ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගිය බ්‍රහස්පතින්දා ගැස්ට් කළ බැවින් අවශ්‍ය නම් ලබන සිකුරාදාට එහි පළවෙනි වර කියැවිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.
” ඒ කියන්නේ 26 වැනිදා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි.
“ඒ සම්බන්ධව මහජන පෙත්සම් ඉදිරිපත් කරන්න අගෝස්තු 10 වෙනකම් කාලය තියනවා. අගෝස්තු 10න් පස්සේ සති තුනක් ඇතුළත නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන්න ඕන. ඒ දින21 ඉවර වේවි අගෝස්තු 31 වනවිට. ඒක තමයි මේ පනත සම්බන්ධව අපට පෙනෙන කාල රාමුව.”
අධිකරණ ඇමතිවරයා කීවේය. එහෙත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යයට ප්‍රකාශ කළේ ලබන සතියේ පාර්ලිමේන්ත සැසියට අදාල න්‍යාය පත්‍රයට 22වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් නොවන බවය.
කෙසේ වෙතත් අධිකරණ ඇමතිවරයා පැවසුවේ කුමණ තත්ත්වයක් තුළ හෝ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව පැහැදිලි කළේය.
“මැතිවරණ කොමිසම කිසි බලපෑමකට යටත් නොවී ඒ උදවිය මැතිවරණය පැවැත්වීමේ කටයුතු සංවිධානය කළ යුතුයි. ඒකෙන් කාටවත් මගහරින්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නියමයක්.”
“මැතිවරණ කාලසීමාව එළඹෙනකොට සියලු බලතල කිසිවෙකුගේ නියෝගයක් නොමැතිව නීතියේ ක්‍රියාකාරිත්වය තුළින්ම ලැබෙන්නේ මැතිවරණ කොමිසමට.”
“ඔවුන් ස්වාධීනව කටයුතු කරාවි. කාටවත් දේශපාලන වශයෙන් මැදිහත් වෙන්න බෑ.” ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.







