සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

විජය පැරදුන මහර අතුරු මැතිවරණය ගැන රවීන්ද්‍ර රන්දෙණිය කියන කතාව…

by editor
පෙබරවාරි 16, 2021
in කලා
Share on FacebookShare on Twitter

හරියටම මීට අවුරුදු 33 පෙර විජය මරා දැම්මේය.

1988 පෙබරවාරි 16 දා ඔහු මරා දැමූ පුවත ඇසුනු මොහොත මතකය.  මේ මනුෂ්‍යයාට මේ රට මොනතරම් ආදරය කළේ දැයි වැටහුනේ එදින රටම මල ගෙයක් වූ බව සිහි වනවිටය.

විජය මරා දැමූ  වගකීම පැටවුණු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය  පිළිබඳ පිළිකුල් සහගත කළකිරීක් මේ රටේ මිනිස්සුන්  තුළ ඇති කළ ප්‍රධානම සිදුවීම  මේ ඝාතනය බව විශ්වාස කරමි.  ඒ වනවිට එම සංවිධානය විසින් නිර්මාණය කරගෙන පැමිණි ඝාතන රැල්ල සම්බන්ධව උපන් කම්පනය  යම් පමණකට දරාගෙන සිටි සමාජය විජය ඝාතනයත් සමග හිරි වැටී ගිය ආකරය  මතකය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දැක්ම සම්බන්ධව බරපතල ප්‍රශ්න කිරීමක්  ද සමග එදා සිදු වූ ප්‍රතික්ෂේප වීම  ඔවුන්  පක්ෂයක් ලෙස දියුණු ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රවේශයක් දක්වා  රූපාන්තරණය වුවත් වෙනස් වී නැත.     එමෙන්ම එදා   භීෂණකාරී ම්ලෙච්ඡ මර්ධනයක් මුදා හැර  ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු අති බහුතරය සමූල ඝාතනය කරන්නට ප්‍රේමදාස ආණ්ඩුවට අවශ්‍ය එක් මූලික පදනම් සාධකයක් ඔවුන් විසින්ම විජය ඝාතනය කර නිර්මාණය කර දුන්නේ යැයි හැඟේ .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව මේ මිනී මැරුම පසුපස හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් වූ රන්ජන් විජේරත්න හා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස වී යැයි මේ රටේ දේශපාලන විශ්ලේෂකයෝ  අදහස් කළහ.

එහෙත් කුමන්ත්‍රණ, ඝාතන,  කෙටවීම් සහිත මේ දේශපාලන කුණපය විසින් වෙන් නොකළ මනුෂ්‍යත්වය  ප්‍රකට වූ අවස්ථා විජයගේ ජීවිතයේම විය.  විජයගේ කළණ මිතුරා රවීන්ද්‍ර රන්දෙණිය ය.  රවීන්ද්‍ර සහ  විජය සිනමාව තුළත්  ස්වකීය ජීවිත ඇතුළේත් හැසිරුණේ  එක කුස ඔත්  සහෝදරයන් ලෙස එකිනෙකාට ගෞරව කරගනිමිනි.  එකිනෙකාව ආරක්ෂා කරගනිමිනි.

එහෙත්   ඔවුන් සිටියේ එක්නෙකට සපුරා වෙනස් දේශපාලන අන්ත දෙකකය.  සමාජවාදී වාමාංශික දේශපාලනයක් සිය ආකර්ෂණීය පෞරුෂයත් සමග විජය නිරත වී සිටියේය.  රවීන්ද්‍ර රන්දෙණිය එවැනිම පෞරුෂවත් කලා කරුවෙකි. ඔහු නියෝජන කළේ   ලිබරල් දේශපාලනයක් කළ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මතවාදය ය. මේ දෙදෙනාම ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි සමාජ ක්‍රියාකාරීහු වූහ.  එහෙත් ඔවුන් දෙදෙනා අතර දේශපාලනය  සම්බන්ධ වචන මාත්‍රයකින් හෝ රිදවීමක් ඇති වී නොතිබිණි.

වරෙක රවීන්ද්‍ර රන්දෙණිය ඒ අතීතය මෙසේ සිහිපත් කළේය.

රවීන්ද්‍ර රන්දෙණිය

ඒ 1982 හෝ 1983 අවුරුද්ද.. විජය දේශපාලනයට අවතීර්ණ වෙච්චි කාලෙ. ඔහු මේ වකවානුවේ මහර ආසනයට චන්දය  ඉලන්න හදනවා.  විශාල ජන බලයක් අති මහත් ප්‍රසාදයක් එක්ක. ඒ වනවිට  එජාපය මේ රටේ දැවැන්තම බලයක් සහිතව ස්ථාපිත වෙච්චි කාළෙ.   මහර ආසනය සඳහා තිබුණෙ අතුරු මැතිවරණයක්. ආසන 18ක් සඳහා අතුරු මැතිවරණයක් තිබ්බා.

මේ වනවිට විජය මතුකළ දේශපාලන ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂයත් යම් තිගැස්මක හිටියෙ. ඔවුන්ට අවශ්‍ය වුණා විජයව උපක්‍රමශීලීව පරාජය කරන්න. ඒ සඳහා තෝරා ගත්තේ මාව.  විවිධ දේශපාලකයෝ  යූඑන්පී එකෙන්  නොමිනේෂන් ගන්න පොරකනවා.  මේ අවස්ථාවෙදි   එජාපය මගෙන් තදින්ම ඉල්ලුව මහරට ඉල්ලන්න.

මේ නොකළ හැකි දෙයක් නැති බව කී බලගතු ජේආර්ගෙ රජය. ඔවුන් මට බල කර සිටිනවා රවී ඔයා ඉල්ලන්ම ඕන කියලා. විජය මගෙ සහෝදරයා.  මම දන්නවා මේ වැඩේ කරන්නෙ ඔහුව පරාජය කරන්න මාව යොදාගන්න බව. මට කවදාවත් ඒ වැඩේ කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. එතනින් එහාට එන්නේ දේශපාලන මඩ. විවේචන. ගර්හා. අපි අතරෙ කවදාවත් ඇති නොවුණ විසංවාදයක්. ඒ අපි දෙන්නගෙ අවශ්‍යතාවයට නෙමෙයි නේද කියන දේ මට ප්‍රබලව දැනෙන්න ගත්තා.

“ මුලින්ම මම කිව්වා කෙළින්ම කිව්වා මට බෑ කියලා.  ඒත් මේක ලේසියෙන්  බේරෙන්න බෑ. විජයට එරෙහිව මාව පාවිච්චි කරන්න  ඔවුන් හැම සැලසුමක්ම හදලා තිබුණා.“

අන්තිමට  මම ඔවුන්ගෙන් එක ඉල්ලීමක් කළා. විජය නාම යෝජනා දෙන්න කලින් මගෙ නාම යෝජනාව ඉදිරිපත් කරන්න. එතකොටවත් මට හිත හදාගන්න පුලුවන් කියලා.   එවකට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හර්ෂ අබේවර්ධන. ඒ වෙලාවෙ ජේ.ආර් මහත්තය හිටියෙ නුවරඑළියෙ. හර්ෂ    මේ යෝජනාවත් අරන් නුවරඑළිටය ගිහින්  ජනාධිපති ජේ.ආර් මුණගැහිලා කතා කළා.  ඒත් මගෙ යෝජනාවට ඔහු කැමති වුනේ නෑ. මෙහෙම කළොත් ලොකු ප්‍රශ්නයක් එනවා. අන්තිම මොහොතේ සුදුසුම කෙනා තෝරගනිමු කියන  තැන තමයි  ඔහු හිටියෙ. එහෙමනම් වෙන කෙනෙක්ව තෝරගන්න කියලා මම කාරුණිකව ඉල්ලුවා.

ඔන්න එක දවසක් මට සිරිකොතට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා.  මම ගියා. ගියාට පස්සේ දන්නේ.   මටකරගන්න දෙයක් නෑ. එන්න තියලා තියෙන්නෙ නොමිනේෂන් සයින් කරන්න.  මම නිරුත්තර වෙලා බලාගෙන හිටියෙ.  මම හිතන් හිටියා කවදාවත් විජයට විරුද්ධව ඉල්ලන්නෙ නෑ කියලා. රාජ්‍ය බලය මැර බලය යොදවලා ඔවුන් මාව දිනවයි.  ඊට පස්සේ මම කොහොමද මිනිහෙක් විදිහට විජය ගෙ මූණ බලන්නෙ.

මම ඔවුන්ට මෙහෙම කිව්වා.  මේක බැරෑරුම් තීරණයක්. මට අම්මගෙන් වයිෆ්ගෙන් අහලා තීරණයක් ගන්න ඕන. පැයක් දෙන්න… මම ගෙදර ගිහින් එන්නම් කියලා වාහනයට නැග්ගා. නැගලා පුලුවන් ඉක්මනින් ගෙදර ආවා.

ගෙදර ගිහින් ප්‍රීතිට කිව්වා සියලු බඩු ලෑස්ති කරගන්න කියලා. ගෙදර ෆෝන් එක ඩිස්කනෙක්ට් කළා.  ගෙදර වැහුවා. දුවට මාස දෙකයි. මම දෙන්න  අරන් ගිහින් ප්‍රීතිලගෙ රත්මලානෙ ගෙදර නැවැත්තුවා.  ඇහුවොත් කියන් යාලෙ ගියා කියලා කියලා මම ආවා.  ඉන්න තැන ප්‍රීතිටවත් කිව්වෙ නෑ. යාල කියන්නෙ ඒ දවස්වල වෙන රටකට යනවා වගේ. කිසිම පණිවිඩයක් දෙන්න විදිහක් නෑ යාලෙ ගියාම.  එහෙම කරලා    මම සුනිල් ආරියරත්න මහත්තයගෙ ගෙදර හැංගිලා හිටියා.

අවස්ථාව මග හැරියා. මට පක්ෂයෙන් විශාල චෝදනා ආවා. ප්‍රේමදාස මහත්තයා පස්සෙ මට හම්බවෙලා කිව්වා මම නැති අතරෙ ලොකු පිස්සුවක් නටලා කියලා ආරංචියි. මම රටේ හිටියනම් ඕව ඔය විදිහට වෙන්නෙ නෑ කියලා.  ඒ දවස් වෙනකොට ප්‍රේමදාස මහතත්යා හිටියෙ විදේශ සංචාරයක.

මහර චන්දෙන් විජය පැරදුනා.  මා තවම විශ්වාස කරනවා ඔහුව චන්ද මගඩි සියල්ලම දාලා පැරැද්දුවා කියලා.  මම ඒ අවස්ථාව අපේ සහෝරත්වය වෙනුවෙන්  ප්‍රතික්ෂේප කලා. දෛවය කියන්නෙ හරිම අපූරු දෙයක්.

ඊට අවුරුදු 18කට පස්සෙ මම මහර ආසනයය නියෝජන කරමින් චන්දෙ ඉල්ලා එ.ජා.පයෙන් පාර්ලිමේන්තුවට ආවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දඹුල්ලේ වැඩේ වෙනුවෙන් ඇමති බන්දුල සහ හිටපු ඇමති හර්ෂ දේශපාලන කඩුල්ලෙන් පනී

Next Post

දූපත් සංවර්ධන ව්‍යාපෘති චීනයට දී නැති ප්‍රශ්න ඇති කරගන්න එපා…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.