අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කරුණු නොදැන දේශපාලන ප්‍රකාශ කර රටක් විනාශ නොකරන්න…” සුදුමැස්සා බිය  මැවූ  ඩී.වි චානකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විද්‍යාත්මක උත්තරයක්..

by editor
මැයි 23, 2026
in පුවත්
chrysanthemum-flower
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

 ශ්‍රී ලංකාවේ දේශීය කෘෂිකර්මාන්තයට සහ ජාත්‍යන්තර වෙළඳ කීර්තිනාමයට සෘජුවම බලපාන සංවේදී මාතෘකාවක් සම්බන්ධයෙන්  පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහක් නිර්මාණය විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසින් පාර්ලිමේන්තු සභාගර්භය තුළදී මතු කරන ලද ආනයනිත ක්‍රිසැන්තමම් (Chrysanthemum) හෙවත් කපුරු  මල් සම්බන්ධ චෝදනාව සහ ඊට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දුන් නිල විද්‍යාත්මක ප්‍රතිචාරය පිළිබඳ සත්‍යාපිත කරුණු විමර්ශනයක් මෙසේ ඉදිරිපත් කරමු.

මන්ත්‍රී ඩී.වී. චානකගේ පාර්ලිමේන්තු චෝදනාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසින් ලේඛන  සභාගත කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ක්‍රිසැන්තමම් හෙවත් කපුරු මල් තොග සහිත පෙට්ටි/කන්ටේනර් 16ක අතිශය විනාශකාරී ‘සුදු මැස්සා’ (Whitefly) නමැති කෘමි උවදුර පවතින බව ජාතික ශාක නිරෝධායන  සේවය  විසින් තහවුරු කර ඇති බවය. එම විනාශකාරි සුදු මැස්සා සමග ආනයනය කළ කපුරු මල් තොගය ජාතික ශාඛ නිරෝධායන සේවයේ විරෝධය නොතකා නිදහස් කර ඇති බවය.

මන්ත්‍රීවරයා සිය කතාවේදී ප්‍රධාන වශයෙන් කරුණු තුනක් අවධාරණය කළේය:

  1. ජාතික ශාක නිරෝධාය සේවය මඟින් මෙම වෛරස් හා කෘමි උවදුර හඳුනාගෙන තිබියදීත්, ඉන් සමහර පෙට්ටි  පරිභෝජනය හෝ වෙළඳපොළ සඳහා නිදහස් කර ඇති බව.
  2. අදාළ අනතුරුදායක මල් තොග විනාශ කර දැමීමට නිල වශයෙන් උපදෙස් ලැබී තිබියදී, ඇතැම් බලධාරීන් එම නියෝග උල්ලංඝනය කරමින් ඒවා නිකුත් කිරීමට කටයුතු කර ඇති බව.
  3. මෙම ක්‍රියාවලිය පිටුපස “යම් නිලධාරීන් කණ්ඩායමක සෘජු මැදිහත්වීම සහ අනුග්‍රහය” පවතින බැවින්, දේශීය ආහාර වගාවන් දැඩි අවදානමකට ලක් කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය වගකිව යුතු බව.

මන්ත්‍රීවරයා රටේ ජනතාවට පැවසුවේ යම් කිසි ආකාරයකින් සුදු මැස්සා උවදුරින් රටේ කොතැනක හෝ වගාවක් විනාශ වී ඇතිනම් ඒ බිහිසුණු විනාශයට මේ රජය වගකිව යුතු බව දැනගන්නා ලෙසය. එමෙන්ම මේ රටින් මේ ආණ්ඩුව මේ තරම් පලි ගන්නේ කුමක් නිසාදැයි ඔහු දැඩිව විමසුවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සත්‍යාපිත නිල ප්‍රකාශය

මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයත් සමඟ සමාජය තුළ ඇති වූ බිය සහ ව්‍යාකූලත්වය දුරු කරමින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි විසින් නිල දත්ත සහ කාලරාමුව සහිත විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. එම සත්‍යාපිත කරුණු පහත පරිදි වේ:

  • ආනයන දින වකවානු සහ පරිමාව: අදාළ මල් තොගය මෙරටට ආනයනය කර ඇත්තේ 2026 ජනවාරි 12 දින ය. එය මන්ත්‍රීවරයා සඳහන් කළ පරිදි කන්ටේනර් 16ක් නොව, කාඩ්බෝඩ් පෙට්ටි 18කින් සමන්විත වූ එක් මල් ප්‍රවාහන තොගයක් (Shipment) පමණි.
  • පළමු අදියරේ නිදහස් කිරීම්: නිරෝධායන නිලධාරීන් විසින් සිදු කරන ලද මූලික භෞතික පරීක්ෂාවේදී, අදාළ පෙට්ටි 18න් පෙට්ටි 12ක කිසිදු රෝග ලක්ෂණයක් හෝ කෘමි උවදුරක් වාර්තා වී නොමැත. ඒ අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට එකඟව එම පෙට්ටි 12 නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
  • රෝගී තත්ත්වයන් හඳුනාගැනීම: ඉතිරි ක්‍රිසැන්තමම් මල් පෙට්ටි 6 පිළිබඳව සැක සිතී ඒවා සවිස්තරාත්මක විද්‍යාගාර පරීක්ෂණවලට ලක් කර තිබේ. එහිදී එම මල් පෙට්ටි 6 තුළ ‘සුදු මැස්සා’ (Whitefly) කෘමියාගේ මුල් ජීවන අදියරයන් (Early stages) මෙන්ම, මෙරට වගාවන්ට දැඩි හානි පැමිණවිය හැකි ‘සුදු මලකඩ රෝගය’ (White Rust disease) අසාදනය වී ඇති බව විද්‍යාත්මකව සනාථ විය.
  • පියවර සහ විනාශ කර දැමීම: විදේශීය වෛරස් හා කෘමීන් මෙරටට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින්, අදාළ පෙට්ටි 6 කිසිසේත්ම වෙළඳපොළට මුදා නොහැර වහාම විනාශ කිරීමට නිර්දේශ කෙරිණි. ඒ අනුව, 2026 ජනවාරි 30 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි විශේෂිත අළුකරන ඒකකයේදී (Incineration) නීත්‍යානුකූලව මෙම මල් තොගය පුලුස්සා විනාශ කර දමනු ලැබීය.

ජාත්‍යන්තර වෙළඳාමට සහ ශ්‍රේණිගත කිරීම්වලට එල්ල වන බලපෑම

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි පෙන්වා දෙන්නේ, මෙවැනි සංවේදී කරුණු පිළිබඳව නිල දත්ත නිවැරදිව පරීක්ෂා නොකර පාර්ලිමේන්තුව වැනි ඉහළ වගකීමක් සහිත ස්ථානයකදී පදනම් විරහිත චෝදනා එල්ල කිරීම බරපතළ තත්ත්වයක්  බවය.

ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන (Phytosanitary) ක්‍රමවේදය කෙරෙහි ජාත්‍යන්තර වෙළඳ හවුල්කරුවන් තබා ඇති විශ්වාසය මෙවැනි ප්‍රකාශ නිසා බිඳ වැටිය හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

එය මෙරට ජාත්‍යන්තර Phytosanitary ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට සෘජුවම බලපාන අතර, ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට සිදු කරන කෘෂි අපනයන වෙළඳපොළ පවා අහිමි වීමේ අවදානමක් මේ හරහා නිර්මාණය වන බව හෙතෙම අනතුරු අඟවයි.

දේශපාලන වේදිකාවල හෝ පාර්ලිමේන්තුවේදී මතු වන ඇතැම් කරුණු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ නිලධාරීන්ගේ දත්ත සමඟ සසඳා බැලීමේදී පැහැදිලි පරස්පරතාවන් පවතින අයුරු පෙනේ.   මන්ත්‍රී චානකගේ ප්‍රකාශයේ කන්ටේනර් යන්න ප්‍රකාශ විය. කන්ටේනර් යනු පොදුවේ ඇසුරුම් පෙට්ටි ලෙස අර්ථවත් වුව ද සිංහල ව්‍යවහාරයේදී කන්ටේනර් යන්නෙන් දැවැන්ත බහාලුමක අදහස චිත්‍රනය වේ. ඔහු ඒ  භාවිතය දැන දැනම සිදු කළේය.

ඔහුගේ භාවිතය අනුව කන්ටේනර්  16ක් ආසාදිත වී ඇති බව පැවසුවද, සත්‍ය වශයෙන්ම ආසාදනය වී තිබුණේ කාර්ඩ් බෝඩ්  පෙට්ටි 6ක් තුළ තිබූ කපුරු මල් පමණි.

එමෙන්ම, රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ඒවා වෙළඳපොළට නිකුත් වූ බවට කළ චෝදනාව ද අසත්‍ය වන අතර, විද්‍යාගාර වාර්තා මඟින් උවදුර හඳුනාගත් වහාම ජනවාරි මස අවසානයේදීම එම අවදානම් සහගත මල් තොගය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බව නිල වශයෙන් තහවුරු වී ඇත.

බොරු කීම දේශපාලනයේ  එක් යථාර්ථයකි. එහෙත් ඒ බොරුව දේශපාලන වාසියක් ලබා දීමෙන් ඔබ්බට ගොස් ජාතියක් ව්‍යසනයට පත් කරනවා නම් එවැනි බොරු කීම ගැන පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයින් මිනිස්සුන්ගේ නාමයෙන් සිතා බැලිය යුතු බවට යෝජනා කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 3කට අධික  මුදල් කොල්ල ගැන හොයන්න  FBI කණ්ඩායමක් ලංකාවට…

Next Post

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.