චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය ජයතිස්ස කියයි. චීන සංචාරය සඳහා මෙරට සිටින චීන තානාපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාට අදාල ආරාධනය ලැබී ඇත.
කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවය.







