බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර වරදකරුවන් කොටු කරනවා – අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ගෙන් අධිකරණයට පොරොන්දුවක්!

by editor
අප්‍රේල් 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර හතක් ගතවී ඇති පසුබිමක, එහි අටවැනි සංවත්සරය සැමරීමට ප්‍රථම මෙම මහා අපරාධයේ වරදකරුවන් සියලු දෙනා යුක්තිය හමුවට පමුණුවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද (22) අධිකරණය හමුවේ දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය. නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටින සුරේෂ් සලෙයි, අද දින රඳවා තබා ගැනීමේ නියෝග මත දැඩි විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂක රැකවල් මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කර සිටියේය.

අධිකරණය  හමුවේ කරුණු දක්වමින්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  මෙසේ පැවසුවේය.

දේශීය සහයකින් තොරව මේ ප්‍රහාරය කරන්න බෑ”

ස්වාමීනි. මඩකලපුවේ ඉන්න මුස්ලිම් අන්තවාදීන්ටවත්, අයි.එස් ත්‍රස්තවාදීන්ටවත් , අල්කයිඩා ත්‍රස්තවාදීන්ටවත්  කිසිම සහයෝගයක් නැතිව ලංකාව තුළ මේ ප්‍රහාරය සිදු කරන්න බෑ.  තුන්වන සැකකරු මේ ප්‍රහාරය එල්ල කරන්න ප්‍රධාන ශක්තිය වෙලා තියනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ස්වාමීනි, ප්‍රගීත් එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් ඇතුළු පිරිසකගේ අතුරුදහන්වීම් සහ පහරදීම් සම්බන්ධව මෙම තුන්වන සැකකරු යටතේ සිටි ගිරිතලේ හමුදා කඳවුරේ සිටි බුද්ධි නිලධාරීන් පිරිසක් ද අත් අඩංගුවට පත් වෙනවා

ස්වාමීනී.. මොහු යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් යටතේයි මේ සියලු අපරාධ සිද්ධ වෙලා තිබෙන්නේ.  “

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය විශාල කාල පරාසයක සිට සිදුකළ සැලසුම්වලින් පසුව එල්ල කළ ප්‍රහාරයක් බව ද දිලීප පීරිස් අධිකරණය හමුවේ දී පෙන්වා දුන්නේ මෙසේය.

“ ස්වාමීනි.. පාස්කු ප්‍රහාරය සිදුව නැවත  අටවන සංවත්සරයක් සමරන්න පෙර මෙම අපරාධයේ වරදකරුවන් යුක්තිය හමුවට අපි ගේනවා.”

දේශපාලන පෙරළි සහ ප්‍රහාරයේ සමගාමී සබඳතාව

2015 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලය අවසන් වී නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට ජනාධිපතිවරණයක් පැවැත්වුනා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලයේ දී දින 52ක ආණ්ඩු පෙරළියක් සිදුවුණා. එම දින 52 පෙරළිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නා ස්වාමීනි.

මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමත් සමග මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කඩා දැමීමක් සිදුවුණා. මේ කාලය වනවිට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසි භාවය හිමි තැනැත්තෙක්. පසුව ඔහු ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලීම් කළා.

2018 වසරේ මාර්තු 25 ගෝඨාභය රජපක්ෂ ඉන්දියන් එක්ස්ප්‍රස් එකට ප්‍රකාශයක් ලබා දෙමින් මම ජනාධිපතිවරණයට එන්න සූදානම් කියලා කියනවා. මේ සියලු සිදුවීම් මේ පාස්කු ප්‍රහාරය හා සමගාමීව සිදුවූ දේවල් ස්වාමීනි.

සාක්ෂිකරුවන්ට බලපෑම් සහ බල්ලන්ට වහ දීම

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත්  කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතුවලට බාධා සිදුවන අතර සාක්ෂිකරුවන්ට ද බලපෑම් එල්ල වී ඇති බවය.

“ ස්වාමීනි.. මේ විමර්ශන කටයුතුවලට දැන් බාධා එල්ල වෙන්න පටන් අරන් තියනවා. පසුගිය නඩු වාරයෙන් පසු  දින එක් සාක්ෂිකරුවෙකුගේ නිවසට බුද්ධි නිලධාරියෙක් ගිහින් තියනවා. ඒ සාක්ෂීකරුගේ ගෙදර තිබිලා අත් බෝම්බ 05ක්, පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා. එම අයුධ එස්ටීඑෆ් එක හරහා ඔහුගේ නිවසට දාපුවා. “

“ඔහුගේ ගෙදර හිටපු බල්ලො හය දෙනාටම වහ දීලා මරලා. මේ විමර්ශනයේ සාක්ෂිකරුවන්ට යුද හමුදා බුද්ධි බලකාය දිගින් දිගටම බලපෑම් කරනවා. යුද හමුදාව කියන්නේ රජයේ ආයතනයක්. නමුත් විමර්ශනයට යුද හමුදා බුද්ධි අංශය සහය දක්වන්නේ නෑ ස්වාමීනී.”

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අනාවරණය කර සිටියේ ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලය තුළ හිටපු අමාත්‍ය පිල්ලෙයාන් සහරාන්ගේ සොහොයුරෙකුව බන්ධනාගාරය තුළ දී මුනගැසී ඇති  බවය.

එය තුන්වන සැකකරු සුරේෂ් සලෙයිගේ අනුදැනුම මත සිදුවූ හමුවීමක් බව අසාද් මවුලානා චැනල් 04 නාලිකාවට කළ ප්‍රකාශයේ සඳහන් වන බව ද දිලීප පීරිස් අධිකරණය ඉදිරියේ කීවේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා    අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කළේ ද යන්න අසා සිටියේය.  ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් කියා සිටියේ ප්‍රංශයේ සිටින අසාද් මවුලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලය හරහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවය.

“විමර්ශනය ක්‍රීඩාවක් නෙවෙයි” – මහේස්ත්‍රාත්

කරුණු සලකා බමින් කොටුව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ මෙම විමර්ශනය ක්‍රීඩාවක් නොව  ඉතාම සංවේදී කාරණාවක් බවය.  මහේස්ත්‍රාත්වරයා මෙසේ පැවසුවේය.

“ මෙම විමර්ශනය ක්‍රීඩාවක් නොවේ. මෙය ඉතාම සංවේදී කාරණාවක්. තියෙන කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරීමයි වැදගත් වන්නේ.  එතනින් පහළට තිබෙන කරුණු හෝ මතවාදවලින් ප්‍රයෝජනයක් නෑ. අන්තිමට වෙන්නේ වින්දිතයින්ගේ අපේක්ෂා කඩවීම විතරයි. “

“ මෙතෙක් සිදුකළ විමර්ශන පිළිබඳව අධීකරණය සෑහීමකට පත් වෙනවා. වැඩිදුර විමර්ශන ප්‍රගතිය සඳහා නඩුව නැවත මැයි මස 06 වැනිදා පස්වරු 02ට කැඳවන්න නියෝග කරනවා. එදිනට රැඳවුම් භාරයේ සිටින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න. “ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන්න සලේ ගෙන් ඉල්ලීමක්

මෙහිදී සුරේෂ් සලෙයි වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දීමට සුරේෂ් සලේට අවශ්‍ය බවය.

අදාල ඉල්ලීම සම්බන්ධයෙන් සැකකරු සිතා බැලීමට යම් කාලයක් අධිකරණ ක්‍රියාපටිපාටිය යටතේ ලබා දෙන බවත් ඒ අනුව සැකකාර සුරේෂ් සලේට මාසයක කාලයක් ලබා දෙන බවත්, කොටුව මහේස්ත්‍රත්වරයා දන්වා සිටියේය.

එමෙන්ම සුරේෂ් සලේ වෙනුවෙන්  පෙනී සිටි නීතිඥවරයා සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉල්ලීම් 06ක් ඇතුළත් ඉල්ලීම් පත්‍රිකාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ලබා දුන්නේය. එම ඉල්ලිම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සුරේෂ් සලේ ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා අධිකරණ මානසි වෛද්‍යවරයෙක්, අධිකරණ අක්ෂි වෛද්‍යවරයෙක් සහ පෝෂණවේදියෙක් යොමු කිරීමට අවසර ලබා දෙන බවය.

නඩුකරය ලබන මැයි මස 20 වැනිදා යලි කැඳවීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් සහ තවත් තීරණ රැසක්… අද ප්‍රකාශිත කැබිනට් තීරණ  මෙන්න….

Next Post

නඩු කියන්න ආවොත් ලාල් කාන්ත කියන්නෙ රැක ගන්න තරම් කීර්ති නාමයක් නැති මැරයෙක් බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා… ලාල් ගේ එන්තරවාසියට හිරු ගෙන් උත්තරයක්….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.