි කඩුල්ලෙන් අවසන් වෙනවා. ඔහු 2019 දී මොන දේශපාලකයා සමගද වේදිකාව බෙදා හදා ගත්තේ කියන එක 800 තිර රචනයට අදාළ කාරණාවක් නෙවෙයි. නමුත් මුරලි ‘Foundation of Goodness‘ වෙනුවෙන් සුබසාධන වැඩකටයුතුවල නිරතව සිටියදී එල්.ටී.ටී.ඊ. යේ ඉහළ මට්ටමේ නායකයන් සමග යුද්ධය ගැන උණුසුම් වාදයක් ඇතිවුණා. එතැනදී සිදුවූයේ කුමක්දැයි මම කියන්නේ නෑ. නමුත් අපිට මේ චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න අපි පෙන්වන්නම් එතැනදි මොකක්ද සිද්ධ වුණේ කියලා‘

‘තව ප්‍රශ්න තියෙනවා. ඔස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් පසුව ඔහුට මොනවද කීවේ? ඇත්තටම ඔහු නිවාස කොපමණ සංඛ්‍යාවක් ඉදිකොට තිබෙනවාද?  ලාහෝරයේදී එල්ල වූ උණ්ඩය කුමාර්ගේ හිසට කොපමණ සමීප ද?  කිසිවකුට දුස්රා පන්දුව යැවිය හැකිද? ඊට අනුබල දිය යුතුද?

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය දෙමළ ජාතිකයා පිළිබඳ පැවසීමට අපට නොහැකි නම්, ඒ හා සමාන ජනප්‍රියත්වයක් නොලැබුණු තිරුචෙල්වම් හෝ තිරාණගම හෝ කරුණා හෝ ප්‍රභාකරන් හෝ කදිර්ගාමර් හෝ එළාර ගැන පැවැසීමට අපට තමිල්නාඩුවේ දේශපාලකයන් හා මාධ්‍ය අවසර දේවිද?

පිටදඟ පන්දු යවන්නෙක්ව ඇයි අපි එයාගේ දේශපාලන කැමැත්ත අනුව විනිශ්චය කරන්නේ ?  අපි නරේන්ද්‍ර මෝඩි ගැන විනිශ්චය කරන්නේ ඔහුගේගොල්ෆ් පහරින්ද? නැතිනම් මහින්ද රාජපක්ෂ විනිශ්චය කරන්නේ ඔහුගේ ගෝල පහරින් ද?  ජන සංහාරය ගැන කවුරුවත් කුමාර්ගෙන් හෝ දෝනිගෙන් හෝ ඔයින් මෝගන්ගෙන් හෝ අහන්නේ නෑ.  අඩුම තරමින් ඔවුන් තවත් ජනප්‍රිය දෙමළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන ආනෝල්ඩ්ගෙන් සහ මැතිව්ස්ගෙන් අහන්නේ නෑ.‘ 

‘ මට කියන්න තියෙන්නේ සුනාමිය හා යුද්ධය නිසා විපතට පත්වුණු දෙමළ ජනතාවට සිය ගණන් ගෙවල් හදලා දුන්නු මුරලිට ඔහුගේ දේශපාලනය නිසා  තමන්ගේ ජාතියට ද්‍රෝහි වුණා කියනවා නම් ඒ විදිහට ට්විටර් වෙබ් අඩවියෙන් චෝදනා කරන මිනිස්සු දෙමළ ජනතාව වෙනුවෙන් ඒ වගේ ගෙවල් කීයක් හදලා දීලා තියෙනවද?‘

‘ඇත්ත. මුරලි ධනවතෙක්. නමුත් ගෙවල් හදන්නවත්, පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, පුහුණුවීම්වලට ක්‍රීඩාංගණ හදන්න කියලා කවුරුවත් එයාට කිව්වේ නෑ. ඒවා හදන්න දේශපාලකයන් හමුවෙන්න කියලා කවුරුවත් එයාට කිව්වේ නෑ. නමුත් එයා ඒවා කළා.‘

‘මේ චිත්‍රපටය විශිෂ්ටතම නිර්මාණයක් වේවි. මුරලි හොඳ මිනිහෙක්ද, නරක මිනිහෙක්ද, ඔහුගේ දුස්රාව නීතිවිරෝධි ද, මේ චිත්‍රපටයේ රඟපෑම් දුර්වල ද, තිර රචනය දුර්වලද කියන එක අප කතා කරමු වාද කරමු. හැබැයි ඒ සියල්ල කිරීමට අප මේ චිත්‍රපටය නිර්මාණය විමට ඉඩ ලබා දිය යුතුයි. 

(අන්තර්ජාලය ඇසුරෙනි)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් පාලනයේ දැන් කෙරෙන හැමදේම වෙනස් වියයුතුයි

Next Post

කොරෝනා අස්සෙ ගොංකරත්ත රේස් තිබ්බ මන්නාරමේ පිරිසකට වැඩ වරදී..

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.