ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමතා පරිපාලන නිලධාරියෙකුට මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට නොසුදුසු අසභ්‍ය වචන වලින් බැණ තර්ජනය කළ බවත් ඒ සම්බන්ධ කරුණු රට හමුවේ හෙළිදරව් කිරීමත් සමඟ තමන්ට සිදුවූ අපකීර්තිය වසා ගැනීමේ අරමුණ ඇතිව පීඨාධිපතිවරයා මහා ශිෂ්‍ය සංගමයේ සභාපති උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තමන් ට දුරකතන ඇමැතුමක් ලබාදුන් බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිිටින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙවැනි අසත්‍ය පුවත් සමාජගත නොකරන ලෙස සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටින බව ද අදාළ මාධ්‍ය නිවේදනය මගින් ඔහු ඉල්ලීමක් කරයි.
එම නිවේදනයේ පහත දැක්වේ.
ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට බැන වැදුන ආකාරය පහත දැක්වේ.