කටුනායක පිහිටි Next Manufacturing (Pvt) Ltd ආයතනය වසා දමන්නට එහි පාලන අධිකාරිය තීරණය කරන්නේ රජයේ ප්‍රතිපත්ති සම්බන්ද ගැටලුවක් නිසා නොව ඔවුන් ආයතනයක් ලෙස ගත් ව්‍යාපාර තීන්දුවක් නිසා බවත් එම ව්‍යාපාර තීන්දුව ගැනීමට හේතුව ලෙස පාලන අධිකාරිය පෙන්වා දෙන්නේ 2019 සිට මේ දක්වා ඩොලර් මිලියන 10කට අධික පාඩුවක් එම ආයතනයට විඳින්නට සිදුවීම නිසා බවත් කම්රු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අද පාර්ලිමේන්තුවට කීවේය.
ඔහු කීවේ සේවය අවසන් කර ඇති සේවකයින්ට අනුමත වන්දි මුදලට වඩා වන්දි මුදලක් ලබා දීමට මෙන්ම එම සේවකයින්ට කටුනායක වෙළෙඳ කලාපය තුළම රැකියා අවස්ථා ලබා දෙන්නට Next Manufacturing (Pvt) Ltd ආයතනය මැදිහත් වී ඇති බවය. මෙසේ වසා දමන Next Manufacturing (Pvt) Ltd ආයතනය වසර 47ක් තිස්සේ මේ රටේ ආයෝජනය කළ බ්‍රිතාන්‍ය සාමාගමකි.
අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කරමින් මෙම කර්මාන්ත ශාලාව වසා දැමීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතර මෙසේ ද පැවසීය.
“Next කර්මාන්ත ශාලාව වසා දැමීමේ සිද්ධිය අපට වාර්තා වුනේ 20 දා රාත්‍රියෙ. ඒ ආරංචිය පැමිණි අවස්ථාවේ සිට කම්කරු අමාත්‍යාංශය ලෙස ඉහළම මැදිහත්වීම අප සිදුකළා. අප වෘත්තීය සමිතියත් සේවකයිනුත් සමග සාකච්ඡා කළා 21 වැනිදා. ඊයේ දවස තුළ පැයකට අධික කාලයක් මේ ආයතනයේ පාලන අධිකාරිය සමග හා බීඕඅයි එක සමග කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාකච්ඡා කළා.
Next Manufacturing (Pvt) Ltd ආයතනය වසා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හමුවුනා. ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කරන දේ තමයි පසුගිය 2019 සිට 2025 දක්වාම ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කළ විදිහට ඩොලර් මිලියන 10කට ආසන්න පාඩුවක් සිදුවෙලා තියනවා.
මේ වසා දැමීමට තීරණය වෙන්නේ මේ ආණඩුවේ ක්‍රියාවලිය නිසා හෝ සේවකයින්ගේ ක්‍රියාවලිය නිසා නෙමෙයි. හුදෙක් ඔවුන්ගේ ව්‍යාපාරික උවමනාවන් මත ගත්ත තීන්දුවක් ලෙසයි ඔවුන් මෙය අර්ථ දක්වලා තියෙන්නේ.
ඒ නිසා මේ ආයතනය විශේෂයෙන්ම හදිසියේ මෙවැනි තීරණයක් ගත්තේ ඇයි කියන කාරනාව. මා සොයා බලද්දි අපේ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරියෙක් මුණගැහිලා පසුගිය වසරේ අග භාගයෙත් මේ වසරේ මාර්තුවලත් යම් සාකච්ඡාවක් කරලා තියනවා.
ඔවුන්ගේ පැත්තෙන් යම් ඉල්ලීමක් කරලා තියනවා ඔවුන්ගේ මේ තීරණය සම්බන්ධව සේවකයින්ගෙ පැත්තෙන් යම් නොසන්සුන් තාවයක් ඇති වෙන්න පුලුවන් කියන කාරණය.
මොකද මම දැක්කා ඊයේ එක පුතානෝ කෙනෙක් අපේ ආණ්ඩුව ආවට පස්සේ මේ ආයතන වැසීම ගැන මහා ගෝරනාඩුවක් කරනවා. නමුත් 2022 එයාලගෙ බාපොච්චිලා මේ රට කරද්දි දින 17ක් මේ ආයතනය ඇතුළෙ වැඩ වර්ජනයක් සිද්ධ වෙලා තියනවා. ඒ වැඩ වර්ජනය ඇතුළෙ පාලන අධිකාරිය යම් කම්පනයකට පත් වෙලා තියනවා. ඒ නිසා ඔවුන්ගෙ පැත්තෙන් මේ ගැන සේවකයො දැනුම්වත් කරන්න යම් අදිමදි කමක් දක්වලා තියනවා.
කෙසේ වෙතත් මේ ආයතනයේ කටුනායක නිශ්පාදන අංශයේ 1434ක් සේවය කරනවා. එකෙන් 1341ක් සේවය අවසන් කරන්න තීරණය කරලා තියනවා. කටුනායක එම්බ්ලිෂ්මන්ට් අලංකරණ ඒකකය 160ක් සේවය කරනවා. ඉන් 50ක සේවය නිමා කරන්න තීරණය කරලා තියනවා. කටුනායක අලංකරණ ඒකකයේ 82න් 25ක සේවය නිමා කරන්න තීරණය කරලා තියනවා.
නමුත් අඬිගම සහ නවගත්තේගම කර්මාන්ත ශාලා දෙකේ 1149ක් ඉන්නවා. ඒ සියලු දෙනාගෙම සේවය ඒ විදිහට ආරක්ෂා කරන්නත් ඔවුන් තීරණය කරලා තියනවා.
ඒ වගේම ඔවුන්ගේ පැත්තේන්… අපේ රටේ තියනවා සේවය අවසන් කිරීමේ පනත. ඒ පනතට අනුව ලබා දිය යුතු වන්දිය ඉක්මවා යන වන්දියක් මේ සේවකයින්ට ලබා දෙන්න ඔවුන්ගේ පැත්තෙන් තීරණය කරලා තියනවා.
ඊට අමතරව වසර 2ට අඩුනම් මාස 1ක අමතර වැටුපකුත්, වසර 2 සිට 5 දක්වා මාස තුනක් ආදී වශයෙන් ඉහළට අමතර වන්දියක් ලබා දෙන්නත් ඔවුන් තීරණය කරලා තියනවා.
මේ විදිහට තමයි මේ ආයතනය ඔවුන්ගේ පැත්තෙන් කටයුතු කරලා තියෙන්නේ.
ඒ වගේම ඔවුන් ඊයේ දවසේ පැහැදිලිවම ප්‍රකාශ කළා ඔවුන් කටුනායක අවට තිබෙන ආයතනවල මේ සේවකයින්ට නැවත ලබා දීම වෙනුවෙන් මැදිහත් වීම් කරලා තියනවා.
දැනට 1416ක් රැකියා අහිමි වෙනකොට 1900ක් ප්‍රමාණයක ඉල්ලීම් දැනටමත් ලැබිලා තියනවා. මේ සේවකයින්ට වෙනත් ආයතනවලට රැකියා ලබා දෙන්න.
ඒ නිසා ඔවුන්ට සේවා ව්‍යවස්ථාවෙන් ලැබෙන වන්දියට වඩා වැඩි වන්දියක් ලබා ගන්නත් නැවත රැකියා ලබා දෙන්නත් මේ ආයතන පැත්තෙන් සාකච්ඡා කරනවා. අද හවස 2 සේවක පාර්ශවය සමග නැවත සාකච්ඡා කරන්න සූදානම් කරලා තියනවා. නියෝජ්‍ය කම්කරු ඇමතිවරයා කීවේය.”







