කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 50 ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 42.4 ක දී ලකුණු 164කට සියලු දෙනා දැවී ගියහ. ආසියානු කුසලාන තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ් තරගයේ මුල් අර්ධයේ සම්පූර්ණ ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමටය.
බංගාලදේශය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ නජ්මුල් හොසයින් ෂන්ටො ල පන්දු 122ක දී ලකුණු 89ක් ලැබුවේය. ඊට හතරේ පහර 07ක් අතුළත් වූයේය.
ටොවිඩ් හ්‍රිඩොයි පන්දු 41ක දී ලකුණු 20ක් ද මොහොමඩ් නයිම් පන්දු 23ක දී ලකුණු 16ක් ද ලැබුවේය. අනෙක් කිසිවෙක් ලකුණු 06 සීමාව පසු කළේ නැත.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුන මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 8ක දී ලකුණු 19ට කඩුළු 02ක් ද, මතීෂ පතිරණ ලකුණු 32ට කඩුළු 04ක් ද ලැබුවේය.
ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, දසුන් ශානක කඩුල්ල බැගින් බිඳ හෙලුවේය.
ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක් හිමි වී තිබේ. බැලූ බැල්මට පහසුවට පෙනෙන නමුත් බංගලාදේශ කණ්ඩායම එය පහසුවෙන් ශ්‍රී ලංකාවට ලබා නොදෙනු ඇත.