ඉන්දියාව සභාපතිත්වය දරණ ජී 20 සමුළුව නව දිල්ලි අගනුවර පැවැත්වීමට නියමිත බැවින්, නවදිල්ලියේ වීදි සහ පොදු ස්ථාන අලංකාර කරමින් සරසමින් මාර්ග සහ අනෙකුත් පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු කිරීමට විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.
ජී 20 සමුළුව සැප්තැම්බර් 9 සහ 10 යන දිනවල දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතයි. එහිදී ලොව ප්‍රබල රාජ්‍යන් රැසක නායකින් සහ නියෝජිතයින් නව දිල්ලි අගනුවර වෙත පැමිණීමටද නියමිතය.
ඒ අනුව ඉකුත් සති කීපය තුලදී නව දිල්ලි මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් සියලුම පාර්ශවයන්ගේ සහය ඇතිව නව දිල්ලිය අලංකාරවත් කිරීමට වැඩටසහන් රැසක්ම ක්‍රියාත්මක කර තිබේ. එහිදී රාජ්‍ය අංශවල වැඩි දායකත්වයක් හිමිව ඇති අතර එහිදී නිලධාරීන් දිනය පුරාම වෙහෙසෙමින් කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.
මෙහිදී අබලන් වී ඇති ඇතැම් මාර්ග සහ විදී විශේෂ පිලිසරක කිරීම් වලටද පිරිසිදු කිරීම් වලටද ලක්කර ඇති බවටද ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර අමුත්තන් පිළිගැනීමට දිල්ලි සම්පූර්ණයෙන්ම සූදානම් බව දිල්ලි අමාත්‍ය සෞරබ් භාරද්වාජ් පැවසීය. “භාරතීය ජනතා පක්ෂයේ අරමුදල් ගැන කතා කිරීමෙන් එහි නොගැඹුරු දේශපාලනය පිළිඹිබු කර ඇත. අපි අරමුදල් ගැන කතා කළේ නැත. අපි දිල්ලි පමණක් අලංකාර කරනවා. මධ්‍යම රජය දිල්ලි රජයට ජී20 සඳහා කිසිදු මුදලක් ලබා දී නැත. ඔවුන් එය ලබා දුන්නේ නම්, එය වඩා හොඳ විය හැකි නමුත් ඔවුන් එය ලබා දුන්නේ නැත, අපි තවමත් ඉල්ලීම් කර නැත, ”භාරද්වාජ් වැඩිදුරටත් පවසා තිබේ.