සභානායක බිමල් රත්නායක කාන්තා දිනය දවසේ දී පාර්ලිමේන්තුව තුළ සුපිරි කතාවක් කළේය. එම කතාවට පදනම වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 22 සම්බන්ධව ඔවුන්ගේ නව පාර්ලිමේන්තුවේ කළ මුල්ම කතාව පිළිබඳ ජනතා අදහස් කැටි කර ඉදිරිපත් කිරීමකි.
“මම අද හිතුවා අද මේ පාර්ලිමේන්තුව සමස්ථ නියෝජනය සියයට 10ක් වුන මන්ත්‍රී තුමියන් 22ක ගෙන් බැබලෙනවා. මේ අය විනාශ කරන්න දෙන්න හොඳ නෑ. විනාශ වෙන්න දෙන්න හොඳ නෑ. මේ නිසා මම හිතුවා පොදුවේ ගුරුවරියන් ගැන පොදුවේ වැඩ කරන කාන්තාවන් ගැන කතා කරනවා වෙනුවට මම හිතුවා ගරු මැතිණියනි මේ විසි දෙදෙනා ගැන කතා කරන්න හිතුනා මට තියන වෙලාවෙ. ”
“මම ඒ නිසා කළේ ඔබතුමියලා මේ පාර්ලිමේන්තුවෙ පළවෙනි කතාව වගේ කරපු… මම ඒවයෙ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහින් පොඩ්ඩක් කමෙන්ට්ස් ලියාගෙන ආවා. ”
එසේ කියූ බිමල් පාර්ලිමේන්තුව බබලවන මන්ත්‍රීවයන් ගැන කළ කතාව මෙසේය.







