බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු කියන්න ආවොත් ලාල් කාන්ත කියන්නෙ රැක ගන්න තරම් කීර්ති නාමයක් නැති මැරයෙක් බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා… ලාල් ගේ එන්තරවාසියට හිරු ගෙන් උත්තරයක්….

by editor
අප්‍රේල් 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • සියලුම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා… කිසිම ගෙවීමක් කරන්නේ නැති බවත් දන්වනවා… හිරු ඇමති ලාල්ට ලිඛිතව දන්වයි….

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම්  ප්‍රකාශයට අදාලව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතීඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රතිචාර දක්වමින්, එම එන්තරවාසිය මගින් ඉදිරිපත් කරන සියලුම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එහි සදහන් ඉල්ලීම් ද ඉටු නොකර  බැහැර කරන බවත් හිරු මාධ්‍ය ජාලයේ නීතිවරුන් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

නිවැරදි කිරීමේ අයිතිය පිළිගනිමින්  සිය සේවාදායකයා පසුගිය 18 වැනිදා හිරු ටී.වී සහ හිරු මාධ්‍ය ජාලයට අයත් අනෙකුත් සියලුම මාධ්‍ය ඔස්සේ වහාම නිවැරදි කිරීමක් සිදුකළ බව එම ලිඛිත දැන්වීමේ දී නීතිඥවරු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇත.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ ලාල් කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් ප්‍රකාශයෙහි දෝෂ පවතින බවත්, එම වත්කම් බැරකම් ප්‍රකාශය නීතියට අනුකුලව ඉදිරිපත් කර නැති බවත් දන්වන හිරු නීතිඥවරු  දැඩි ස්වරයකින්  ඇමතිවරයා වෙත දන්වා ඇත්තේ සිය සේවාදායකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළහොත් ආයතනික පුරවැසියෙක් ලෙස සිය සේවාදායකයා සතු අයිතිවාසිකම් භාවිත කරනු ඇති බවය.

නීතිඥවරුන් ඇමතිවරයා වෙත දන්වා ඇත්තේ ඇමතිවරයා අනිවාර්ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හිතාමතා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ලාල් කාන්ත ඇමතිවරයා  පොදු දේපලවලට හානි කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම වැනි කරුණුවලට සිය වගකීම භාර ගනිමින් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කර ඇති බවත්,  මේ තත්ත්වය තුළ ඇමතිවරයා කිසියම් හෝ නීතිමය කටයුත්තක් ආරම්භ කළහොත් ඔහු  කීර්ති නාමයක් නැති පුද්ගලයෙක් බව අධිකරණය ඉදිරියේ ඔප්පු වනු ඇති බවත් එම නීතිඥවරු කියා සිටිති.

එමෙන්ම හිරු මාධ්‍ය නාලිකාවේ විකාශන අයිතියට අනිසි ලෙස බාධා කිරීමේ ඕනෑම උත්සාහයකට එරෙහිව නීති මගින් කටයුතු කරනු ඇති බවත් නීතිඥවරු ලාල් කාන්ත ඇමතිවරයා වෙත දන්වා ඇත.

ලාලා ගේ කෝටි 48ක වත්කම්වල කතාව…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර වරදකරුවන් කොටු කරනවා – අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ගෙන් අධිකරණයට පොරොන්දුවක්!

Next Post

ඩොලර් මිලියන ගණනක් විද්ද බවට සැක සයිබ ප්‍රහාරය ගැන මුදල් අමාත්‍යාංශය කට අරී…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.