සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජනපති අනුරට සුබ පතයි…

by editor
මාර්තු 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අන්තර්ජාලය ඔස්සේ පළමු හමුව පැවැත්වූ බවත් ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ජයග්‍රහණ පිළිබඳව තමන් ඔහුට සුබ පැතූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඊයේ (07) සිය නිල X ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

තමන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුබ පැතූ අතර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා IMF විධිවිධානයෙන් සහාය ලබන අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම සාකච්ඡා කළ බව ද ඇය ප්‍රකාශ කර ඇත.

ඇය සිය X ගිනුමේ තැබූ සටහන පහත දැක්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා   අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ  මෙම හමුව  ඊයේ (07) පැවැත්විණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.

මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතවේදීත්වය පළ කළේය. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි දී කළමනාකාර අධ්‍යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක මෙහිදී ඇගයීමට ලක් කළේය.

ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා මෙම අඛණ්ඩ සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ තුන් වන සමාලෝචනය සම්පූර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජෝර්ජිවා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළාය. ප්‍රධාන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ශ්‍රී ලංකාව දරන ලද උත්සාහය කළමනාකාර අධ්‍යක්ෂවරියගේ පැසසුමට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කැප වීම යළි තහවුරු කළාය. විශේෂයෙන් ඉහළ ගෝලීය අවිනිශ්චිතතා, ගෝලීය ආර්ථික වර්ධනයෙහි මන්දගාමිත්වය සහ ගෝලීය ණය මට්ටම් ඉහළ යාම හමුවේ යහපාලන රාමු සමඟ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේ වැදගත්කම ජෝර්ජිවා මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශක්තිමත් ජනවරම පිළිබිඹු කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන සමඟ තවදුරටත් ඉදිරියට යාමට සහ එකඟ වූ ඉලක්ක ජනතාවගේ අභිමතාර්ථයන්ට යටත්ව සම්පූර්ණ කර ගැනීමේ සූදානම ජනාධිපතිවරයා මෙහිදී යළි තහවුරු කළේය. ඒ වෙනුවෙන් දුප්පතුන් නඟා සිටුවීම සඳහා අවැසි යාන්ත්‍රණ ක්‍රියාත්මක වන අතරම සුබසාධන වියදම් ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් බව ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විදුලිබල ක්ෂේත්‍රය ආදියෙහි විධිමත් පාලනය සහ පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය මගින් රජය සතු ව්‍යවසායන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීමද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ණය අවදානම අවම කිරීම සහ තිරසාර හා සාර්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් විදේශ සෘජු ආයෝජන සහ සහාය ලබා ගැනීමේ වැදගත්කම ද අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වා දුන්නේය.

විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ඉතිරි සමාලෝචන සාර්ථකව නිම කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපතිවරයා මෙහිදී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත සහතික කර සිටියේය.

අනාගතය දෙස බලන විට, ශ්‍රී ලංකාව තිරසාර හා සමානාත්මතා සංවර්ධනයක් කරා තීරණාත්මකව යොමු කිරීමේ වැඩසටහන යටතේ ඇති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නොපිරිහෙලා ඉටු කිරීමේ අවශ්‍යතාව ජෝර්ජිවා මෙහිදී අවධානයට ලක් කළාය. විශේෂයෙන් තාක්ෂණයේ සහ භූ දේශපාලනයේ වේගවත් ගෝලීය වර්ධනයන් සැලකිල්ලට ගෙන, තිරසාර ලෙස යළි යථා තත්ත්වයට පත් වීමේ ක්‍රියාවලියෙහි අභියෝගාත්මක බව ඇය පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි භූමිකාවද පැහැදිලි කළාය. සියලු ක්ෂේත්‍ර ඇතුළත් සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සූදානම් බවද ක්‍රිස්ටලිනා  අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සඳහා තිරසාර ස්ථාවරත්වයක් අත් කර ගැනීම සඳහා අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙහිදී ද්වීපාර්ශ්වික වශයෙන් එකඟ වූහ. සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් සඳහා එක් ව කටයුතු කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් කැපවීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ ඉතිහාසයේ පළමු වරට කාන්තා කොමිසම බල ගැන්වේ!

Next Post

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 22 ගැන කාන්තා දිනය දා බිමල් කළ සුපිරි කතාව…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.