සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසා යුද්ධයෙන් සම්පූර්ණ ජයග්‍රහණයක් අවශ්‍යයි… රෆා නගරය වෙත ප්‍රහාර එල්ල කරන බවට නෙතන්යාහු අවධාරණය කරයි!

by lankasara-editor
මැයි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා පවතින සටන් විරාම සාකච්ඡා මධ්‍යයේ වුවද රෆා නගරය වෙත ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා වල දැක්වෙන පරිදි නෙතන්යාහු ඊයේ එනම් අඟහරුවාදා දින පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් දැනට මාස හතකට ආසන්න කාලයක් පුරා පවතින යුද්ධයෙන් සම්පූර්ණ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ගිවිසුමක් ඇතිව හෝ නැතිව රෆා නගරයේ ඇති හමාස් බලඇණි විනාශ කරන බවයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමක් පිලිබඳව සහ ගාසා තීරයේ පලස්තීන කණ්ඩායම් විසින් ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින සිරකරුවන් සමග ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින පසුබිමකයි ඊයේ පැවති, ගාසා හි සන්නද්ධ කණ්ඩායම් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සමඟ තිබූ රැස්වීමකදී නෙතන්යාහු මෙලෙස තම ස්ථාවරය ප්‍රකාශ කර ඇත්තේ. නමුත් හමාස් සංවිධානය මීට පෙර පවසා තිබුනේ ස්ථිර සටන් විරාමයක් සහ ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම ඇතුළත් නොවන ගනුදෙනුවක් තමන් පිළි නොගන්නා බවයි.

නෙතන්යාහු ගේ ප්‍රකාශයත් සමග විවිධ පාර්ශව ඒ සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා. මිලියනයකට අධික පලස්තීනුවන්ට රැකවරණය ලබාදෙන රෆා නගරයට ප්‍රහාර එල්ල කලහොත් එය මහත් ව්‍යසනකාරී එකක් වනු ඇති බව ආධාර ලබාදෙන ආයතන අනතුරු අඟවා තිබෙන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ දින ඊශ්‍රායලයෙන්, තවත් සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමා සිය දහස් ගණනකට පලා යාමට බල කරන මිලිටරි ප්‍රහාරයක් සමඟ ඉදිරියට නොයන ලෙස ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ යුද්ධයෙන් පුද්ගලයන් 34,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3 ක පමණ වන ජනගහනයෙන් ආසන්න ලෙස සියයට 80 ක් පමණ පිරිසක් තම නිවාස අතහැර දකුණු ගාසා තීරයට ගොස් සිටින අතර ප්‍රදේශය සාගතයට ඇද දමමින් නගර කිහිපයක විශාල විනාශයක් සිදු ව තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රතිචාරයක් අද එනම් බදාදා සවස් වන විට හමාස් සංවිධානය වෙතින් බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය  ගැන නියත සාධාරණ විමර්ශනයකට   සහතිකවන ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න… කාදිනල් හිමියෝ කියති!

Next Post

රට පුරා මැයි දින රැළි සහ පෙළපාළි 40ක්… මැයි දින සැමරුම් උත්සව 19ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.