අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 ක එකමුතුව අතර හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව ඇත.
මින් පෙර පක්ෂ 10 සහ අගමැතිවරයා අතර පැවති හමුවේ දෙවන අදියර ලෙස මෙම හමුව පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව කරනු ලබන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ වනවිට එය පිළිබඳ මූලික විරෝධයක් මතුකර තිබියදී ය.
මේ අතර 21 වන ව්‍යවස්ථාව සංශෝධන කෙටුම්පත හෙට පක්ෂ නායකයින්ට ඉදිරිපත් කිරීමට නියමියතව තිබේ.







