මහනුවර සංචාරයක් අතරතුර දී දින හතරක් තිස්සේ අතුරුදහන්ව සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඇය අනතුරට පත් වී ඇති බව හෙළි වන්නේ කඩුගන්නාව, අලගල්ල කන්දේ පාගමනින් යමින් සිටියදී ය.
පසුගිය මස 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඇති ඇය තනිව සංචාරයක නිරත වෙමින් සිටියාය. සංචාරය අතර දී ඉරිදා (ජූලි 09) නුවරට පැමිණි ඇය අංකුඹුර බැක්පැකර්ස් නේවාසිකාගාරයක නතර වී ඇත. ඇය සඳුදා (10) පා ගමනක් යන බව පවසා පික් මී රථයකින් අලගල්ල ප්‍රදේශය වෙත පැමිණ ඇතැයි වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් ඊයේ (13) වනතුරු ඇය නේවාසිකාගාරයට නොපැමිණි නිසා නේවාසිකාගාර කළමනාකරු මහනුවර සංචාරක පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරමින් දන්වා සිටියේ මෙම තරුණ කාන්තාව නේවාසිකාගාරයට යළි නොපැමිණි බවත් දින 03ක් තිස්සේ කිසිම තොරතුරක් නැති බවත්ය.
ඒ අනුව අද උදේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අද උදේ අලගල්ල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක දී ඇයගේ සිරුර සොයාගෙන ඇති බව පොලිසිය කීවේය.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට ද දැනුම් දී තිබේ.