අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගොඩ අනතුර – දන්සල් පෝලිමේ සිටි 06ක් ඝාතනය කළ කැබ් රථයේ රියදුරා රිය පදවා ඇත්තේ අධික ලෙස බීමතින්!

by editor
ජූනි 1, 2026
in පුවත්
අනතුර සිදුකළ කැබ් රිය...

අනතුර සිදුකළ කැබ් රිය...

Share on FacebookShare on Twitter

හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ වෙසක් දන්සලක පෝලිමක සිටි බැතිමතුන් පිරිසක් යටකරමින් පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුර සිදුවන අවස්ථාවේදී, කැබ් රථයේ රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බව පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඊයේ (31) රාත්‍රියේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දන්සල් පෝලිමට කඩා වැදී ඇති අතර, අනතුර සිදු කිරීමෙන් පසු රියදුරා කැබ් රථය ද සමඟ එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

ගිනිඅවි පෙන්වා සැකකරු කොටුකරගත් හැටි

අනතුර සිදුකර අධික වේගයෙන් පලාගිය කැබ් රථය හඹාගිය පොලිස් කණ්ඩායම්, ගොඩගම හන්දියේදී මාර්ගය අවහිර කර සැකකරු වට කිරීමට කටයුතු කර තිබේ. එහිදී සැකකාර රියදුරු පොලිස් අණ නොතකා රථය ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී, එහි සිටි පොලිස් නිලධාරීන් ගිනිඅවි පෙන්වා (at gunpoint) ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අයගේ අනන්‍යතාවන්

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 13 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් 6 දෙනෙකු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පිරිස අතර වයස අවුරුදු 15, 32 සහ 56 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 35, 38 සහ 58 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වේ.

පොලිස් පරීක්ෂණවලට අනුව මියගිය අය අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අඹුසැමි යුවළ සහ සැමියාගේ මව ද (තිදෙනෙකු) වන අතර, අනෙක් පිරිස හංවැල්ල, පාදුක්ක සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු අනෙක් 7 දෙනා මේ වන විටත් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ගල්අඟුරු ජාවාරමට තිත තැබීමට ලබන වසරේ සිට ප්‍රම්පාදන කොන්දේසි දැඩි වෙයි… නව ටෙන්ඩර් පටිපාටියක් සහ නව පරිවිතර හඳුන්වා දෙයි!

Next Post

 14 හැවිරිදි දැරියක අපයෝජනය කළ එරගම මවුලයෙක්   රක්ෂිත බන්ධනාගාරයට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.