කණාමැදිරි එළි අතර තරු පායනු අපේක්ෂා සහගතව බලාගෙන සිටියෙමු. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් ලංකාව ගැන සංවාදයක් ඇති කළ තරුවකි. ඇය ලංකාවේ ඉපිද දැන් කොලිවුඩය මෝහනය කරන්නීය.
ජැකොලයින් ලංකාවට වඩා දැන් ඉන්දියාවට සමීපය.
යොහානි ද සිල්වා මේ වනවිට ඉන්දියාව පමණක් නොවන ලෝකයම වසඟ කර ඇත්තීය. ඇයගේ මනරම් ගීතය ලෝකය වැළඳගත් ආකාරය ගැන අපි ආශ්වාදයෙන් යුතුව බලා සිටියෙමු. ඉන්දියාවේ ඇයගේ මැණිකේ මගේ හිතේ ගීතය රැළිපිට රැළි නගමින් තිබෙන්නේය. එවැනි අසිරියක් ලංකාවේ අප දුටු මුල්ම අවස්ථාව මෙයය.
මේ මනරම් තරු යුවල එකට මුණගැසුනේය. ඒ ඉන්දියාවේ දී ය. ලංකාව ලෝකයට ගෙන ගිය මේ ප්‍රභාමත් යෞවනියන්දෙපළගේ කෙළිලොල් සිනා රැළි මේ රටේ රසිකයන් තුළ අසීමිත ආශ්වාදයක් උපදවන බව අපි විශ්වාස කරමු.
තත්ත්වය බාල නොකොට තෝරා බේරා ගැනීමකින් යුතුව ඉදිරියටම යන්න.