අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම විශිෂ්ඨයා ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරියෙන් සමු ගනී!

by editor
මැයි 30, 2024
in කලා
Share on FacebookShare on Twitter

පුරා දශක හතක් තිස්සේ සහෘද රස භාව ස්වර වර්ණයෙන් සැරසූ ශ්‍රි ලාංකක සංගීත කෂේත්‍රයේ සිටි විශිෂ්ට ජ්‍යෙෂ්ඨතම සංගීතඥයා වූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් අද (30) දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් සටහන් කර තබමු.

වයස අවුරුදු 17ක් පමණ වූ තරුණයකු ලෙස සිංහල චිත්‍රපටයක සංගීත අධ්‍යක්‍ෂණය සඳහා පිවිසි ෂෙල්ටන් ප්‍රේමරත්නයන් දේශීය සිනමාවේත්, කරළියේත් පෙරළි කළ සංගීත ලෝකයේ සුවිශේෂ චරිතයක්ව සිටියේය. අවුරුදු 17දී ඒ.පී.එම්. නූර් නම් ව්‍යපාරිකයා “ජීවිතයේ ප්‍රීතිය” නම් චිත්‍රපටය නිෂ්පාදනය කරද්දී සංගීත අධ්‍යක්‍ෂණය සඳහා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් තොරා ගත් ඉතිහාසය අවුරුදු 70ක් එපිටට දිවෙන්නකි.

ජෝතිරත්නගේ ෂෙල්ටන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වැනිදා කොළඹ කොටහේනේදී උපත ලැබීය. ඔහු මුලින්ම ඉගෙනීමට ගියේ කොටහේනේ සෙක්කු විදියේ කිතුණු ළදරු පාසලටය. ඉන්පසු හිල් වීදියේ මධ්‍ය මහා විද්‍යාලයට (අද හැඳින් වෙන්නේ කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලය )ටය.

ෂෙල්ටන්ගේ තාත්තා වූ සාදිරිස් මාස්ටර් ටවර් යුගයේ දක්‍ෂ ගායකයකු, සංගීතඥයකු මෙන්ම නළුවකු ලෙස ප්‍රකටව සිටියේය. 1910 වසරේ මෙරට සංගීත ක්‍ෂෙත්‍රයේ සංගීත සාජ්ජවල ප්‍රමුඛ සංගිත මාස්ටර්ලා අතර ප්‍රකටව සිටි රූපසිංහ මාස්ටර්, එඩී මාස්ටර්, ගවුස් මාස්ටර්, යු.ඩී. පෙරේරා මාස්ටර් අතර සාදිරිස් මාස්ටර්ද ප්‍රමුඛ චරිතයකි.

ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයේ සූරයකු වූ ෂෙල්ටන් කලක් හෝමාගම මධ්‍ය විද්‍යාලයේ ගුරු වෘත්තියේ යෙදී ඇත. 1952 වසරේ ‘හීන කුලය’ නාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසි ඔහු සසර දුක, සුරා සූදු අන්තුවා, සමදරා, මන්ත්‍රී හාමුදරුවෝ, ගුත්තිල මූසිල, සාරභූමි තිත්ත බත, පරෙවිය ආදී නාට්‍යවලද පසුකාලීනව තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, හොටබරි යුද්දෙ, හුනුවටයේ කතාව, ඩුංඩුං බෙරේ, කෝන්තරේ, තහංචි, ගමන, සෛලාසනය, චුලෝදර මහෝදර, නරියා සහ කේජු, ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ නාට්‍යවල සංගීතය මෙහෙයවීය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ෂෙල්ටන් විසින් නිර්මිති මියුරු ගුවන් විදුලි ගීත රැසක් ජනප්‍රිය වී ඇත. විජේරත්න වරකාගොඩ ගැයූ “හිරුපායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ”, මාලනී බුලත්සිංහල ගැයූ “සඳමඩලේ සිට”, අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” මේ ගීත අතර දිය දෝතකි. ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ මුදුන්මල්කඩ හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාවය. එහි එන මේ ගීතයන් ප්‍රේක්‍ෂක මනසින් කිසිදා බැහැර නොවනු ඇති.

“යුද්දෙට මම ගියා
ගෑනි ගෙදර තියා
මගේ යාළුවෝ මං එනතුරු
උන්දැ බලා ගනී නිරතුරු”
“සමුද්‍රදේවි” නාට්‍යයේ “ගෝවේ ගෑනු පරදායි” ගීතයද ෂෙල්ටන්ගේ නිර්මාණයකි.

ෂෙල්ටන් ප්‍රේමරත්න චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ සිරිසේන විමලවීරයන් 1957 වසරේ අධ්‍යක්‍ෂණය කළ “එකමත් එක රටක” චිත්‍රපටයෙනි. ඉන්පසු “මා ආලය කළ තරුණිය”, ගැහැනු ගැට, දස්කොන්, සිහින හතක්, තිසාහාමි (තිරගතවී නැත), හැංගි හොරා, බඩුත් එක්ක හොරු, කලණ මිතුරෝ, රොමියෝ ජුලියට් කතාවත්, හිතක පිපුණ මල්, මාහේනේ රීරි යකා, යලි ඉපිදේ, වීදුරු ගෙවල්, තිලක හා තිලකා, සිරිපාල හා රන්මැණිකා, එක් දවසක් රෑ, නිවෙන ගින්න, ආදර ගීතයක්, උණ්ඩය චිත්‍රපටවල සංගීතය අධ්‍යක්‍ෂණය කළ අතර ඒ චිත්‍රපට ආ ජනප්‍රිය ගීත අතර “ආලේ මිහිර පෙන්නා”, “රන්වළා තොටිල්ලේ”, නයනහාරි පෙම් කුමාරි”, “සෞම්‍ය පායා දිලෙන්නා”, “සුපුන් සඳක් නැගීලා”, “පුෂ්පමකරන්දය මාගේ”, “හංස රානි ආදරේ”, “අහසේ තරු ගණින්න වෙයිද දන්නේ නෑ”, ජීවිතේ යෞවන යාමේ”, “කලණ මිතුරු දහමයි”, “ දිනක යන මෙතැනින්”, “උපන් කාට වුණත්”, “මා හද වාවනු බෑ” වඩාත් කැපී පෙනෙයි.

ශ්‍රී ලාංකේය චිත්‍රපට ගීතාවලියේ වාර්තා තැබූ සංගීතඥයකු ලෙස ඔහු ප්‍රකටය. සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතය නිර්මාණය කළේ ඔහුය. විනාඩි 10ක කාලයක් තිරයේ දුටු ඒ තේමා ගීතය මහාචාර්ය තිස්ස කාරියවසම් රචනා කළ අතර එය ගැයුවේ නිහාල් ජයවර්ධන (චිත්‍රපට නළු ඩොමී ජයවර්ධනගේ පුතා) විසිනි. “හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්” නම් ඒ ගීතය එන්නේ ජී.ඩී.එල්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ “රෝමියෝ ජුලියට් කතාවක්” චිත්‍රපටයේය.

සිංහල චිත්‍රපටයකට ප්‍රථම ඉංග්‍රීසි ගීතය නිර්මාණය කළේ ඔහුය. ඒත් රෝමියෝජජ ජුලියට කතාවක් චිත්‍රපටය වෙනුවනි. එහි පද රචනය මර්සලීන් ජයකොඩි පියතුමාගේය. ගායනා කළේ සුනිල් ශාන්ත ය.

1959 වසරේ තිරගත වූ ‘දස්කොන්’ චිත්‍රපටයට ඔහු විසින් නිර්මාණය කළ සිංහල චිත්‍රපටියක් සඳහා ගායනා කළ ප්‍රථම ශාස්ත්‍රීය ගායනය ඇතුළත් වී ඇත. විනාඩි 6 1/2ක් දීර්ඝවූ මේ ගීතය “මාල්කෞන්ස්” රාගය ඇසුරෙන් නිර්මාණය වූ අතර එය ගායනා කළේ ෂෙල්ටන් හා සිසිර සේනාරත්නය.

හැටේ දශකයේ මැද භාගයේ අතිශයින්ම ජනප්‍රිය ගීත ඇතුළත් හින්දි චිත්‍රපටයක් වූ “දෝස්ති” ඇසුරෙන් 1970 නිපදවූ “කලණ මිතුරෝ” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූ ඔහු ඒ සඳහා ස්වතන්ත්‍ර ජනප්‍රිය ගීත කිහිපයක් නිර්මාණය කළේ හින්දි ගීතවලට අභියෝගයක් හැටියටය. වික්ටර් රත්නායක ගැයූ “කලණ මිතුරු දහමයි”, “දිනෙක යන මෙතැන් සිට නික්මී”, “මහමෙර සාගර”, “උපන් කාට වුණත්”, “භවෙන් භවය” මේ ගීතයි.

ෂෙල්ටන් තරම් සංගීත ලෝකයේ පර්යේෂණ කළ සංගීතඥයන් සිටියේ නම් දෙතුන් දෙනෙකි. “හුනුවටයේ කතාවේ” හි වැල්පාලමේ අවදානම අපට දනවමින් එය ඉදිරියට විකාශනය වී නියම ශ්‍රැතියට පැමිණ අවසන් වේ. “සමුද්‍ර දේවි” නාට්‍යයේ “ගෝවේ ගැහැනු පරාදයි” ගීතයේ අශ්වයාගේ හේෂාරාවය හා බුරුවාගේ හඬ ඔහු මතු කර ගත්තේ වයලීනයෙනි. හුනුවටයේ කතාවේ අකුණු හඬ ෂෙල්ටන් මතු කළේ පැරණි X – RAY තහඩුවක් දෙකට නමා කිසියම් රිද්මයකට පහළට ඉහළට වේගයෙන් හැසිරවීමෙනි. ඔහු වරක් එකදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව මිනිස් හඬ පමණක් භාවිතා කොට ඔහු Dred Voices ප්‍රසංගය 1976 ඉදිරිපත් කළේ සිය දෙනකුගේ හඬ වෘන්ද ගායනයක් ලෙසින් ඉදිරිපත් කරමිනි.

මෙම ප්‍රේමනීය සංගීතඥයා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි වී ශබ්දාගාරයක් පවත්වා ගෙනයමින් සංගීතය උගන්වමින් සිටින සිය පුතු සමග ජීවත් වූයේය.

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබීමට නියමිතය.

(පසුගියදා දිවි සැරියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රන්ජිත් කුමාරයන් මීට වසර හයකට පෙර ලංකාදීප පුවත්පතට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පිළිබඳ සැපයු ලිපියක් ඇසුරින් පසුබිම් තොරතුරු උපුටා ගැනුණි.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා යටතේ ඇති කළමනාකරණ සේවා කොමිසමේ ගොබ්බ තීන්දු පර්යන්ත රෝහල් පද්ධතිය විනාශ කරන අයුරු GMOA කියයි!

Next Post

රුසියානු යුද්ධයට මිනිස් ජාවාරම්කළ විදේශ රැකියා ආයතනයක හිමිකරු සහ කළමනාකරු යළිත් රිමාන්ඩ්!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.