එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා අඩු තීරුබදු ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම දුර්වල හා මමත්වය විසින් මෙහෙයවනු ලබන සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා පනවන ලද 30% ඇමරිකානු තීරුබදුවට ප්‍රතිචාර දක්වමින් ප්‍රේමදාස පවසන්නේ ශ්‍රී ලංකා අපනයන සඳහා වූ 30% ඇමරිකානු තීරුබදු යනු දුර්වල සාකච්ඡාවල මිල බව ඔහු පෙන්වා දෙන්නේය.
මමත්වය විසින් මෙහෙයවනු ලබන සෑම පුද්ගලයෙක්ම, විශේෂඥ හස්ථයක්ම අපව ඩොලර් බිලියන 3ක අපනයන ශේෂයක එල්ලා ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා සංකීර්ණ සැබෑ ලෝකයේ සාකච්ඡා සඳහා පෙළ පොත් විශේෂඥයින් මත යැපීමේ අන්තරාය සම්බන්ධ සිද්ධි අධ්‍යයනයක් ලෙස මෙම තත්ත්වය හඳුනාගත යුතු බවය.
විපක්ෂ නායකවරයාගේ මෙම අදහස් පළ වන්නේ අප්‍රේල් මාසයේදී 44% ක් වූ ඇමරිකානු තීරුබද්ද සියයට 14කින් අඩු කර තිබුණ ද තවමත් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින වැඩි කළ තීරුබදුවල බලපෑම අපනයන කරුවන් සහ වෙළෙද ආයතන අතර වැඩිවන කනස්සල්ල මධ්‍යයේය.








