අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

ඔට්ටුයි රනිල් රට ගොඩ දානවා!

by editor
ජූනි 6, 2022
in කොලම
colum
Share on FacebookShare on Twitter

“ඔට්ටුයි රනිල් රට ගොඩදානවා!”

මගේ මිතුරෙක් කීවේය.

රනිල් රට ගොඩදැම්මොත් යැයි සිතී මගේ ඇඟ කිලිපොළා ගියේය. මට මහා බියක් දැනෙන්නට විය.

“ඇත්තටම මිනිහා රට ගොඩදායි ද?”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මම තහවුරු කර ගැනීම සඳහා යළි විමසුවෙමි. එයා තනියම හෝ රට ගොඩ දැම්මොත් වෙන අබග්ගය ගැන මට සිතා ගැනීමටවත් නොහැකිය. එසේ වුවහොත් අපේ මේ ප්‍රීතිමත් ජීවන රටාව යකාට යනු ඇත.

“රනිල් කතා කරන හැටියට නම් රට ගොඩ නොයා බෑ. මේ තරම් විනිවිදභාවයකින් අවංකව ජනතාවට ඇත්ත කිව්ව නායකයෙක් මීට ඉස්සර කවදාවත් ඉඳලා තියෙනවද?”

මිතුරා මගෙන් ඇසීය.

“අම්මපා මිනිහා ඇත්ත කියාගෙන යන වේගෙට වෙලාවකට මටත් බය හිතෙනවා. ඔහොම ඇත්ත කියාගෙ කියාගෙන ගිහිල්ලා කොයි වෙලාවක හරි මිනිහා ගහපු ගේම් ටිකත් ජනතාවට කියලා දායිද කියල”

මම මිතුරා සමග එකඟ වුනෙමි.

“බලන්න රට ගොඩ එන්න ඉස්සෙල්ලා තවත් අගාධයට යනවා කියලා කියන්න තරම් අවංක වෙච්චි වෙන එක නායකයෙක්වත් මේ රටේ හිටියද?”

මිතුරා ආඩම්බරයෙන් ඇසීය.

“ඒක කියන්න නම් අගමැති වෙන්න ඕනේ නෑනේ. ඕක මටත් ඇස්වහගෙන කියන්න පුළුවන්. අනික ඉස්සෙල්ලා හිටපු අය අර අගාධෙට යන වේගය සීඝ්‍ර කරන්න දිවා රෑ වෙහෙස මහන්සිවෙලා වැඩ කරපු හින්දා   මිනිස්සුන්ට ඕවා කිය කිය ඉන්න වෙලාවක් තියෙන්නෙ නැතිව ඇති”

මම පෙරළා කීවෙමි.

“එතකොට ජූලි වෙනකොට පුද්ගලික ව්‍යාපාර වැහෙනවා. රස්සාවල් නැතිවෙනවා. වේලවල් දෙකයි ඊට පස්සේ කන්න වෙන්නෙ කියලා කියන එක ගැන මොකද කියන්නේ?”

මිතුරා නොමනාපෙන් ඇසුවේය.

“එහෙම කියලා මිනිස්සුන්ව හොඳටම බය කරලා, මිනිහා යාන්තමට හරි ගොඩදාලා දුන්නොත් කවුද ගොඩ? රටද? රනිල්ද?”

මම ඇසුවෙමි. මිතුරා කල්පනාවේ නිමග්න විය.

“බලනවා බැදුම්කර මගඩිය ඇදපු නන්දලාලුත් තවම වැඩනේ. ඉතිං රනිල් ආදර්ශමත් නායකයෙක් නෙමෙයිද?”

මිතුරා සිය තර්කය ස්ඵුට කරනු පිණිස කීය.

“රනිල් දැන් ආදර්ශෙ දෙන්න ලඟයි කියලා තමයි රට්ටු නම් කියන්නේ”

මිතුරා බණ්ඩක්කා සේ ලිස්සා ගියේය.

“ඒවුණාට හිතනවකෝ රනිල් අගමැති වුණු ගමන් ගිනිගත්ත රට නිවුණනේ. කොටින්ම ගෝල්ෆේස් අරගලේ පවා පිම්මක් පැන්නා. සංගක්කාර පවා පෝලිමේ ඉන්න ගත්තා”

මිතුරා කියවාගෙන ගියේය.

“සංගා නම් ජනාධිපතිවෙන පෝළිමෙත් ඉන්නවා කියලා කතාවක් තියනවනේ”

මිතුරා කුපිත කිරීමට සිතා කීවෙමි.

“එහෙම වුනොත් සංගටත් ඉතිං සංඝරත්නයේ පිහිට තමයි. පේනවනේ දේශපාලනේ තේරෙන්නෙ නැති හාදයෙකුට දීලා දැන් වෙලා තියෙන දේ. මේ රටේ ඉන්න කුපාඩි හැත්ත පාලනය කරන්න නම් ‘ලංකා දේශපාලන විශ්වවිද්‍යාලේ’ අවුරැදු දහයක් පහළොවක්වත් පාස්වෙවී ෆේල් වෙවී ඉන්න ඕන. නැත්තන් ඇවිත් මාස තුනෙන් එයත් ෆේල් මෙයත් ෆේල් වගේ කුප්ප කතා අහන්න වෙනවා”

මිතුරා සංගාව ලැයිස්තුවෙන් කපා දැම්මේය.

“දැන් එතකොට රනිල් රට ගොඩදායි කියලා තමුසෙට හොදටම විශ්වාසද?”

මම අවසන් වතාවටත් විනිශ්චය කර ගැනීම සඳහා ඇසුවෙමි.

“එක්කෝ අනේ මංදා. මහාවංශෙ වීරවංශෙ වගේ පච කතා ඇරැණම, ලංකාව ගොඩදාපු එකෙක් ගැන අපි කවදාවත් අහලා නෑ නේද?”

මම හිස වැනුවෙමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළු කුරුල්ලා 21ට කොටයි ද?… පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් පිළිබඳ අවසන් තීන්දුව වැට උඩ…

Next Post

සුලු මානසික ගැටලු ජීවිත ව්‍යසනයකින් කෙළවර වෙන්නට ඉඩ නොතබන්න… දැන් ඔවුන් සතුටින්….

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.