සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

by editor
ජූනි 19, 2026
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මිනිස්සුන්ට මිනිසුන් රැවටි හැකි ප්‍රමාණය මොනතරම්  බිහිසුණු දැයි යළිත් පෙනෙමින් ඇත. මානුෂීය බැඳීමක් නින්දිත දුර්දාන්තයක් දක්වා  මෙහෙයවා තමන් පිළිබඳ විශ්වාසය තැබූ ගැහැණිය වද විඳ මරණයට පත්වීමට සැලැස්වීමට හැකි මිනිස්සු මේ සමාජයේ වෙති. තෙල් දෙණියේ දී අනාවරණය වන්නේ ඒ අමානුෂික සමාජ ස්වරූපයේ පැතිකඩකි.  

කතාව ඇරඹෙන්නේ  තෙල්දෙණිය දිසා රෝහල් රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අබිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මළ සිරුරක් හමුවීමෙනි. ඒ මරණය රට තිගැස්වූයේය. මුලින්ම ඇසුනේ තෙල් දෙණිය රෝහල අසල රථ ගාලක මිය ගිය වෛද්‍යවරියකගේ දේහයක් මෝටර් රථයක් තුළින් හමුවුන බවය.

කෙසේ වෙතත් ඊයේ උදේ වනවිට මරණය පත් වී සිටින තරුණියගේ අනන්‍යතාවය තහවුරු විය. ඇය  අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකි. ඇය නුවරඑළිය නවාතැනක රැඳී සිටිය දී ඇයගේ අප්‍රාණික සිරුර වත්තම් කරගෙන ඇයගේ පෙම්වතා ගමන් කරන සීසීටීවී. දර්ශන ඊයේ මාධ්‍යවෙත මුදා හැර තිබිණි.

ඉකුත් 16 වැනිදා රාත්‍රී කාලයේ නුවරඑළියේ සිට ඇයගේ සිරුර තෙල්දෙණියට මෝටර් රථයකින් රැගෙන විත් ඇත්තේ ඇගේ පෙම්වතාය. විමර්ශනවලදී ඒ බව අනාවරණය වී තිබිණි.   සිදුව ඇත්තේ මිනිස් ඝාතනයක් යැයි සැකයක් මතු විය.

කෙසේ වෙතත් මේ වනවිට බිහිසුණු වංචාවකට හසුව, තම අනාගත සැමියා සමග ගොඩනැගූ ජීවිතය මුලුමනින්ම බිඳ වැටුණු පසු සිය දිවි නසා ගැනීමට වැඩ සැලැස්වුන තරුණිකගේ ඛේදනීය කතාවක් පිළිබඳ ඉඟි   ලැබෙමින් ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අබිරහස්  මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය දිසා රෝහලේ දිස්ත්‍රික් අධිකරණ විශේෂඥ වෛද්‍ය කේ.බී.යූ.කේ. බණ්ඩාර විසින් ඊයේ  පවත්වනු ලැබීය. එහිදී මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබා දී  තිබිණි. කෙසේ වුවද, බැලූ බැල්මට මෙම මරණය සියදිවි හානිකර ගැනීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන්  කළේය. එය විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

සිය දිවි නසා ගැනීමක්… එසේ නම් ඇත්තටම සිදුවන්නේ කුමක් ද?. මේ වනවිට පොළ ගැසෙන තොරතුරු මෙසේය.

T.M.S.-Dineth-Dissanayake
අතුරුදහන් වූ පෙම්වතා..

ආදරයේ නාමයෙන් මුලා වූ ඇය

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ වැලිගම, පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක පතිරගේ ශ්‍යාමා දර්ශනී නමැති 34 හැවිරිදි තරුණියකි. ඇය 2023 වසරේ සිට අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කරමින් සිටියාය.

ඇයගේ පෙම්වතා ගන්නොරුවේ පදිංචිකරුවකු වන ටී.එම්.එස්. දිනෙත් දිසානායක නමැති 35 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ඔහු වසරකට පමණ පෙර ශ්‍යාමා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් අරඹා ඇත්තේ ඇගේ සේවා ස්ථානයට සහ වැලිගම මහගෙදරට පවා යමින් එමින්, පවුලේ අයගේද විශ්වාසය දිනාගනිමිනි.

පෙම්වතාගේ  සිය සැලසුම ලෙස පෙන්වා ඇත්තේ ශ්‍යාමා දර්ශනීය සමග විවාහ වී කැනඩාව බලා යෑමය. ඔහු ඇයට පෙන්වූ අනාගතය දිගැහැරී  තිබුණේ කැනඩාවේය.   කැනඩා ගමන වෙනුවෙන් ඇය සිය ඥාතීන්ගෙන් සහ මිතුරන්ගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් විටින් විට ණයට ගෙන සැකකරුට ලබා දී තිබිණි.

අවසානයේ දී  කැනඩා ගමනට සියල්ල සූදානම් බව පවසා සැකකරු විසින් ශ්‍යාමා නුවරඑළියට ගෙන්වා ගෙන තිබේ. මාසයක කාලයක් නවාතැන් ගැනීම සඳහා ඔහු නුවරඑළියේ හෝටලයක කාමරයක් වෙන් කරගෙන ඇති අතර, පසුගිය ජුනි 03 වැනිදා ඔවුන් එහි නවාතැන් ගෙන ඇත්තේ බිරිය සහ සැමියා ලෙස පෙනී සිටිමිනි.

මේ කාලකණ්ණියා විෂයෙහි ඇය විසින් ගොඩනගා ගත්  විශ්වාසය කෙතරම්ද යත්, පසුගිය 11 වැනිදා ඇය නුවරඑළියේ සිට අම්පාර රෝහලට ගොස්, කැනඩා යන බව පවසමින් සිය රැකියාවෙන්ද ඉල්ලා අස්වී තිබේ. තම රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාළ ලියකියවිලි ඇය භාර දුන් බව අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිස්සංක විජේරත්න ද තහවුරු කළේය.

මේ රැවටීමේ ප්‍රමාණය කොපමණදැයි සිතා ගන්නටවත් නොහැකිය.  මේ පුද්ගලයා ඇයව කැනඩාවට රැගෙන යෑමේ කිසිදු සූදානමක් හෝ සැලසුමක් තිබුණේ නැත. අවසාන මොහොත තෙක් ඔහු නින්දාසගත ලෙස මෙම තරුණියව රැවැට්ටුවේය. දැන් විමර්ශන අංශ හෙළිදරවු කරගෙන ඇත්තේ , ඔහුගේ එකම අරමුණ වී ඇත්තේ ඇයව රවටා මුදල් ලබාගැනීම පමණක් බවය.

පෙම්වතියන් රවටා මුදල් ගැරූ ජාවාරම

මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා ආදරය පෙන්වමින් සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසක් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතී.

කැනඩාවට යෑමේ අභිලාෂය සහිතව  රැකියාවෙන් අස්වී නැවත නුවරඑළිය හෝටලයට පැමිණි ඇය, පසුගිය 16 වැනිදා රාත්‍රී වන තෙක් එහි රැඳී සිට තිබුණාය. දින ගණනකට පසු 16 දා රාත්‍රි 9.50ට පමණ මේ මෘදුකාංග ඉංජිනේරුවා නුවරඑළියේ ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණ තිබිණි. එහි විනාඩි 25ක් පමණ රැඳී සිටි මේ පුද්ගලයා  රාත්‍රී 10.15ට පමණ ශ්‍යාමා  වත්තම් කරගෙන, අප්‍රාණික තත්ත්වයෙන් හෝටලයෙන් පිටතට රැගෙන යන ආකාරය සීසීටීවී වල සටහන් වී තිබුණේය.

ඔහු ඇය රැගෙන ගොස ඇත්තේ සිය බිරියට හදිසියේ අසනීප වී ඇතැයි හෝටල් සේවකයන්ට පවසමිනි. ඒ වන විට හෝටලයේ බිල්පත් ගෙවා දමා තිබිණි.

පෙම්වතා විසින් ඔසවාගෙන එන අප්‍රාණික සිරුර..

සොහොයුරාගේ වේදනාව

සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (17) උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කරන්නේ මේ අතරය. සිය සොයුරිය ගැන මේ පැමිණිල්ල කරන්නේ ශ්‍යාමාගේ සොයුරු ආර්.පී.එස්. සමන්ත කුමාර ය.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂා කළේය. මහල් නිවාසයේ කිසිවෙක් සිටියේ නැත. ඇයගේ පෙම්වතා ඇයව වත්තම් කරගෙන මෝටර් රථයක දමාගෙන යන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.

නුවරඑළිය පොලිසිය අදාළ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර තිබිණි. මේ අතර , තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය.

එහිදී පවසා ඇත්තේ තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවගේ මළ සිරුරක් ඇති බවය.

ඒ අනුව තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ මළ සිරුර හමුව තිබේ. අගුලු දමා තිබූ දොරටුව විවෘත කළ පොලිස් නිලධාරීන් මෘත ශරීරය ඉන් පිටතට ගනු ලැබීය. තහවුරු වුයේ අදාළ සිරුර නුවරඑළිය  මහල් නිවාසයෙන්  අතුරුදන් වූ තරුණියගේ බවය.

අතුරුදහන් පෙම්වතා

ඇගේ සිරුර සමඟ මෝටර් රථය රෝහල් රථ ගාලේ නවතා තබා, පසුදා (17) සවස තෙල්දෙණිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා දෙමින් මළ සිරුරක් මෝටර් රථය තුළ පවතින බව පවසා තිබුණේ  සැකකාර පෙම්වතාමය. ඉන්පසු ඔහු ජංගම දුරකතනයද ක්‍රියාවිරහිත කර අතුරුදන්ව ඇත. ඔහුගේ දුරකතනය අවසන් වරට ක්‍රියාත්මක වී ඇත්තේ මාතලේ ආශ්‍රිත ප්‍රදේශයකදීය.

නුවරඑළියේ  ඔවුන් රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී රුධිරය ස්වල්පයක් තැවරුණු ඇඳ ඇතිරිල්ලක්ද හමුවී ඇති අතර, එම කාමරයේ තිබූ තට්ටු ඇඳ මතදී යම් අනපේක්ෂිත සිදුවීමක් වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

මෙහි දී අනාවරණය වන තවත් කතාවක් තිබේ.  ශ්‍යාමාගේ සිරුර නුවරඑළියේ සිට රැගෙන ආ මෝටර් රථය පවා සැකකරුගේ  තවත්  පෙම්වතියකට අයත් එකක් බව හෙළිදරවු  වීමය. ඔහු ඇයවද රවටා, වංචනික ලෙස මෝටර් රථය සහ මුදල් ලබාගෙන ඇති බව ඇය පොලීසියට ලබාදුන් ප්‍රකාශ මඟින් තහවුරු  වී තිබේ.

මළ සිරුර පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක විසින් පවත්වනු ලැබීය.

තෙල්දෙණියේ මහ මග දමා ගොස් තිබිය දී හමුවුන මළ සිරුර…

පරීක්ෂණ ක්‍රියාත්මකයි

තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හර්ෂ අමරසිංහගේ උපදෙස් පරිදි තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්දුපාල ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් මෙන්ම නුවරඑළිය පොලීසිය ද මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සැකකරුගේ ඡායාරූප නුවරඑළිය පොලීසිය මඟින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් නුවරඑළිය පොලීසියේ දුරකතන අංක වෙත ලබා දෙන ලෙස නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක ඉල්ලා සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කල්පිටිය ගුවන් හමුදා පොලිස් ගැටුම ගැන ගුවන් හමුදාව කරුණු පහදයි!

Next Post

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනාධිපති හමුවෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.