ලලිත් චාමින්ද –
ජාතික පාරිභෝගික අධිකාරිය විසින් සිනි, කිරිපිටි, බිත්තර, ගෑස්, පෙහොර, කීරිසම්බා ,බී ලූණු, යන භාණ්ඩ වල තොග සගවාගෙන සිටි වෙළඳුන් සම්බන්දයෙන් ඉකුත් වර්ෂයේ දි (2023) කිසිදු වැටලිමක් සිදුකොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
තොග සඟවාගෙන සිටි භාණ්ඩ අතුරින් පොහොර සම්බන්දයෙන් පමණක් 2021 වර්ෂයේ දි එක් වැටිලිමක් සිදුකොට තිබුණි. 2022 වර්ෂයේ දි මෙම සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් වැටලිම් සිදුකොට ඇත්තේ 20ක් පමණක් බවද විගණන කාර්යාලය පවසයි.
2021 හා 2023 යන කාලසිමාව තුළ වෙළඳපොළේ මෙම භාණ්ඩවල විශාල හිඟයක් පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම පසුගිය උත්සව සමයේදීත් මෙකි භාණ්ඩ සම්බන්ධයෙන් දැඩිකථා බහක් පාරිභෝගිකයින් අතර නිර්මාණය වි තිබුණි. පාරිභෝගික පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව තොග සගවා ගෙන සිටින වෙළඳුන් සම්බන්ධයෙන් වැටලිම් සිදුකළයුතු වේ. 2023 වර්ෂයේ දි මෙම භාණ්ඩවල තොග සඟවාගෙන සිටින වෙළඳුන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බව පාරිභෝගික අධිකාරිය පවසයි.
වැටලිම් සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස්කොට විමර්ශන නිලධාරින් සඳහා ඉලක්ක ලබාදි ඇති බවද පාරිභෝගික අධිකාරිය කියයි.
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා රැස්විමේ දි ද වැටලීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස පාරිභෝගික අධිකාරියට දැනුම් දෙනු ලැබිය.







