හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී වික්‍රමරත්න අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
වෙඩිවැදීමෙන් අනතුරුව ඔහුව අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ. පොලිස්පති ධුරයට පත්වීමට පෙර ඔහු දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී. ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ස්ථිර කරන ලදී. මෙරට පොලිස් ඉතිහාසයේ දීර්ඝතම කාලයක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළේ ඔහුය. හෙතෙම වසර එකහමාරක කාලයක් එම ධුරයේ කටයුතු කළේය. අනතුරුව 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් ඔහු පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.







