සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

S.D.I.G දේශබන්දුට බෙදන්න කියා ගල්කිස්ස පොලිස් ලොක්කා එකතු කළ බඩුමලු ඇමති නාමල් බෙදූ හැටි…

by editor
ජූනි 21, 2021
in පුවත්
Namai-Deshabandu
Share on FacebookShare on Twitter

කොවිඩ් නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් දෙසීය පනහකට ආසන්න සංඛ්‍යාවක් රැස්කර ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයාකොට අද උදේ ( 21) මොරටුව මහජන රථගාලෙහි සංවිධානය කර තිබූ දුගී පවුල්වලට බඩු මළු බෙදා දීමේ උත්සවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නම විකුණා ගල්කිස්ස පොලිස් ප්‍රධානියා විසින් ලකුණු රැස්කිරීම සඳහා කළ මගඩියක් දැයි පොලිසිය තුළම කසු කුසුවක් මතුවෙමින් තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 11කි. පෙරේදා (19) රාත්‍රියේ මෙම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට කොට්ටාසය භාර පොලිස් ප්‍රධානියාගෙන් විටින් විට ඇමතුම් ලැබිණි. ඒ ඇමතුම්වලින් කියැවුනේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඔහුගේ අතින්ම දුගී මනුෂ්‍යයන් වෙනුවෙන් බඩු මලු ප්‍රදානය කිරීමේ අභිප්‍රායක් ඇති බවය.

එබැවින් කොට්ඨාසයේ දුගී පවුල් 20ක් තෝරාගෙන ඔවුන් සඳහා රුපියල් තුන්දහසක් වටිනා බඩු මළු විස්සක් ලෑස්තිකරගෙන බඩු මළු හා මේ පුද්ගලයන් බස් රථයක පටවා ස්ථානාධිපතිවරයා සමග මොරටුව මහජන රථගාල වෙත වාර්තා කළ යුතු බවය.
එතැන උත්සවයක් සංවිධානය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලොකු මහත්තයා එතෙන්ට පැමිණ ඔහු අතින්ම මේ දුගී පිරිසට බඩුමළු බෙදා දෙනු ඇති බවත්ය.

බඩුමල්ලේ අන්තර්ගතයට අදාලවිය යුතු ලයිස්තුවක් සෑම පොලිසියකටම එවා තිබිණි. හැට දහසක බඩු දිනයක් තුළ එත් පොලිස් ස්ථානයකින් සෙවිය යුතු විය. පොලිස් ස්ථානාධිපතිවරුන්මේ ඉලක්කය ලබා දුන්නේ රථ වාහන අංශයට හා අපරාධ අංශයටය. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරු ප්‍රදේශයේ කුඩු කසිප්පු හා ගංජා කාරයන් සොයා ගියහ. රථ වාහන අංශයේ නිලධාරීහු පාරට බැස මනුස්සයෙක් දෙන්නෙක් මරා ගත්හ. දිනය තුළ බඩුමළු 20 බැගින් පොලිස් ස්ථාන 11න්ම ලෑස්ති කෙරිනි. ප්‍රවාහනය සපයා ගැනුණි.

අනතුරුව තෝරාගත් දුගී පවුල්වල සාමාජිකයන් සමග පොලිසියකින් නිලධාරීන් කිහිප දෙනෙක් බඩු මලුත් පටවාගෙන බස්රථවලින් මොරටුව නව රථ ගාල වෙත අද (21) උදෑසනම පිටත් වූහ. පොලිස් ස්ථානාධිපතිවරුත් ඒ සමග පැමිණියහ.
උත්සවය ඇරඹිනි. එහෙත් බඩු මලු බෙදන්නට එන බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආවේ නැත. පැමිණියේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂය.

ඇමති නාමල් රාජපක්ෂ බඩු බෙදා දී යන්නට ගියේය. සිදුවූයේ කුමක් දැයි වටහාගත නොහැකිව ගල්කිස්සේ පොලිස් ස්ථානාධිපතිවරු තවමත් විපිලිසරවය.

ගල්කිස්ස පොලිස් ලොක්කා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුව වික්කා ද?, දේශබන්දු ඇමති නාමල්ට උත්සවයට එන්නට ඉඩහැර මග හැරියා ද, ඇමති නාමල් මෙතෙන්ට පැමිණ තිබුණේ කාගෙ ඇරයුමින් ද?. පොලිසියේ ඇත්තෝ මේ වනවිටත් සිද්ධිය ගැන කතා බහ කරමින් පසුවෙති.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඇමති චමල් රාජපක්ෂත් ඒක්ප්‍රස් පර්ල් නැවට හේත්තුවෙලා දැයි සැකයි”

Next Post

විෂබීජ නාශක, මුව ආවරණ ගන්නත් වැඩ වර්ජනය කරන්න වෙලා – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.