බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

විජේ සේතුපති 800 චිත්‍රපයේ මුරලිගේ චරිතයෙන් ඉවත් වුණේ ඇයි?

by editor
ඔක්තෝබර් 24, 2020 - Updated on ඔක්තෝබර් 25, 2020
in කලා
Actor Navdeep, Co Founder C Space Along With Rakesh Rudravanka - CEO - C Space

Actor Navdeep, Co Founder C Space Along With Rakesh Rudravanka - CEO - C Space

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

  • මුරලිට රඟපෑවොත් සේතුපතිගේ දුව දූෂණය කරන බව කියා තර්නය කළේ ලංකාවෙ ඉඳන්
  • සයිබර් අපරාධ යටතේ විශේෂ විමර්ශයනයක් කරන්න චෙන්නයි පොලිසිය ලංකාවෙන් ආධාර ඉල්ලලා…
  • ජනතා උසි ගැන්වීම පසුපස සේතුපතිව අභියෝගයක් වූ තමිල්නාඩු නළු නිළියොත් ඉන්නවා…
  • කොටි හිතවාදී දේශපාලකයො මුල ඉඳන් මුරලිට එරෙහි විරෝධයක…
  • මම හින්දා වෘත්තීය ජීවිතේ විනාශ කරගන්න එපා… මුරලි විජේ සේතුතිට කියපු නිසා ඔහු ඉවත් වෙලා…

දෙමළ සිනමාවට නැඟෙන මුරලිදරන්ගේ ජීවිත කතාවේ රඟපෑමෙන් විජේ සේතුපති ඉවත්වූවත් මතුවූ උණුසුම තමිල්නාඩුවේ තවම පහවී ගොස් නැත. මේ විශිෂ්ට චරිතාංග නළුවා චිත්‍රපටයෙන් ඉවත්වූත් එහි වැඩ කටයුතු නතර කිරීමට නිෂ්පාදකයන් තීරණය කර නොමැති හෙයින් ගිනි යට අළු පුපුරු සැඟවී ඇති සේ එය නැවත නැවතත් ඇවිලෙනු ඇත. තමිල්නාඩුවේ දේශපාලන ස්වභාවය එවැන්නකි.

චෙන්නායි බෑණාට ඥාතීන්ගේ විරෝධය

Muththayiya-Muralidharan
මුත්තයියා මුරලිදරන්…

ලොවම ආදරය කරන, ජාත්‍යන්තර කීර්තියට පත් මුත්තයියා මුරලිදරන්ට විරුද්ධත්වය ප්‍රකාශ කරනුයේ තමිල්නාඩුවේ වෙසෙන ඔහුගේම ඥාතීන්ය. ප්‍රමාණයෙන් කෝටි සංඛ්‍යාත වූවද ඒ සියළුදෙනාම මුරලිගේ ඥාතින් වන්නේ ඔහු චෙන්නායි නුවරින් විවාහයක් සිදු කරගැනීම නිසා නොව ඔහුගේ සීයා තමිල්නාඩු ජාතිකයකු වීම නිසාය. තේවතුවල රැකියාව කිරිමට දකුණු ඉන්දීය දෙමළ ජාතිකයන් සමග 1920දී මහනුවරට පැමිණි  මුරලිගේ සීයා පෙරියසාමි සින්නසාමි පසුකලෙක තම නිජබිම වූ තිරුච්චිවල අවසන් කාලය ගත කිරීමට නැවත තමිල්නාඩුවට ගියත් ගමනට එක්වූයේ ඔහුගේ දියණියන් පමණි. මුරලිගේ පියා මුත්තයියා සින්නසාමි ඇතුළු පෙරියසාමිගේ පුතුන් කන්ද උඩරටම පදිංචි වීමෙන් මුත්තයියා මුරලිදරන් නමැති ලෝක ප්‍රකට ශ්‍රී ලාංකිකයා බිහි වීය.  

අනිත් අතට මුරලි ද්විත්ව පුරවැසියෙකි. ඔහුට ඉන්දියාවට යෑමට වීසා අවශ්‍ය නැත. ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද පුරවැසිභාවය හිමිය. ඔහුට ඉන්දියාවේ විදෙස් පුරවැසිභාවය (Overseas Citizenship of India – OCI) හිමිවූයේ  සීයාගේ ඉන්දීය සම්භවය නිසාවෙනි. ඒ අතින් බැලූ විට තමිල්නාඩුවේ ජනතාව එරෙහිව යන්නේ ඔවුන්ගේම පුරවැසියකුටය. මුලදි කවුරුත් කටපුරා ආඩම්බරයෙන් ‘චෙන්නායි බෑණා‘ යැයි කී මුරලිට එරෙහිවය. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තමිල්නාඩු වැසියන් උසිගැන්වූ හැටි

තමිල්නාඩුවේ ජනතාව මුරලිට එරෙහිව උද්ඝෝෂණය කරනුයේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීම නිසාම නොව පසුගිය වසරේ මෙරට ජනාධිපතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කරමින් සිටියදී කරනු ලැබු එක්තරා ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලැබීම නිසාය. එය ඉස්මතු කොට පෙන්වීමෙන් මුරලිගේ තමිල්නාඩු ගරුත්වය විනාශ කරනු ලැබුවේද තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයන් විසිනි. විරෝධතා රැල්ල නිර්මාණය කළේ ඔවුහුය. 

ඊට දෙමළ සිනමාවේ බොහෝ නළු නිළියන් ද උඩගෙඩි දුන් අතර, ඉන් වැඩි පිරිසක් සේතුපතිගේ  රංගනයේ අභියෝගයට හසුවී පසුබෑමට ලක්වූ නළුවෝ වෙති.  කුහකත්වය එතැනින්ම පැහැදිලිය. ශ්‍රී ලංකාවේ මෙන්ම තමිල්නාඩු සිනමාවේදී ද එලෙසය. එකාට එකා නැත. 

සේතුපතිට මුරලි දුන් අවවාදය

විජේ සේතුපති මුරලි ලෙස…

සැබැවින්ම මුරලිගේ භූමිකාව රඟ දැක්වීමට ලැබීමෙන් සේතුපති පසූවූයේ නොමඳ ආශ්වාදයකිනි. චරිතයට අන්තිම සාධාරණය ඉෂ්ට කිරීමටත් ඔහු සැදෑ පැහැදී සිටියේය. ඔහුම කියන පරිදි ක්‍රිකට් ක්‍රීඩාව ඔහුට පෙන්නන්නට බැරි ක්‍රීඩාවකි. කුඩා වියේ වුවද ඔහු ක්‍රිකට් තරග නැරඹුවේ නැත. 

‘මේ කතාව මම මුරලි සර්ට කිව්වා. ඒත් මුරලි සර් එකපාරටම කිව්වේ ඒක තමයි මගේ චරිතය රඟපාන්න ඔයාට තියෙන ලොකුම සුදුසුකම කියලා.‘ 800 සිනමා නිර්මාණයට ගිවිසුම් අත්සන් කිරිමේ අවස්ථාවේදී සේතුපති කීවේ මුරලි පිළිබඳ උපන් අසීමිත ගෞරවයෙනි. 

අපිට ඇත්තටම පෙනෙන්නේ පන්දුව මුරලිගේ අතින් දඟ කැවී ගිලිහෙන හැටි විතරයි. ඒත් ඒක සිද්ධ වෙන්නේ ඔහුගේ ආත්මය තුලින්.  හැමෝම මුරලි ගැන දන්නේ පන්දු යවන්නෙක් විදිහට විතරයි. මට අවශ්‍ය කරන්නේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා තුළ සිටින පුද්ගලයාගේ චරිතය නිරූපනය කිරීමයි.‘

නමුත් මුරලිගේ භූමිකාවට පණ පෙවීමට සිහින මැවූ විජේ සේතුපතිට අවසානයේදී ඉන් ඉවත්වීමට සිදුවිය. තමිල්නාඩුව පුරා පැතිර ගිය මුරලි – සේතුපති විරෝධය ඊට ප්‍රබලතම  සාධකය වූවත් දෙලොවක් අතර සිටි සේතුපති ඉන් ඉවත්වූයේ මුරලිගෙන් උපදෙස් ලැබීමෙන් පසුවය.

‘ඉහළ තලයේ මෙවැනි නළුවකුගේ ජීවිතය මම නිසා අවදානමකට වැටෙනවාට මම කැමැති නෑ. ඒ නිසා මේ චිත්‍රපටයෙන් ඉවත් වන්නැයි මම ඉල්ලා සිටිනවා. නළුවකු ලෙස බොහෝ දුරට යාමට සිටින විජේ සේතුපතිට මෙවැනි බාධක හෝ ගැටලු නොතිබිය යුතුයි.‘ මුරලිදරන් දෙමළ බසින් යොමු කරනු ලැබූ එම ලිපිය සේතුපතිගේ ‘ට්විටර්‘ ගිණුමේ ද පළ විය. 

චිත්‍රපටයේ සැලසුම 

දෙමළ බසින් නිර්මාණය වූවත් 800 සිනමා නිර්මාණය තෙළිඟු, මලයාලම්, කන්නඩ, හින්දි, බෙන්ගාලි සහ සිංහල බසින් දෙබස් කවා ප්‍රදර්ශනය කිරිමටත් සැලසුම් කර තිබුණු අතර ශ්‍රී ලංකාව කේන්ද්‍ර  කරමින් එහි රූගත කිරීම් සිදු කිරීමට නියමිත විය.  ලබන වසරේ මුල් භාගයේදී රූගත කිරීම් ඇරැඹීමට කටයුතු යොදා මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව තෝරාගෙන තිබිණි. 

‘ද ලන්ච් බොක්ස්‘ වැනි විශිෂ්ට නිර්මාණ තිරයට ගෙනා ඩාර් මෝෂන් පික්චර්ස් නිෂ්පාදක සමාගම සමග මූවි ට්‍රේන් මෝෂන් පික්චර්ස් සමාගම එක්ව 800ට මුදල් ආයෝජනය කරන අතර, මූවි ට්‍රේන් නිෂ්පාදන සමාගම මැතකදී ආරම්භ කරනු ලැබුවේ මුරලිදරන්ගේ සහාය ඇතිවය. සන් ටීවී සමාගමේ හා ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ලබන අයිපීඑල් කණ්ඩායමක් වන සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී කේ. ෂන්මුගම් මූවි ට්‍රේන් නිෂ්පාදන සමාගම ප්‍රධානියා ද වේ. 

මුරලිගේ සමීපතම හිතවතකු වන ‘කනිමෝසි‘ චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් එම්.එස්. ශ්‍රීපති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන අතර තිර රචනයටද ඔහුගේ දායකත්වය ලැබී තිබේ. වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ තමිල්නාඩුව කෝප ගැන්වූ 800 නිර්මාණයේ තිර රචනය ශ්‍රී ලාංකිකයකුගේ වීමය. ඔහු මෙරට ඉංග්‍රීසි සාහිත්‍යධරයකු වන ශෙහාන් කරුණාතිලකය. 2016 දී පොදු රාජ්‍ය මණ්ඩලයීය සාහිත්‍ය සම්මානය හිමිවූයේ ඔහු විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew කෘතියටය.

කවුද මේ විජේ සේතුපති

විජේ සේතුපති

මෑත කාලයේ දෙමළ සිනමාවේ වඩාත්ම සාර්ථක නළුවා බවට අවිවාදිත විජේ සේතුපති මුරලිගේ භූමිකාව රඟ දැක්වීමට එක්වූවා නම් එම චිත්‍රපටයේ සාර්ථකත්වය වඩාත් තීව්‍ර වනු ඇතැයි මැදහත් විචාරකයන්ගේ අදහස විය. කලක් ගිණුම් ලිපිකරුවකු ලෙස ඩුබායි නුවර රැකියාවේ නිරතව සිටි සේතුපති නැවත තමිල්නාඩුවට පැමිණියේ කළකිරීමට පත්වීමෙනි.

 ඔහු නළුවකු වන්නේ අහම්බයෙනි. මුලදී සුළු චරිත රඟපෑ ඔහුට ප්‍රධාන චරිතයකට අවස්ථාවක ලැබුණේ 2010දීය. ගතවූ දශකයේදී ඔහු දෙමළ සිනමාවේ ආධිපත්‍යය පතුරුවාලමින් විශිෂ්ට චරිතාංග නළුවකු ලෙස පෙරමුණට පැමිණ සිටී. මේ වසරේ පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම දෙමළ නළුවා ලෙස ඔහු සම්මානයට පාත්‍ර වූයේ ‘96‘ චිත්‍රපටයේ රඟපෑමෙනි. ඊට පෙර 2018දීත් ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබීය. එවර එම සම්මානය ඔහුට හිමිවූයේ මෑත ඉතිහාසයේ පාතල ලෝකය කේන්ද්‍ර කරගත් විශිෂ්ටතම දෙමළ සිනමා නිර්මාණය ලෙස සැළකෙන ‘වික්‍රම් වේදා‘ චිත්‍රපටයේ වේදා නමැති පාතාල නායකයාගේ භූමිකාව රඟපෑමෙනි. ඉන්දීය රුපියල් මිලියන 110ක් වැය කරමින් 2017දී නිර්මාණය වූ මේ චිත්‍රපටයේ ආදායම මිලියන 600 ද ඉක්මවා ගියේය. 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නැඟීමේ වගකීම හා යුතුකම ඇත්තේ ශ්‍රී ලාංකිකයන් අතය. වානිජ පරමාර්ථය මත තමිල්නාඩු සිනමාවේ එය නිර්මාණය වීමේ පසුබිම සකස් වූවත් සැබැවින්ම මුරලි අයිති ශ්‍රී ලංකාවටය. නමුත් එවැන්නකට ශ්‍රී ලාංකේය සිනමාකරුවන්ගේ අවධානය යොමුනොවීම ගැටලු සහගතය. 

දුව දූෂණය කරන බවට  ලංකාවෙන් තර්ජන

මුරලිගේ චිත්‍රපටයේ රඟපෑමෙන් ඉවත්වෙන ලෙස සමාජ වෙබ් අඩවි මගින් විජේ සේතුපතිට විරෝධය පා තර්ජනය කළ පුද්ගලයන් අතර එම චිත්‍රපටයේ රඟපෑමෙන් ඉවත් නොවන්නේ නම් දියණිය දූෂණය කරන බවට සේතුපතිට තර්ජනය කරමින් යොමු කළ සටහනක් ද තිබිණි. 

ඒ සම්බන්ධව මේ වනවිට චෙන්නායි පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ. කනගාටුවට කරුණ නම් එම තර්ජනය සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ අයි.පී. ලිපිනයකින් වීමය. එය (IP address) මෙරට එක්තරා නගරයක් කේන්ද්‍ර කරගත් අන්තර්ජාල ලිපිනයක් බව සොයා ගෙන තිබීමය. 

එය පසුගිය 20 වැනිදා රාත්‍රී 11.30 දක්වා සක්‍රීයව පැවැති අයි.පී.ලිපිනයකි. සයිබර් අපරාධ ගනයට වැටෙන මෙම සිදුවීමට අදාළ පුද්ගලයා මෙරට රජයේ ද සහාය ඇතිව සොයා ගැනීමට චෙන්නායි පොලිස් නිලධාරීන් බලාපොරොත්තු වෙයි.  

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හමුවන්න විපක්ෂ නායක අභයාරාමයට යයි

Next Post

කොළඹ තවත් පොලිස් වසම් 05කට නිරෝධායන ඇඳිරි නීතිය

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.