බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19න් පහළ ලෝක කුසලාන ඉන්දියා – බංගලි ගැටුමේ දීත් පොඩි උන් ලවා කරවූ ක්‍රිකට් කුපාඩිකම…. නායකයෝ අතට අත නොදී මගහරිති!

by editor
ජනවාරි 17, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට  බුලවායෝ හි  පැවැත්වෙමින් ඇති   19න් පහළ ලෝක කුසලාන මූලික වටයේ දෙරට හමුවන මුල්ම  තරගය ආරම්භයේ දී  , දෙරටේ නායකයින් සාම්ප්‍රදායිකව සිදුකරන අතට අත දීම මග හැරියහ.

පොඩිවුන්ගේ මේ හැසිරීමේ ගැඹුරු තත්ත්වයත්  සමඟ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයේ ප්‍රමාණය  පෙන්නුම් කර ඇත්තේ  ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි නොසන්සුන්තාවයක් ඇති කරමිනි.

ක්‍රීඩාවට දේශපාලනය ඍජුවම ඈඳා  ගනිමින් ඉන්දියාව ආරම්භ කළ මේ  දකුණු ආසියාතික වනචරයකම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සලු පිළි එකින් එක ගලවමින් ඇති ආකාරය දකිමු.

අද (17)  පැවති මූලික වටයේ තරගයේදී ඉන්දියානු නායක ආයුෂ් ම්හාත්‍රේ (Ayush Mhatre) සහ බංග්ලාදේශ නායක සවාද් අබ්රාර් (Zawad Abrar) කාසියේ වාසිය උරගා බැලීමට පෙර හෝ පසුව අතට අත දීමක් සිදු නොකළහ. මෙහිදී කාසියේ වාසිය බංග්ලාදේශ නායකයාට හිමි විය.

මෙම සිදුවීම  2025 ආසියානු කුසලානයේදී සහ කාන්තා ලෝක කුසලානයේදී ඉන්දියානු නායක සූර්ය කුමාර් යාදව් සහ හර්මන්ප්‍රීට් කෞර් පකිස්ථානයට එරෙහිව ප්‍රකට කළහ.  ඉන්දියාවේ පහල්ගම් (Pahalgam) ප්‍රදේශයට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියානු කණ්ඩායම් පකිස්ථාන කණ්ඩායම් සමඟ සුහදතාවය දැක්වීම ප්‍රතික්ෂේප කළහ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ආසියානු  තරගාවලියේ දී පකිස්ථානය පරදා ලද  ජයග්‍රහණය පහල්ගම් යුද විරුවන්ට ප්‍රදානය කරන බව සූර්ය කුමාර් යාදේවී ප්‍රකාශ කරන විට තමන් අතට අත දී සුපුරුදු සුහදතාවය සඳහා සූදානම් වී සිටි   පකිස්ථාන නායක සල්මන් ආගා පැවසුවේය.   මේ විරසකය ඉන්දීය ගැහැණුද යාවත්කාලීන කරගෙන ගියහ. ඉන්දීය පොඩි උන් ද පවත්වාගෙන ගියහ.

දැන් එය බංගලි සහ ඉන්දියානු පොඩි උන්ගෙනුත් ප්‍රකට වෙමින් ඇත.  නායකයන් දෙදෙනා කාසියේ වාසිය සඳහා පිටියට පැමිණි අවස්ථාවේදී ඔවුන් එකිනෙකා අසල සිටියද, කිසිදු සුහදතාවයක් ප්‍රකට නොවුනි. අතට අත දීමක් සිදු නොවීය.   කාසියේ වාසිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද ඔවුන් දෙදෙනා   වචනයක් හෝ හුවමාරු කර නොගෙන වහාම පිටියෙන් ඉවත්ව ගියහ.

පසුබිම සහ දේශපාලන බලපෑම්

බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධ වාර්තා හේතුවෙන් ඉන්දියාව තුළ පවතින මහජන විරෝධය හමුවේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව (Mustafizur Rahman) එළඹෙන IPL තරගාවලියෙන් ඉවත් කිරීමට පියවර ගැනුණි.

මුස්තාෆිසුර් IPL තරගාවලියෙන් ඉවත් කිරීමත් සමඟ තවත් මතභේදයක් ඇති විය. එනම්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) එළඹෙන 2026 ICC T20 ලෝක කුසලානය සඳහා සිය කණ්ඩායම ඉන්දියාවට එවීමට අකමැත්ත ප්‍රකාශ කිරීමය.

බංග්ලාදේශය ඉල්ලා සිටින්නේ තම තරග ඉන්දියාවෙන් බැහැරව (සම සත්කාරක) ශ්‍රී ලංකාවට මාරු කරන ලෙසය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මේ ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටී. ඔවුන් පවසන්නේ ප්‍රකාශයට පත් කළ කාල සටහන් වෙනස් කිරීමට අදහසක් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයට නොමැති බවය.

මේ වනවිට තත්ත්වයේ තවත් වර්ධනයක් දක්නට ලැබේ.   මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

ඊට හේතු ලෙස ඔවුන් පවසා ඇත්තේ, අදාළ නියෝජිතයා ඉන්දීය ජාතිකයෙකු බවය.

කෙසේ නමුත් ICC දූෂණ විරෝධී සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇන්ඩෲ එෆ්. ග්‍රේඩ් අද (17) ඩකා නුවරට පැමිණීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසා ඇත.

කෙසේ වෙතත් මේ දකුනු ආසියානු කලාපීය ක්‍රිකට් ම්ලේච්ඡත්වය  ක්‍රීඩාවේ නාමයෙන් නිමා නොකරන්නේ නම් මේ ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් පවත්වා ගැනීමේ    අර්ථයක් නැති වනු ඇත.

Toss news 🗞️#TeamIndia will bat first in their second group game 🆚 Bangladesh!️#ICCMensU19WC | #INDvBAN 👉 LIVE NOW ➡️ https://t.co/DGP23ftABG pic.twitter.com/5hZ9PFHbFL

— Star Sports (@StarSportsIndia) January 17, 2026

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් වඩමවන සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන රජය මහා නායක හිමිවරුන්ට දැනුම් දෙයි!

Next Post

ශ්‍රී ලංකාව යෞවනයන් ජපානය අභියස වාර්තා පිට වාර්තා තබති…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.