බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඕක්ලන්ඩ් සරසවියෙන් එකට වෛද්‍ය උපාධිය ලබාගෙන නවසීලන්තයේ ආදරය දිනූ ශ්‍රී ලාංකික නිවුන් දූවරු….

Identical twins Sanumi and Sanuthi Ranasinghe have shared almost everything in life  from childhood dreams to hospital wards 

by editor
දෙසැම්බර් 13, 2025
in ජීවිතය
Share on FacebookShare on Twitter

නිවුන් දරු කැකුළු ලෝකයේ මහා චමත්කාරවලින් එකකි. ඒ දරු පැටවු සොබා දහමේ  රිද්මය අපූරු තානයකට රැගෙන එන්නේය. ඔවුන් එක්ව ලෝකය දිනාගත් කළ ඒ චමත්කාරය දැනෙන්නේ දේශ සීමා ඉක්මවා ගිය පුදුමාකාර ආශ්වාදයක් දනවමිනි.

පසුගිය 09 වැනිදා ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලය එවැනි ශ්‍රී ලාංකික දියණිවරු දෙදෙනෙක් ගැන සිය වෙබ් අඩවියේ අපූරු සටහනක් තබා තිබිණි. ඒ එකම මොහොතක මෙළොව එළිය දැක එකට හැදී වැඩී එකට ජීවිතය බෙදා ගත් සම නිවුන් දැරියන් දෙදෙනෙක් වශයෙන් ජීවිතය ගෙවා එකම දිනයක වෛද්‍යවරියන් ලෙස උපාධිය ලබාගෙන    ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ වයිපාපා ටෝමාටා රාවු  හි  වෙද්‍ය හා සෞඛ්‍ය වෛද්‍ය පීඨයෙන්  පිටවීමේ අසිරිය සම්බන්ධවය.

ජීවිතයේ අප්‍රමාණ කැපකිරීම් සහිතව කළ අධ්‍යාපන ගමනේ ස්වකීය සිහිනයට ලඟා වුන මේ යොවුන් නිවුන් වෛද්‍යවරියන් දෙදෙනා සනුමි රණසිංහ සහ සනුති රණසිංහය.

සනුමි සහ සනුති   ඔවුන්ගේ උපාධි ඇඳුමින් සැරසී විශාල මල් පොකුරු දරාගෙන විකසිත සිනාවෙන් යුතුව සිටිනා ඡායාරූප පෙළක් වෙබ් අඩවියේ පළ වී තිබිණි. ඔවුන්ගේ ආඩම්බරකාර පියා ලක්සිරි රණසිංහය. මව අයෝමි හේරත් රණසිංහය.  ඔවුන් ද සිය දියණියන් දෙදෙනා සමග ඡායාරූප පෙළෙහිය.

අයෝමි සහ ලක්සිරි දියණිවරුන් සමග…

ලක්සිරි නාවික ඉංජිනේරුවරයෙකි. අයෝමි සිය උසස් අධ්‍යාපනය අත්හැර දරුවන් දෙදෙනා වෙනුවෙන් කැපවු මවකි. මූලික අධ්‍යාපනය ලංකාවේදී ලැබීමෙන් පසු සනුමි සහ සනුති අම්මා සහ තාත්තා සමග නවසීලන්තයේ අයෝටෙරෝවා වෙත පදිංචියට පැමිණියහ. ඒ වනවිට දෙදෙනාට වයස අවුරුදු 10කි.  ඔවුන් දෙදෙනාගේ ජීවිතය එතැන් සිට ගෙවෙන්නේ නවසීලන්තයේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිය මවු රටින් ගැලවී වෙනත්ම පරිසරයක පැලවීම පහසු නැත. ඔවුන් සිය ගමන පහසුවෙන් පැමිණියා නොවේ.  ඕක්ලන්ඩ්හි උතුරු වෙරළේ පාසලේ  ජාතිවාදය පිළිබඳ ඉතා සීමිත අත්දැකීම් ඔවුන්ට තිබුණි. ඔවුහු ඒවා අත් වින්දහ.    අභියෝග  හමුවේ එන පීඩනය ඔවුන් දරාගෙන තිබුණේ එකිනෙකා සමග ජීවිතය බෙදා ගනිමිනි.

“අපට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය නොහැකි බවත් මට ඉහළ පන්ති සාමාර්ථයක් ලබා ගත   නොහැකි බවත් ගුරුවරයෙකු පැවසූ පාසලේ දිනයක් මට පැහැදිලිව මතකයි,” සනුමි කීවාය.  “ඒක හරිම අධෛර්යමත් කරවන සුළුයි, නමුත් මම හිතුවා, ‘මම ඒවා වැරදියි කියලා ඔප්පු කරන්නම්’ කියලා.“  ඔවුන් එය සිදුකර තිබිණි.

දියණිවරුන් දෙදෙන සිය අතීත මතක ගැන කළ ආවර්ජන ලිපියේ සටහන් කර තිබිණි. ඒවා ඔවුන් පෑනක් අතට ගෙන තැබූ මුල්ම සටහන් තෙක් දිව ගිය රසවත් කතාය.

“අපේ ගෙදර කොළඹ දුරකථන පොතක් තිබුණා, මම ඒකේ ‘ශල්‍ය වෛද්‍ය සනුමි’ කියලා ලිව්වා, ඊට පස්සේ…” සනුමිට කියන්නට ලැබුණේ නැත. සනුති කතා කළාය.

“මම ‘ශල්‍ය වෛද්‍ය සනුති’ කියලා ලිව්වා. මම මගේ පෑන අතට අරන් ලියූ පළමු දේවල් වලින් එකක් ඒක.”  අම්මා ඒ දුරකථන නාමාවලිය සහිත පොත දරුවන් උපාධිය ගත් දිනයේ සිය අත් බෑගයේ දමාගෙන රැගෙන විත් තිබිණි. දරුවන්ගේ හිත්වල හීන උපදින්නේ ඒ තරම් දුරිනි. එහෙත් ඒ සිහින වෙත යෑමට බොහෝ දෙනෙකුට ජීවිත පරිසරිය හැදෙන්නේ ඉතාම හෙමිනි. ඒ අතින් නම් සනුමි සහ සනුති  වාසනාවන්ත වී තිබිණි.

වසර 06ක දුෂ්කර වෛද්‍ය පුහුණුව ඔවුන් ලැබුවේ එකටය. සිය විශේෂිත විෂය වූ ප්ලාස්ටීක් සැත්කම් පිළිබඳ හැදෑරීමට මෙල්බර්න්වල සිටියේත් එකම රෝහලක එකටය.  මේ වසරේ  ඔවුන් දෙදෙනාම ලන්ඩනයේ හැමර්ස්මිත් රෝහලේ   සිය වැඩිදුර පුහුණුව ලබා තිබිණි.

“අපි මෙල්බර්න් වල ඉන්නකොට, අපි හැම සතියෙම මේ රෝහලත් කැම්පස් එකත්  අතර මාරු වෙමින් හිටියේ. එයාලට අපි දෙන්න වෙන් කරලා හඳුනා ගන්න බැරි වුනා. ඒ නිසා එයාලා හිතුවේ අපි දෙන්නම එක්කෙනෙක් කියලා,” සනුමි  කීවාය.

සනුති කතාව පටන් ගත්තාය. “ඉතින් එයාලා මගෙන් අහනවා… ‘පහුගිය සතියේ මම ඔයාට කිව්ව දේ මතකද?’. ඉතින් මම බලනවා මේ මොනවද කියන්නේ කියලා.  මම කියනවා ‘නෑ, මම එතන හිටියේ නැහැ. මට මතක නැහැ.’ කියලා.  ඉන් පසු ඇතිවන තත්ත්වය ගැන සනුති සිනාවෙමින් කතා කළාය.

මේ දෙදෙනාට මුහුණ දීමට සිදුවූ නරක අත්දැකීම වී තිබුණේ   නම්වල සහ ස්වරූපියේ ඇති අතිශය සමානත්වය හේතුවෙන් පරිපාලකයින් මුද්‍රණ දෝෂයක් ඇති බව උපකල්පනය කර දෙදෙනාටම එක් ලේඛනයක්  පමණක් ප්‍රතිඵළ ලෙස ඉදිරිපත් කිරීමය. එහිදී නැතිවූ ශ්‍රේණි සහ ඇගයීම් සමඟ කටයුතු කිරීමට දෙදෙනාටම සිදුවීමය.

සියලු අත්දැකීම් එක් කළ විට ලැබූ හොඳ අත් දැකීම් ප්‍රමාණය බෙහෙවින්ම ඉහළය. මේ දියණිවරුන් දෙදෙනා අද ඉහළින්ම පිපී ඇති මල් දෙකක් සේ සුවඳ විහිදුවමින් ඇත්තේය. ඒ අලංකාරය ලෝකයම දකිමින් සිටින්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

Next Post

NBRO දුවලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 135ක් තියාගෙන… විගණනය හෙළි කරයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.