සුමිත් පොතුපිටිය –
පානදුර ජනප්රිය පාසලක සිසුවෙකු එම පාසලේම සිසුවෙක්ගෙන් එල්ලවූ බෝතල් කටු ප්රහාරයකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්රකාශකයෙක් පැවසීය .
පානදුර, නල්ලූරුව ප්රදේශයේ පදිංචි 12 හැව්රිදි දරුවෙකු මෙසේ රෝහල් ගතකර ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ප්රකාශකයෙක් පැවසීය
පහරකැමට ලක්වූ දරුවාගේ පියා විසින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බවද පොලිසිය කීය.
පහරකෑමට ලක්වූ සිසුවා පහරදුන් සිසුවාට නිතර නිතර විහිළුකර ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙලිව ඇතැයිද පොලිසිය කීය.
පහරදීම සිදුකර ඇත්තේද වයස අවුරුදු 12 අඩු අයවලුන් සිදුකරන වැරදි සම්බන්දයෙන් විමර්ශන සිදුකරන නමුත් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්රියංකර මහතාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරති