බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටයිම් අවුට්….

by editor
මාර්තු 9, 2024 - Updated on මාර්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තරගාවලිය දිනුම්ය.  විස්සයි 20 ශ්‍රේණිගතකිරීම්වලදී අප ඉන්නේ බංගලාදේශයට වඩා ඉහලින් බව සැබෑය. නමුත්  බංගලාදේශය සමග බංගලාදේශයේ  දී තරගාවලියක් ජයග්‍රහණය කිරීම මරුය.

මේ වනවිට අපට දැනෙන භාෂාවෙන් කියනවා නම් බංගලියන් ටයිම් අවුට් ය.

අද Sylhetහි පැවති තරගය බංගලාදේශයට එල්ලවූයේ බලාපොරොත්තු නොවුන ප්‍රහාරයක් බව කිව යුතුය.  කාසියේ වාසිය දිනන්නේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. ශ්‍රී ලංකා කණඩායම ලකුණු 175 සීමා කිරීමත් කළහ. පිතිකරුවන්ගෙ  පරාදිසියක් වූ, Sylhet තණ තීරුවේ මේ ලකුණු ප්‍රමාණය මදි බව අපට සිතිනි.   කුසල් මෙන්ඩිස් පන්දු 55 කදී ලකුණු 86 ක් රැස්කරමින් මේ ඉලක්කයට කණ්ඩායම ගෙන ඒමේ ලොකුම කොටස කළේය.

කලකින් දුටු අසිරිමත් පන්දු යැවීමක් සිදුකළ   නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ඇතුළුව ලකුණු 20කට  කඩුලු 5 ක් බිඳ  හෙළමින් බංගලි ඉනිම කුඩු කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉතින් අප 2-1ක් ලෙස තරගාවලිය දිනුම්ය.

තුෂාර සිය පළමු ඕවරයේ දී   කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් බංග්ලාදේශ මුල් පෙළ පිපිරවීමට සමත් විය. ඔහු එම දස්කම දැක්වූ හයවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

නුවන් තුෂාර කඩුළු ත්‍රිත්වයක්!

දිනයේ බංග්ලාදේශයේ හොඳම පන්දු යවන්නන් වූ රිෂාඩ් හොසේන් සහ ටස්කින් අහමඩ් පිතිකරණයේ වගකීම ගත්හ.  රිෂාඩ් පන්දු 30කදී හයේ පහර 7ක් එල්ල කරමින් ලකුණු 53ක් ලබා ගත්තේය. ඒත් අද දවස අයිතිව තිබුණේ නුවන් තුෂාරටය.     ශ්‍රී ලංකාව   ආරම්භක අදියරේදී පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රමාණවත් පසුබිම සකස් කරගෙන තිබිණි.

තුෂාර බංග්ලාදේශය කුඩු කළ හැටි

මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටියේය. නුවන් තුෂාර කණ්ඩායමට ඇතුළු වන්නේ ඒ නිසාය.   තුෂාර පන්දු යවන්නට කැඳවන්නේ තරගයේ  සිවුවැනි ඕවරයේදී ය.   ඔහු වමතින් පිත්ත හසුරුවන නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ කඩුල්ල කුඩු කළේය.  අනතුරුව ටොවිඩ් හ්‍රිඩෝයි ය. අප දැක්කේ හිඩ්‍රෝයිගේ වම් ඉන්න ගැලවී ගුවන්ගතවන අයුරුය.  අනතුරුව අප දුටුවේ සංයමය බිඳගත් බංගලි ක්‍රීඩකයා ශ්‍රී ලාංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ගහන්න එන අයුරුය. අවුල බේරන්නට ටෙන්විරු අහමඩ් මැදිහත්වනු දුටුවේය.

ඊලඟ පන්දුව තුෂාර යොමු කරන්නේ මහමුදුල්ලාට ය. මහමුදුල්ලාට තුෂාරව තේරුනේ නැත ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ඒ මනරම් පන්දු යැවීම    අය  එම පන්දු තුනෙන් හොඳම එක කුමක්ද යන්න පිළිබඳව විවාදයක් ඇති වීමට නියමිතයැයි සිතමු.

කුසල්ගේ නර්තනය –

කාසියේ වාසිය අහිමි වී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන විට, බංගලාදේශයට එල්ල වූ ලොකුම තර්ජනය කුසල් මෙන්ඩිස්ය.   ඔහු ශ්‍රී ලංකාවේ මුළු ලකුණු 174 න් අඩකට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තේය. කුසල්   පන්දු 55කදී  රැස්කළ ලකුණු  86 ඔහු  විස්සයි20 තරගයක දි  ලබා ගත්   ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.

තුෂාරගේ ත්‍රිත්ව ත්‍රිත්වයෙන් පසුව බංග්ලාදේශයේ අවසානය ආසන්න විය. 18,000 කට අධික ප්‍රේක්ෂකයින් ඒ වන විටත් නිහඬව සිටියේය. , බංග්ලාදේශය සිටියේ  කඩුලු 6 කට ලකුණු 32 ක් ලබා ගෙනය.   වනිඳු හසරංග ජේකර් අලි   දවාලීමත් සමඟ එය වඩාත් නරක අතට හැරුණි. බංගලියන් කර වටක් ගිලි ඉද්දි යන්තම් උඩට ආවේ  රිෂාඩ්ගේ සුපිරි ඉනිමෙනි.

රිෂාඩ්ගේ සුපිරි ඉනිම….

පන්දුවෙන් ද රිෂාඩ් කණ්ඩායමට ඉහළ වගකීමක් ඉටු කළේය. ඔහු තම පළමු ඕවරයේදීම කමිඳු මෙන්ඩිස්ව ඉවත් කළේය.  අනතුරුව ඈන්ජලෝ මැතිව්ස් ද ඉවත් කළේය.

කෙසේ වෙතත් රිෂාඩ්ගේ වෑයම කොටය. තරගාවලිය ජයග්‍රහණය අපේය. බංගලියන් “ටයිම් අවුට්” ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමට අපහාස වන පරිදි වට්සැප් හරහා පණිවිඩ හුවමාරු කල වරදට පාකිස්ථාන සිසුවෙකුට මරණ දණ්ඩනය…

Next Post

රෝයල් තෝමියන් මැච් එකේ දි ජනපති ගත්ත ෆන් එක… “බිව්වා නේද වදකහ සුදිය”

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.