සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IPL විකල් කරමින් පිටියට බහින්න නියමිත අවුරුදු 13 පොඩි එකා… වෛභව් සූර්යවංශී ගේ කතාව….

by editor
නොවැම්බර් 26, 2024
in පුවත්
Vaibhav-Suryavanshi
Share on FacebookShare on Twitter

13 හැවිරිදි පුංචි කොල්ලෙක් ගැන දැන් ලෝක ක්‍රිකට් ලෝලීන් උනන්දුවෙනි. මේ කොල්ලා ඊයේ (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැති IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගනු ලැබුවේය. අයිපීඑල් ඉතිහාසයේ කණ්ඩායමක් හා ගිවිසුම්ගත වුන ලාබාලම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතවන මෙම කොළුවා මිලදී ගැනීමට දිල්ලි කැපිටල් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තියුණු තරගයක් පැවතිනි. අවසානයේ ජය ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමය.

පොඩිඑකා වෛභව් සූර්යවංශී ය. ඉපදී ඇත්තේ 2011 වසරේ මාර්තු 27 ය. අයි.පී.එල් කොන්ත්‍රාත්තව ලබා ගන්නා දිනට ඔහුගේ වයස අවුරුදු 13 යි දවස් 243කි. අපේ නම් තවම 15න් පහළ කණ්ඩායමක තවත් අවුරුදු දෙකක් ක්‍රීඩා කළ හැකි 8 පන්තියේ ඉගෙන ගන්නා පොඩි එකෙකි.

පොඩි උන් ලොකු ක්‍රිකට් ගහපු අවස්ථා ඇත. අපට මතක කාලයේ එහෙම අත්දැකීම් තිබේ. අර්ජුන රණතුංග ජාතික කණ්ඩායමට තේරෙන්නේ වයස අවුරුදු 16 දී ය. සහීඩ් ඇෆ්රිඩි අවුරුදු 17 දී පකිස්ථාන පිල නියෝජනය කරමින් ලෝකය හෙල්ලුවේය. පාසල් වයසේ ක්‍රීඩකයින් ගණනාවක් ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩා කරනු දැක ඇත්තෙමු.

ඇස් උඩ යන වෙනස එය නොවේ. මේ පොඩි එකාට තවම අවුරුදු 13ක් පමණක් වීමය. අවුරුදු 13ක පොඩි එකෙක් ලෝකයේ ජව සම්පන්නම ක්‍රීඩකයින් එකට එක් කරන,  ප්‍රහාරාත්මකම සහ වේගවත්ම ප්‍රධාන ක්‍රිකට් සැනකෙළිය වූ අයිපීඑල් තරගාවලියේ කණ්ඩායමක් නියෝජනය කරනු ඇසීමය. ඔහු වෙනුවෙන් කණ්ඩායම් දෙකක් පොර බැදීමය. මේ කතා ඇසීමත් ක්‍රිකට් ලෝකය පුදුම කරන්නේය.

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

කවුද මේ වෛභව් සූර්යවංශී –

වෛභව් සූර්යවංශි බිහාර් යොවුන් ක්‍රීඩකයෙකි. වමතින් පන්දුවට පහර දෙන ඉදිරිපෙළ පිතිකරුවෙකි. ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලදී ගන්නේ ඉන්දීය රුපියල් එක් කෝටි දස ලක්ෂයකයට. අපේ සුපිරි ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ ලන්සුව වූයේත් ඒ මිලය.

වෛභව් දැනටමත් ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නේය. මිට මාස දෙකකට පෙර ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ඉන්දීය වසය අවුරුදු 19න් පහළ කන්ඩායම නියෝජනය කරමින් වෛභව් චෙන්නායි හි පැවති සිව්දින තරගයකදී ශතකයක් ලබා ගත්තේ මීට මාස දෙකකට කලිනි.

ලන්සු තරගය…

භෛව් වෙනුවෙන් ලන්සු තැබීම ආරම්භ වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ තිහකිනි. එතැන් සිට රාජස්ථාන් රෝහල් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් ලන්සු තැබීමේ සටන ඇරඹූහ.

“ඔහු නාග්පූර් හි අපගේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට ගොස් ගෙනාවා. ඔහු ගැන එහි අත්හදා බැලීම් කළා. එහි අපගේ පුහුණු කිරීමේ ක්‍රියාවලිය තුළ ඔහු ඇත්තෙන්ම අපව විශ්මයට පත් කළා. වෙන්දේසිය අවසන් වූ පසු RR ප්‍රධාන විධායක නිලධාරී ජේක් ලුෂ් මැක්ක්‍රම් ( Jake Lush McCrum) පැවසීය.

“ඔහු ඇදහිය නොහැකි දක්ෂයෙක්, ඇත්ත වශයෙන්ම ඔබ විශ්වාසයක් තිබිය යුතුය, ඔහු IPL මට්ටමින් ඉහළටත් යා හැකියි. එබැවින් ඔහුව ඉදිරියට ගෙන යාමට ඉදිරි මාස කිහිපය තුළ බොහෝ වැඩ සිදුවනු ඇති. ඔහු වැනි දක්ෂයෙක් පැන්චයිස් ක්‍රිකට්වලට ලැබීම ගැන සතුටුයි.” ඔහු තව දුරටත් පැවසුවේය.

පට්නා සිට කිලෝමීටර් 100ක් පමණ ඊසාන දෙසින් පිහිටි නගරයක් වන සමස්තිපූර්හි වෙසෙන වෛභාව් සූර්යවංශී, මේ වසර මුලදී මුම්බායිට එරෙහිව ඔහුගේ පළමු පන්තියේ මංගල තරගයේ සිට රංජි කුසලාන තරඟ පහකට සහභාගී වී තිබේ. දැනට බිහාර් වෙනුවෙන් සයිඩ් මුෂ්ටාක් අලි කුසලානයේ T20 තරඟ ක්‍රීඩා කරයි. ඔහු පසුගියදා නොවැම්බර් 23 වැනිදා රාජස්තානයට එරෙහිව විස්සයි20 තරගයක් ක්‍රීඩා කර තිබිණි.

මීට මාස 2කට පෙර ඔස්ට්‍රේලියානු 19න් පහළ කණඩායමට එරෙහිව ශතකයක් රැස් කළ අවස්ථාව…

ඔහුගේ මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂත්වය වන්නේ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව ඉන්දීය 19න් පහළ කණ්ඩායාම නියෝජනය කරමින් පන්දු 58කදී ලබාගත් ශතකයයි. ඔහු ලකුණු 104කට දැවී ගියේය. එම පහරින් සූර්යවංශී යොවුන් වියේදී ශතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත් කළේය. ශතකය රැස් කරනවිට ඔහුගේ වයස අවුරුදු වසර 13කුත් දින 187කි. බංගලිදේශයේ වත්මන් නායක නජ්මුල් හොසේන් ශාන්තෝ විසින් තබා තිබූ වසර 14 යි දින 241 ක වාර්තාව ඔහු විසින් බිඳ දැමුවේය.

බිහාර් හි පැවති 19 න් පහළ තරඟාවලියක් වන රන්ධීර් වර්මා තරඟාවලියේදී සූර්යවංශි නොදැවී ත්‍රිත්ව ශතකයක් ලබා ගත්තේය. ඔහු නොදැවී ලබා ගත් ලකුණු ගණන ලකුණු 332 කි. ඔහු සිය ක්‍රීඩාව ගැන හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු වසීම් ජැෆර්ගෙන් වරින් වර උපදෙස් ලබා ගනී. ඔවුන් මුලින්ම මුණගැසී ඇත්තේ වර්ෂ 2023 නොවැම්බර් මාසයේදී බංග්ලාදේශයේ පැවති 19න් පහළ  සුදු පන්දු තරඟාවලියකදීය.

කෙසේ වෙතත් ඔහුගේ විධිමත් පුහුණුකරු වන්නේ ඔහුගේ පියා වන සංජීව් සූර්යවංශි ය. සංජීව් ද ක්‍රිකට් ක්‍රීඩකයෙකි, නමුත් ඔහුට ඉහළ මට්ටමට යාමට නොහැකි වූ විට, ඔහු පුහුණුකරණය වෙත යොමු වූයේය. ඔහු දැන් වෛභව් සමඟ වැඩ කිරීමට පටන් ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරු ප්‍රසූතියේ දී මවුවරු 03ක් මිය යෑම… මන්නාරම DMO ට මරණ තර්ජන…

Next Post

නිල සංචාරයක් සඳහා ජනපතිට චීනයෙන් ආරාධනයක්!

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.