සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

අපි හොරුන්ට හොරුන් අපිට

by Lanka Sara Editor
අගෝස්තු 4, 2020
in කොලම
Share on FacebookShare on Twitter

මාධ්‍ය සහ තැන් තැන්වල පලවෙන කතා දැක්කම ඔබේ ප්‍රියතම අපේක්ෂකයාට ඡන්දය දෙන්න විටෙක ඔබටම ලැජ්ජා හිතෙනවා ඇති.

ඒවුණාට ඕනෑම බූරැවෙක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න දෙවරක් සිතන්න එපා. ඒ සදහා අපට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. (මක් නිසාද යත් අපෙත් වැඩි වෙනසක් නැති නිසා).

ලඟදී ජාත්‍යන්තර පර්යේෂණ වාර්තාවක් කියලා එකක් පල වුනා. ඒකෙ හැටියට බුද්ධිමත්ම මිනිසුන් ජීවත් වෙන රටවල් ශ්‍රේණිගත කිරීමෙන් ලංකාවට ලැබිලා තියෙන්නේ 136 වැනි තැන. මේක දැකපු මගේ බුද්ධිමත් මිතුරො නම් පරල වුනා. පච වාර්තාවක් කිව්වා. ඒවුනාට මෙහේ සිද්ධ වෙන සන්තෑසි දිහා බලන කොට නම් පුදුමෙකුත් නෑ. පුදුමෙ නම් අපිටත් පසු පසින් තව රටවල් අසූවක් ඉන්න එක. ඕනනම් ඒ ගැන හිතලා අපිට සතුටු වෙන්නත් පුලුවන්.

මේ වාර්තාව සත්‍ය නම් හෙට වෙන කොට බුද්ධි මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නංවා ගන්න අපිට මැජික් අරිෂ්ටයක් නෑනෙ. ඒ හින්දා අපේ බුද්ධි මට්ටමට සරිලන කවුරැන් හෝ තක්කඩියෙකුට බය නැතුව ඡන්දය දෙන්න අපිට සාධාරණ හේතුවක් තියෙනවා.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔබේ ප්‍රියතම අපේක්ෂකයාට කුඩු, එතනෝල් චෝදනා ඇතැයි කියා ලැජ්ජාවට පත් නොවන්න. මන්ද මේ කිසිවක් සම්පූර්ණයෙන් තුරන් කළ රටක් මෙලොව නැති නිසා. මතට ඇබ්බැහි වීම මත් ලෝලියාගේ දුර්වල කමක් මිස වෙ⁣ළෙන්දාගේ වැරැද්දක් නෙමෙයි. ඔවුන් බලෙන් මේවා අලෙවි නොකරන අතර ඉල්ලුමට සැපයුම දී කරන්නේ සමාජ සේවයක් බව ද අමතක නොකරන්න.

ඔබේ අපේක්ෂකයා අහිංසක පාතාලයෙක්, මිනීමරැවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, ළමා අපචාරකයෙක් වුනාට කම් නෑ. මොකද ඔබේ බිරිඳ ළමයි තාම යහතින් ඉන්නවනේ. උන්ට මුකුත් වෙනකන් අනිත් උන්ට මොක වුනත් ඒ ගැන කරදර වෙන්න එපා. අනුන්ගේ රෙද්දවල් ගැන කරදර නොවීම මහත්මා ගකියක්. අනික ඔය ඝාතනයට, අපහරණයට ලක් වුණා කියන උන්ගෙ චරිතෙත් හොද නැතුව ඇති.

මැරයො අපිට කොච්චර ආදරේද අපි මැරයොන්ට කොච්චර ආදරේද කියලා මෑතකදි සබරගමුවේ කළගුණ දත් ජනයා හෙළු ඒ උණු කඳුළු අපට මතක් කර දුන්නා. අනෙක මේ වගේ අමන කම් අනාගතයේ සිදුවීම වැලැක්වීමට නම් පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය සදහා මේවා පිළිබඳ පුද්ගලිකවම අත්දැකීම් තියෙන පිරිසක් සිටීමත් අත්‍යාවශ්‍යයිනේ.

ඔබ කැමතිම අපේක්ෂකයාට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇත්නම් අප නියෝජනය කිරීම සඳහා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු සුදුසුම පුද්ගලයා ඔහුයි. මේ රටේ ජනගහනය මිලියන විසි දෙකෙන් වැඩිමනක් ඉන්නෙ දූෂිත පුරවැසියන්. බස් එකේ, බැංකුවේ, රෝහලේ සහ පාසලේ දී නිරන්තරයෙන් අපිට අපවම මුණ ගැසේනවා. ඉතිං අපව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට දූෂිත නොවන අයෙකුට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. මිලියන විසි දෙකක් දූෂිතයන් පාලනය කිරීම සදහා හොදම දූෂිත නායකයන් දෙසීයයක් තෝරා ගමු.

අපේක්ෂකයින් මින් ඉහත දුන් පොරොන්දු කඩ කර තිබීම උන් හා උරණ වීමට කිසිදු සාධාරණ හේතුවක් නොවන බව ද කරැණාවෙන් සලකන්න. පොරොන්දු ඉටු නොකිරීම මනුස්ස ගතියක්. සමාව දීම දේව ගතියක්. අනික ඔබට⁣ මේ දේව වරය ලැබෙන්නේ මැතිවරණයක් දාට පමණය. එබැවින් දෙවියෙකු වීමට ඇති අගනා අවස්ථාව පැහැර නොහරින්න.

ජාති ආගම් භේද අවුලවන අපේක්ෂකයෝ රටට මහගු සම්පතක්. වාර්ගික ගැටළු තිබීම නිසා එම රටට ගැටුම් නිරාකරණය කිරීම සදහා විදේශීය විනිමය ගලා එනවා. ගැටුම් සමනය කරන එන්.ජී.ඕ.ත් පෝසත් වෙනවා. රැකියා අවස්ථා වැඩිවෙනවා. එබැවින් එවැන්නන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවේ සිටීම රටේ ආර්ථික දියුණුවට රැකුලක්. රටේ ආර්ථික නැංවීමට ඔබේ කතිරය ගහන්න. ඉතිං ඔබත් ජාතියක් අවුළුවා ජාතික වීරයෙක් වෙන්න.

අවසාන වශයෙන් ගත් විට ඡන්දය යනු මෙලෝ තෙරැමක් නැති මගුලක්. පසුගිය හැත්තෑ දෙවසර තුළ මහමැතිවරණ දුසිමක් තිබ්බත් හැදුණු රටක් නැති. අනෙක තව වසර පහකින් තවත් මැතිවරණයක් ඒවි. ඒ නිසා මෙවර වැරැද්දක් වුනොත් ඊළඟ වාරයේදී නිවැරදි කර ගන්න පුලුවනි. ඒ නිසා කරපු වැරදි නැවත කරන්න බය වෙන්න එපා.

එක්කො ඡන්දෙ දාන්නම යන්නෙ නැතුව, ඔබ කවදත් ආසා කරපු බතින් බුලතින් දහඩියෙන් ලෙයින් පිරැණු ඒ සිහින රාජ්‍ය බිහිකිරීමේ මහා පුණ්‍ය කර්මයට දායක වීමටත් ඔබට පුලුවන්.

හෙටින් බිහිවන නව ලෝකය ඔබේම නිර්මාණයක්. ඉතිං අනිද්දා සිට නහයෙන් නාඩන්න. හොදම හොරැන් තෝරා ඡන්දය දෙන්න.

Share69Tweet43
Previous Post

මුලතිව් කැලේ අක්කර 1000ක් කැපීමට ගිය රවිහරන් හමුදාවෙන් වළක්වයි

Next Post

මුලතිව් අපේක්ෂකයෙක් හොර ඡන්ද පත්‍රිකා බෙදලා

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.