ලෝක අවධානයට ලක් වූ ශ්‍රී ලාංකික නවකතා කරුවෙක්වන අනුක් අරුද්ප්‍රකාශ් ගේ “A Passage North” කෘතිය 2021 බුකර් සම්මානය සඳහා නිර්දේශිත අවසන් කෘති 06 තුළට ඇතුළත් වී තිබේ.
පැට්‍රිසියා ලොක්වුඩ් ගේ “No One Is Talking About This” කෘතිය, ඩේමන් ගල්ගුට් ගේ “The Promise” කෘතිය, රිචාඩ් පවර්ස් ගේ “Bewilderment”, නදීෆා මෙහොමඩ් ගේ “The Fortune Men”, මැගී ෂිප්ස්ටඩ් ගේ “Great Circle” යන කෘති අනුක් අරුද්ප්‍රකාශ් ගේ “A Passage North” කෘතිය සමග නිර්දේශ වී තිබේ.
ඩේමන් ගල්ගුට්ගේ කෘතියක් බුකර් සම්මානයේ අවසන් වටයට තේරෙන්නේ තුන්වන වරටය. රිචඩ් පවර්ස්ගේ කෘතියක් බුකර් අවසන් වටයට තේරෙන්නේ දෙවැනි වරටය.
නොවැම්බර් 3 දා ලනඩන් නුවර “බීබීසී රේඩියෝ තියටර්“ හි පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී විනිසුරුවන් ජයග්‍රාහී කෘතිය නම් කිරීමට නියමිතය.
“A Passage North“ අනුක් අරුද්ප්‍රගාසම් ගේ දෙවන නවකතාවය. ඔහුගේ ප්‍රථම නවකතාව වූ “The Story of a Brief Marriage,“ දකුණු ආසියානු සාහිත්‍යය සඳහා DSC සම්මානයෙන් පිදුම් ලැබුවේය. එමෙන්ම එම කෘතිය ඩිලාන් තෝමස් සම්මානය සඳහා නිර්දේශ විය.
කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන ඇති අරුද්ප්‍රගාසම් එක්සත් ජනපදයේ දී දර්ශනය විෂය හදාරා ඇත.
ඔහු මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ මව්වරුන් සහ දියණියන් පිළිබඳ අලුත් නවකතාවක් ලියමින් සිටී.