සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා බංගලාදේශ විස්සයි 20 තරගාවලිය අද පල්ලේකැලේ දී ආරම්භ වීමට පෙර…

by editor
ජූලි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරගාවලිය අද පස්වරු 7ට පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාගංනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ. තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ආරම්භ වන්නේ විස්සයි 20 ආකෘතියේ ලෝකයේ දුර්වල කණ්ඩායම් දෙකක් අතර ය.

විස්සයි20 ආකෘතියේ ලෝක ශ්‍රේණිගතකිරීම්වල අප ඉන්නේ 07වන තැනය. බංගලාදේශය 10 වැනි තැනය. මේ කණ්ඩායම් දෙකේම ඉලක්කය ලබන වසරේ ලංකාවේ ද කොටසක් පැවැත්වෙන විස්සයි 20 ලෝක ශූරතාවයට අවශ්‍ය ගුණාත්මක කණ්ඩායම අත්හදා බැලීමය. බගංලාදේශයට නම් මේ තරගාවලිය තවත් අතකින් වැදගත් වනු ඇත. ඒ ඔවුන්ගේ නවක ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවේ තණතීරු අධ්‍යයනය කරමින් ඒ සඳහා හුරු වීමට ඉඩ ප්‍රස්ථා සැලසීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් ලෝලීන් තුළ බලාපොරොත්තු ඇති කරන ආකාරයේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ. ඒ වසරකින් ශ්‍රී ලංකා සංචිතයකට නම් නොකළ දසුන් ශානක සහ වසර දෙකකින් ශ්‍රී ලංකා සංචිතයකට නම් නොකළ චාමික කරුණාරත්න යළි කැඳවා තිබීමය. එමෙන්ම වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර තිබීම ද ශ්‍රි ලංකාව පැත්තෙන් දැනෙන සුළුය. දිනේෂ් චන්දිමාල් ද සංචිතයේ ඇත. බොහෝ විට චන්දිමාල්ගේ අවසන් විස්සයි20 ලෝක කුසලානය සඳහාවන සූදානම මෙයය.

කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම නිශ්චිතව නැත. තවමත් ස්ථාන කීපයක අඩුපාඩු සකස් කරගෙන කණ්ඩායමේ ජයග්‍රාහී සංයුතිය තෝරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පරීක්ෂණයකය.

2010 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට විස්සයි 20 කණ්ඩායම දුර්වල වූ දා සිට ශ්‍රී ලංකාව යළි නැගිටීමට තියුණු උත්සාහයක නිරත වී ඇත. කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක යන දෙදෙනාම ඔවුන්ගේ හැඩයේ සිටිති. නමුත් කණ්ඩායමක් ලෙස, ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ස්ථාවර විස්සයි 20 දක්ෂතා එකට එකතු වී නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් විස්සයි 20 තරඟ 13 න් අටක් පරාජයට පත්ව ඇත. පසුගිය වසරේ විස්සයි 20 ලෝක කුසලානයේදී, බංග්ලාදේශයෙන් ලද පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියෙන් විසි කර දැම්මේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කෙසේ වෙතත්, මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන්නේ දැඩි ආත්ම විශ්වාසයක් සහිත ජවයකිනි. තණ තීරු අපේය. ප්‍රේක්ෂකයින් අපේය. හුරු පුරුදු භූමිය ය. විස්සයි 20 තරගාවලියට ශ්‍රි ලංකා කණ්ඩායම පිවිසෙන්නේ ජයග්‍රාහී එක්දින තරඟාවලිය නිමා වී එක් දිනකට පසුය. එම තත්ත්වය ශ්‍රී ලංකාව පැත්තෙන් විශේෂය.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටින බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරග 2ක් සහ එක් දින තරග තුනක් සහිත තරග 05කට මුහුණ දී තිබේ. එක් තරගයක් ජයපරාජයෙන් තොරය. එක් තරගයක ජයග්‍රහණය සහිතවය.

එක්දින ටෙස්ට් තරග ආකෘතිවල යම් සාධනීය ලක්ෂණ සහිතව තරග වැදුන ද බංගලාදේශයට ඇති ගැටලුව ඔවුන්ගේ නරකම ආකෘතිය විස්සයි 20 තරග ආකෘතිය වීමය.

ඔවුන් ඔවුන්ගේ අවසන් විස්සයි 20 තරග 15න් 11ක් පරාජය වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මෑත ඉතිහාසයේදී විස්සයි20 තරඟ ආකෘතියේ කැපී පෙනෙන දක්ෂයන් නොවේ. 2020 වර්ෂයේ සිට මේ දක්වා බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි 20 තරග 06න් 4ක් ඔවුන් පරාජය වී ඇත.

මේ තරගාවලිය බංගලාදේශ කණ්ඩායම පුනරුත්ථාපනය වීමට අවශ්‍ය පර්යේෂණ අත්දැකීමක් ලෙස භාවිතා කිරීමට අවස්ථාව සැලසී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

30% තීරුබද්ද යනු දුර්වල සාකච්ඡාවලට ජාතිය ගෙවන මිලයි… සජිත් කියයි!

Next Post

කිරි පෝය ශාන්තිකර්මය දා ජොරා මරණ බලපිටියේ මැයියෝ…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.