බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් පාලනයේ දැන් කෙරෙන හැමදේම වෙනස් වියයුතුයි

ආසාදන පාලනය පිළිබඳ විශේෂඥයෙක් ජනපතිට කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 27, 2020 - Updated on ඔක්තෝබර් 29, 2020
in සෞඛ්‍යය
මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා

මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා

Share on FacebookShare on Twitter
  • මෙවර වසංගතය පැතිරෙන වේගය වැඩියි !
  • මෙච්චර කල් දුන්නු සෞඛ්‍ය පනිවිඩවලින් වැඩක් වෙලා නෑ
  •   මිනිස්සුන්ට කියන්න ඕන හැකි තරම් නිවසේම ඉන්න කියල

ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන වර්තමාන කොවිඩ් රැල්ල පාලනයට නම් මෙතෙක් අනුගමනය කළ සියලුම වසංගත පාලන ක්‍රමවේද උඩු යටිකුරු කළයුතු බව මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා පවසයි. ආසාදන වැළැක්වීමේ විශේෂඥයකුද වන වෛද්‍ය කොතලාවල මේ පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ඇති වෛද්‍යවරයෙකි.

කොවිඩ් වසංගය සම්බන්ධයෙන් මේ වනවිට උද්ගතව පවතින තත්ත්වය හමුවේ කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිළි කරමින් ඔහු මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතද දීර්ඝ ලිපියක් යවා ඇති ඔහු ලංකාසර වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මෙසේ පළකරමු.

දැන් මේ අප මුහුණ දී සිටින්නේ කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලටද?

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

මේක දෙවන රැල්ලද කියන එක කියන එකට වඩා මා දකින්නේ මෙය වසංගතයේම එක් මුහුනුවරක් හැටියටයි. මොකද මෙම වසංගතයේ ස්වභාවයම එයයි. මෙම රෝගය ඉහළට යනවා එක පාරට අයෙමත් පහළට යනවා. මේ ආකාරයෙන් කිහිප වතාවක් වුණත් ගිහින් අඩුවෙලා යන්න පුළුවන්.

මේ රෝගය පැතිරෙන්නේ පුද්ගලයගෙන් පුද්ගලයන්ට. මෙය පැතිරෙන ආකාරය අනුව විවධ කණ්ඩායම් හැටියට තියනවා ඊට පස්සේ සමාජයට පැතිරනවා. එය පැතිරීමට අදාළ වන මේ හේතු සාධක සම්පූර්ණ වුණේ නැත්නම් එය යටයනවා. සමාජ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නැතිවුණාම යළි මතුවෙන්න පුළුවන්. මෙම රෝගය පැතිරෙන වේගය නිර්ණය කරන සාධක තියෙනවා.

උදාහරණයකට මෙම වසංගත රෝගීන් සංඛ්‍යාව දෙගුණ වීමට ගත වන කාලය වගේ දේ තුළින් අතට එක්තරා ගණිත මොඩලයකට අදාළව වසංගතයේ ස්වභාවය පිළිබඳව තීරණයකට එන්න පුළුවන්. කෙහොම වුණත් මේ වසංගතය පැතිරෙන වේගය අනුව ආකාර හතරක් තියෙනවා.

එක ආකාරයක් තමයි හෙමින් වැඩිවීම (Lag phase) .ඊට පස්සේ වර්ධනයක් නැතිව එක මට්ටමක පවතිනවා(Linear phase). ඊට පස්සේ කෙටි කාලයක් තුළ වේගයෙන් වැඩි වෙන තත්ත්වයක් දකින්න පුළුවන් (Exponential phase). ඊට පස්සේ යම් මට්ටමකට වැඩි වී එහි රැඳෙන්නට පුළුවන්’ (Staionary phase) ඊට පස්සේ අඩුවෙනවා.

දැන් තියන ප්‍රශ්නේ අපි ඉන්නේ මේ කෙටි කාලයක් තුළ වේගයෙන් රෝගීන් ගණන වැඩිවෙන තත්ත්වයක. බොහෝ රටවලට රෝගය පාලනය කර ගන්න බැරිවුණේ ඔවුන්ගේ හෙමින් වෛරසය පැතිරෙන වේගයට වඩා කෙටි කලක් තුළ වේගයෙන් වැඩිවන ස්වරූපය ඉක්මන් වීමයි.

ඔබේ මේ විග්‍රහය අනුව අපි දැන් ඉන්නේ කොතැනද?

අපි ඉන්නේ මේ කෙටි කලක් තුළ වේගයෙන් රෝගීන් වැඩිවන ස්වරූපයේ. මේ තත්ත්වය දිගටම වුණොත් අපට පාලනය කර ගන්න අමාරුයි.මෙය සමාජයේ පැතිරන මටට්මට එහා ගියොත් අපට මෙය වළක්වා ගන්න අමාරුයි. මෙතනින් එහාට තවදුරටත් මෙය පැතිරෙනවාද නැත්ද යන්න තීරණය කරන සාධක තියෙනවා.මේ සාධක පරිපූර්ණ වුණොත් ඉක්මනින් අපි අර්බුදයකට යනවා. අපි ඒ තත්ත්වය වළක්වා ගැනීමට ක්‍රියාකාරී විය යුතුයි.

රටක් ලෙස දැන් අපි අනුමගනය කරගෙන යන වැඩපිළිවෙළ තුළ මේ තත්ත්වය පාලනය කර ගත හැකිද?

මම කියන්නේ අපි කරගෙන යන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් වෙනසකට ලක් කළ යුතුයි. ක්‍රමය කියන්නේ මෙම රෝගය පාලනය කිරීමට වළක්වා ගැනීමේ ක්‍රමවේදය, රෝගය හඳුනා ගැනීමේ ක්‍රමවේදය, ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදය, මේ සියල්ල දැන් අප වෙනස් කළ යුතුමයි.

ඔබ යෝජනා කරන ඒ වෙනස්කම් මොනවාද?

අපේ රටේ රෝගය පැතිරුණු මුල් කාලයේ රෝගීන් හමුවුණේ හෙමින්. අනෙක ඔවුන් විසිරුණු ප්‍රදේශවල. ඒ දවස්වල තිබුණේ ප්‍රධාන පොකුරු හතරක් විතර සහ කුඩා ප්‍රමාණයේ පොකුරු 10ක් 15ක් පමණ. මෙය අපට පාලනය කර ගත හැකි මට්ටමක පැවතුණා. නමුත් දැන් තත්ත්වය වෙනස් දැන් අපිට හමුවෙන්නේ ලොකු පොකුරු. අනෙක මෙම අවස්ථාවේදී රෝගය පැතිරෙන වේගය වැඩියි.

අනෙක මුල් අවස්ථාවේදී රෝගය මතුවෙද්දී රට ලොක්ඩවුන් කළා. ඇඳිරි නීතිය රටටම දැම්මා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ මෙම වසංගතය අතරේ අප එවැනි ලොක්ඩවුන් කිරීමට යා යුතු නෑ කියල. හේතුව එයින් සිදුවන ආර්ථික හානිය තුළ තවදුරටත් ලෝකයේ රටවල්වලට පැවතෙන්න අමාරුයි. මේ නිසා අපට පෙර මෙන් අඩු සීමා තුළ විශාල පොකුරු පාලනය කරන්න සිදුවෙලා තිබෙනවා. එහිදී ඇත්තටම දැනට අප අනුමගනය කළ ක්‍රමය වෙනස් කරන්න වෙනවාමයි.

මුලින්ම කතා කරමු අපි රෝගීන් දැනටත් හඳුනා ගන්න ආකාරය. අපි මුල ඉඳන්ම කළේ රෝගීන් සහ ආශ්‍රිතයන් පී.සී.ආර් පරීක්ෂණයක් මඟින් හඳුනාගෙන ඔවුන් සෙසු සමාජයෙන් වෙන් කර අවශ්‍ය ආකාරය ප්‍රතිකාර ලබා දීම. මේ ක්‍රමය මුල් අවස්ථාවේ හොඳයි. හේතුව ඒ දවස්වල මොකද හමුවුණේ රෝගීන් කිහිප දෙනයි. නමුත් දැන් එහෙම නෙවෙයි. දවසට සිය ගණන් රෝගීන් පී.සී.ආර් පරීක්ෂණ මඟින් හඳුනා ගන්නවා. මේ තත්ත්වය තුළ ප්‍රායෝගිකව මුල ආකාරයෙන් ක්‍රියාත්මක වීමේ ගැටලුවක් තිබෙනවා. රෝහල් ඇඳන් ඉඩකඩ පිළිබඳව ප්‍රශ්නයක් එනවා. රෝගීන් සහ ආශ්‍රිතයන් පරීක්ෂා කරන කොට එක දවසකට පරීක්ෂණ 5000ක් 6000ක් පමණ කරන්න වෙනවා. මේ පරීක්ෂණ සංඛ්‍යාව විශාලයි.එහි සීමාවක් තිබෙනවා. එයින් වෙන්නේ පරීක්ෂා කිරීම් ප්‍රමාද වෙනවා. ඊට පස්සේ එහි ප්‍රතිඵල එන්න පමා වෙනවා. මේ පීසීආර් පරීක්ෂණ කරන කාලයත් එහි ප්‍රතිඵල එන කාලයත් අතර අදාල පුද්ගලයා සෙසු අය සමග ගැවසෙනවා. එයින් තව කෙනකුට ආසාදනය වෙන්න පුළුවන්.නමුත් අපට මුල් කාලයේ උපරිමව පැය 24ක් තුළ ප්‍රතිඵලය ආවා. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ හමුදාව මහජන පරීක්ෂකවරු අදාල පියවර ගත්තා. දැන් මේ විදිහට ආසාදිතයන් ධාරිතාව වැඩිවුණාම එහෙම කරන්න අමාරුයි.

නමුත් එහෙම කියල අපට තවත් පීසීආර් ප්‍රමාණය වැඩි කරන එක ලේසි නෑ. ඒ සඳහා සාපේක්ෂව ඉතා විශාල වියදමක් යනවා. අපි මෙහිදී බලන්න ඕන මේ පීසීආර් නැතිව රෝගය ඉක්මනින් හඳුනා ගැනීමේ වෙන ක්‍රම තිබෙනවද කියල.

ඔබ සඳහන් කළා මේ රෝගය වළක්වා ගැනීමේදීත් කළ දේ වෙනස් කරන්න වෙනවා කියල?

අපි අපේ මාධ්‍ය හැම දේකින්ම දුන්නු පපණිවිඩවලින් වැඩක් වෙලා තියෙනවාද? දෑත් සෝදන්න කීවා. මුව ආවරණ පළඳින්න කිවා. මීටරයක පරතරය තබා ගන්න කීවා වැඩක් වුණාද? මම හිතන්නේ ඒවා සාර්ථක වුනේ නෑ. එහෙම නම් අපි මේ සමාජය දැනුවත් කිරීම් රටාවත් වෙනස් වෙන්න ඕන.

ඔබ මොනවද මේ අංශයේ යෝජනා කරන වෙනස්කම්?

මම නම් කියන්නේ හැකි තරම් ගෙදර ඉන්න අත්‍යවශ්‍ය කරුණකට පමණක් එළියට යන්න. අසනීප නම් ගෙදර ඉන්න. රෝග හංගාගෙන ඉන්නේ නැතිව නොබියව මේ රෝගය ගැන කියන්න.ආදී පනිවිඩ ප්‍රමුඛ විය යුතුයි. තවම මදි. හැම ක්‍රියාවලියක්මට අධ්‍යාපනය, ඖෂධ ප්‍රතිකාර ලබා දීම වැළැක්වීමේ ක්‍රියාවලිය මේකට ප්‍රමාණවත් ද කියන එක.

මේ වනවිට නිරෝධායනය වන පුද්ගලයටන් නිවාසවලට ගොනු කිරීමක් සිදුවෙනවා?

ඔව්. නිරෝධායනය, වෙන් කිරීම වගේම පරීක්ෂා කිරීමේත් ක්‍රමය වෙනස් විය යුතුයි.

ඔබ කියන්නේ මේ ප්‍රධාන කරුණු තුන කොහොමද වෙනස් විය යුත්තේ?

දැන් කරන්නේ ආයතනගත නිරෝධායනයක්.ඒක සංතෘප්ත වීමට ඉතා ආසන්නයි. ඊළඟ අවස්ථාව කඩා වැටීම. නිරෝධායනය නිවෙස් සුපරීක්ෂාවක් යටතේ කළ හැකියි. මේ සඳහා හොඳ යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඊට ස්වේච්ඡා සේවකයන් සෞඛ්‍ය සේවකයන් සම්බන්ධ කර ගත යුතුයි. ඊට අමතරව අසල්වාසීන්ට නිරීක්ෂණ මට්ටමින් සහභාගී විය හැකියි. නිරෝධායනය වන පුද්ගලයන්ගේ ආර්ථිකය රැකියා සුබසාධනය වැනි දේ පිළිබඳව සොයා බැලීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඔවුන්ගේ ජීවන අවශ්‍යතා පිළිබඳව රජයට බැලිය හැකියි.

රෝගීන් නිවසක වෙනම තැබිය හැකි නම් අප කියන්නේ රෝගීන් ගෙදර තබා ගැනීම වැදගත්. වෛද්‍යවරුන්ගෙන් ගන්න තොරතුරු මත බැලුවාම සියයට 60ක් 65ක් පමණ ඉන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන පුද්ගලයන්. තවත් කාණ්ඩයක් ඉන්නවා රෝග ලක්ෂණ ඉතා සුලු වශයෙන් පෙන්වන පුද්ගලයන්. ඊළඟට සාමාන්‍ය පරිදි රෝග ලක්ෂණ‍ පෙන්වන කාණ්ඩයක් ඉන්නවා. රෝග ලක්ෂණ ටිකක් තදනින් පෙන්වන පිරිසක් ඉන්නවා ඒ වග්ම ආසාධ්‍ය පිරිසකුත් ඉන්නවා. අසාධ්‍ය කට්ටිය නම් බොහෝ අඩුයි. නමුත් රෝග ලක්ෂණ සුළුවෙන් සහ තදින් තිබෙන අය සාපෙක්ෂව වැඩියි. අද සිදුවෙන්නේ මෙම රෝගීන් සියලු දෙනාම අයතනගත කිරීම. විශේෂයෙන් රෝහල්ගත කිරීම. මේක දැනට අපට පාලනය කළ හැකි මට්ටමක තිබෙනවා. නමුත් තවත් රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් අපට එය පාලනය කිරීම අසීරු වෙනවා. මේ නිසා අප කළ යුත්තේ රෝග ලක්ෂණ පෙන්වන අය පමණක් රෝහල් ගත කර සෙසු ආසාදිතයන් වෙනම තැනක රඳවා තැබීමයි. මෙහිදී දැනට පවතින නිරෝධායන මධ්‍යස්ථාන මේ සඳහා භාවිත කළ හැකියි.

රෝගීන් අමාරු වෙනවා නම් රෝහල්ගත කළ යුතුයි. අද සිදුවෙන්නේ සියලුම රෝගී අසාදිතයන් රෝහල් ගත කරනවා.

අද සමාජයේ මතයක් තිබෙනවා අපේ පුද්ගලයන්ට සෙසු රටවලට සාපෙක්ෂව හොඳ ප්‍රතිශක්තියක් තිබෙනවා.අපේ මරණ අනුපතිකය දැඩි සත්කාරගත ව පිරිස අඩුවෙන්නේ ඒ නිසා කියල?

අපට තවම එහෙම විද්‍යාත්මකව නිගමනයකට එන්න තරම් සාධක නැහැ. මුල් කාලයේ රෝගය ව්‍යාප්ත වුණේ අඩුවෙන්.ඔවුන් සම්බන්ධයෙන් හොඳින් ප්‍රතිකාර කෙරුණා. නමුත් ඔබ කියන ආකාරයට මරණ අනුපාතිය අඩුයි කියන්න බැහැ. ඔබට මතක ඇති තියඩෝර් රූස්වෙල්ට් කියන ඇමෙරිකානු මගී නැවේත් හාර දහසකින් 1500කට පමණ මෙම රෝගය අසාදනය වුණා. ඔවුන්ගෙන් තුනෙන් දෙකකටම රෝග ලක්ෂණ පෙන්වුයේ නැහැ. රෝග ලක්ෂණ පෙන්නුවේ තුනෙන් එකයි. එයිනුත් මරණ සිදුවුණේ එකයි. ඒ අනුව බැලුවාම අපේ මරණ අනුපාතිකයට වඩා සාපේකෂව අඩුයි.

අපේ රටේ රෝගය තියෙන්නේ තරුණයන් සහ මැදි විය පුද්ගලයන් අතරේ . නමුත් වෙන රටවල වුණේ රෝගය රෝහල්වල වැඩිහිටි නිවාසවල පැතිර ගියා. නමුත් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මරණයට පත් වුණා. සාමාන්‍යෙයන් මේ වනවිට ලබා ඇති ලෝක අත්දැකීම තමයි වයස අවුරුදු 80ට වඩා අයට හැදුණොත් ඔවුන්ගෙන් සියයට 20ක් මිය යනවා. අවුරුදු 60ට වැඩි අයට වැලඳුණහොත් සියයට 12ක් 13ක් පමණ මිය යනවා.

ඔබ කියනවා පරීක්ෂණත් වෙනස් වෙන්න ඕන කියල ?

ඔව්. පී.සී.ආර් පරීක්ෂණය දැනට රෝගය හඳුනා ගන් තිබෙන ඉතාම හොඳ විදිහක්. ඒ ගැන සැකයක් නෑ. නමුත් මෙම පී.සී.ආර් පරීක්ෂණය ඇතැම් අවස්ථාවලදී කොවිඩ් වයිරස ආසාදනය හඳුනා ගැනීමට හොඳ වැඩියි . මොකද මෙම පී.සී.ආර් පරීක්ෂණයේදී සිදුවෙන්නේ වයිරසය තුළ තිබෙන අර්.එන්.ඒ නම් ප්‍රවේණික දුව්‍ය සහ මිනිස් සිරුර තුළ පවතින ප්‍රෝටීන සමඟ සම්බන්ධ වුණු අර්.එන්.ඒ පරීක්ෂා කිරීමයි. මෙම පී.සීආර් පරීක්ෂණයේදී අපි පොසිටිව් කියල කියන්නේ මෙම ආර් එන්ඒ ආකාර දෙකම දෙකෙන් එකක් පරීක්ෂණය හරහා තහවුරු කර ගැනීමයි. නමුත් ඇත්තටම ආසාදිත අයගේ තිබෙන්නේ ප්‍රෝටීන සමඟ බැඳුණු ආර්.එන්ඒ. එය පීසීආර් පරීක්ෂණයේදි වෙන් කර බලන්න බැහැ. ඒ සඳහා ඊට වඩා මිල අඩු ද්‍රව්‍ය යොදා පරීක්ෂා කිරීමේ පහසුකම් අපේ රටේ තිබෙනවා. නැතිනම් ලබා ගත යුතුයි. එයින් අදට සිදුවන පරීක්ෂණ සංඛ්‍යාව අඩු වියදමකින් වැඩි කළ හැකියි.

මෙවැනි වෙනස්කම් සිදුවිය යුතුයි කියල ඔබ දකිනවා . ඔබ මේවා සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ ආයතන සමග සාකච්ඡා නොකරන්නේ?

එවැනි තත්ත්වයකට පසුබිමක් පසුගිය කාලය තුළ තිබුණේ නැහැ. එයට විවිධ හේතු බලපාන්න ඇති. මගෙන් සමහරු අදහස් අරන් ගියාට ඒවා ඒ අයුරින්ම යෙදවුණු තැන් අඩුයි. මේ නිසාම මම ඊයේ ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් අප වහා අවධානය යොමු කළ යුතු තාක්ෂණික කරුණු අතුළත් ප්‍රධාන කරුණු අටක් අවධානයට ලක් කරමින් ලිපියක් යොමු කළා. මම බලාපොරොත්තු වෙනවා දැන්වත් ඒ ගැන අවධානය යොමු කරාවි කියල.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් ආසාදිතයන් 261 වාර්තා වෙයි.. අද දවසට 541යි… 499ක් සමාජයෙන්…

Next Post

සේතුපති…ප්‍රේක්ෂකයන් පිරිසක් නෝ බෝල් කියා කෑ ගසද්දි ඔබ තරගය අත් හැර දැම්මා..

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.