බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවයට බදාදා නිවාඩු; පාසල්, සරසවි සහ අධිකරණත් වැසෙයි!

by editor
මාර්තු 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන සපයා ගැනීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනය රජයේ සේවකයින් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අද (16)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය.

මෙම නිවාඩුව පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයට ද අදාළ වන අතර සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම සහනය හිමි නොවේ. සතියේ ඉතිරි දින 4 තුළ සේවයට කැඳවිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරා ඇත.

පෞද්ගලික අංශය ද මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය සහ ලංකා සේවක සම්මේලනයෙන් ඉල්ලීම් කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මීට අමතරව සියලු රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, විශ්වවිද්‍යාල දේශන කටයුතු Zoom තාක්ෂණය ඔස්සේ සිදු කිරීමටත් අවසර දී තිබේ.

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති වුවද, QR ක්‍රමවේදයේ පවතින ගැටලු නිරාකරණය කරන තෙක් මෙම පියවර ගත් බව හෙතෙම අවධාරණය කළේය. දැනට මාසයකට සරිලන ඉන්ධන පවතින අතර තවත් නෞකා 4ක් මෙරටට පැමිණීමට නියමිතය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පවතින තත්ත්වය කළමනාකරණය සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ප්‍රධාන කමිටු 4ක් ද පත් කර ඇත:

  1. රාජ්‍ය සේවා කමිටුව: අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

  2. බලශක්ති කමිටුව: අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්.

  3. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කමිටුව: අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

  4. සුබසාධන කමිටුව: අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගැඹුරු යුද්ධයක් මැද ඊශ්‍රයාලය විසින් අත් හල ඊශ්‍රයාලයේ මිනිස්සු…. ‘කිරිඅත් ෂ්මෝනා’ මිනිස්සුන්ගේ   බංකර් ජීවිතවල කඳුළු කතාව…

Next Post

බලශක්ති අර්බුදය හමුවේ අභියෝග කළමනාකරණයට රජයේ වැඩපිළිවෙළ ගැන ජනපති කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.