අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ගල්අඟුරු ජාවාරමට තිත තැබීමට ලබන වසරේ සිට ප්‍රම්පාදන කොන්දේසි දැඩි වෙයි… නව ටෙන්ඩර් පටිපාටියක් සහ නව පරිවිතර හඳුන්වා දෙයි!

by editor
මැයි 31, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන වසරේ සිට මෙරටට ගල්අඟුරු ආනයනය කිරීම සඳහා අතිශය දැඩි සහ නව කොන්දේසි මාලාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු මෙරටට ගෙන ඒම මුළුමනින්ම වැළැක්වීමේ අරමුණින් නව ටෙන්ඩර් පටිපාටියට මෙම දැඩි පිරිවිතරයන් ඇතුළත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේය.

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය වෙනුවෙන්, මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග 25ක් මිලදී ගැනීම සඳහා වන නව ටෙන්ඩරය මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති බව අමාත්‍යවරයා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

මීට පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව ගල්අඟුරු සැපයුම්කරුවන් විසින්ම ලබා දෙනු ලබන වරාය වාර්තා (Load-port reports) මත පදනම්ව ගනුදෙනු සිදු වුවද, මින් ඉදිරියට ගල්අඟුරු පටවන වරායේදීම එහි තත්ත්වය, ගුණාත්මකභාවය සහ පැටවීමේ ක්‍රියාවලිය සනාථ කරන නිල වාර්තාව සෘජුවම ශ්‍රී ලංකාව විසින්ම ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම නව ටෙන්ඩර් කොන්දේසි යටතේ සුදුසුකම් ලැබීම සඳහා සැපයුම්කරුවන් විසින් ලොව වෙනත් රටවලට අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක් හෝ සැපයූ ඉතිහාසයක් සහ පළපුරුද්දක් පෙන්නුම් කළ යුතුය. දැනට පවතින ක්‍රමවේදය අනුව ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1ක සැපයුම් ඉතිහාසයක් පමණි.

මීට අමතරව, ඉදිරියේදී ආනයනය කරනු ලබන ගල්අඟුරු සඳහාවන දල තාප දායක අගය හෙවත් Gross Calorific Value (GCV) ප්‍රමාණය 5900 සිට 6000 දක්වා ඉහළ නැංවීමටද තීරණය කර ඇත. දල  තාප දායක අගය (GCV) ඉහළ මට්ටමක පැවතීම යනු ගල්අඟුරු ඒකක බරකින් නිපදවිය හැකි බලශක්ති ප්‍රමාණය ඉහළ යාමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණක් මිලදී ගැනීම වෙනුවට, විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා සුදුසුම සැපයුම්කරුවන් තෝරා ගැනීමට නව ක්‍රමවේදය මඟින් අවස්ථාව සැලසෙන බවත්, එමඟින් වෙළෙඳපොළ තුළ වැඩි තරගකාරීත්වයක් ඇති වී රටට උපරිම වාසිදායක මිලක් සහ තත්ත්වයක් තෝරාගත හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර හදිසි සැපයුම් ලෙස මිලදී ගන්නා ලද ගල්අඟුරු නැව් පහෙන් එකක අධික අළු ප්‍රමාණයක් (High ash content) අඩංගු බවට අනාවරණය වී තිබේ. ඒ අනුව අදාළ තොගය සැපයූ සමාගමට එරෙහිව දඩ පැනවීමට රජය තීරණය කර ඇත.

 

පසුගිය කාල වකවානුව තුළ බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු නැව් 18ක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 37ක දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුව ඇති බව පෙන්වා දෙන අමාත්‍ය අනුර කරුණාතිලක, එම පාඩුව පියවා ගැනීම සඳහා අදාළ සැපයුම්කරුවන්ට දැඩි දඩ මුදල් පනවා එම මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

Next Post

මීගොඩ අනතුර – දන්සල් පෝලිමේ සිටි 06ක් ඝාතනය කළ කැබ් රථයේ රියදුරා රිය පදවා ඇත්තේ අධික ලෙස බීමතින්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.