සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය සඟවන , සඳගල උස්සපු හොරු සංස්කෘතික අමාත්‍යාංශය දැනගෙන… හොර නඩය මෙන්න…

by editor
දෙසැම්බර් 30, 2022
in පුවත්
සඳගල ගෙනියන හොරු...  ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල  පෙනුන ආකාරය...

සඳගල ගෙනියන හොරු... ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය...

Share on FacebookShare on Twitter

පසුගිය 14 වැනිදා කුණ්ඩසාලයේ උඩ මළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ “සඳගල“ ඓතිහාසික පුරා ස්මාරකය ගලවාගෙන ගොස් ඇති ප්‍රධාන සැකකරුවන් තිදෙනාම හඳුනාගෙන තිබෙද්දී පොලිසිය විසින් ඇති තතු සඟවා සැකකරුවන් ආරක්ෂා කරමින් සිටින්නේ කුමක් නිසා දැයි සංස්කෘතික අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් විමසා ඇතැයි වාර්තා වේ.

ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන පුරා  වසර 32 ක්   රජකළ සිංහලයේ අවසන් රජු වූ    ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි බවට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා රක්ෂිත භූමියේ මෙම දුර්ලභ ඓතිහාසික ස්මාරකයක් පිහිටා තිබිණි.

සොරකම් කිරීමට පෙර පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු…

පසුගිය (14) දා අළුයම මෙම පුරාස්මාරකය ගලවාගෙන සේ ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවන් තිදෙනෙකුගේ මැදිහත්වීමෙන් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මෙම අපරාධය සඳහා ඩිෆෙන්ඩර් රථයක රැකවරණය යටතේ බූම් ට්‍රක් රථයක් පැමිණෙන ආකාරය සීසීටීවී දර්ශන තුනක සටහන් වී ඇති අතර එම ඩිෆෙන්ඩර් රථය හිමිකරු මේ වනවිට හඳුනාගෙන තිබේ.

ප්‍රදේශයේ ඉහළම දේශපාලන බලවතාගේ රැකවරණය යටතේ සිටින මෙම තැනැත්තා පුරාවස්තු කොල්ලය සඳහා පැමිණෙන ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි කර ඇත්තේ ඔහුගේ දියණියගේ නමට බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම මේ අපරාධය පසුපස සිටින අනෙක් පුද්ගලයා කලක් පලතුරු ව්‍යාපාරයක යෙදී සිටි අයෙක් බව බුද්ධි තොරතුරු අනාවරණය කර ඇත. තුන්වැන්නා මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුව සම්බන්ධකම් ඇති මහනුවර අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින, මේ වනවිට ඉහත කී දේශපාලන බලවතාගේ ආධාරකරුවෙක් ලෙස පෙනී සිටින අයෙක් බවද බුද්ධි තොරතුරුවලින් හෙළි වී තිබේ.

දෙමටගොඩ චමින්ද නැමති මත්ද්‍රව්‍ය ජවාරම්කරු පල්ලෙකැලේ රක්ෂිත බන්ධනාගාරයේ සිටි අවධියේ ඔහුව එළියේ සිට රැකබලාගැනීම භාරගෙන තිබී ඇත්තේ මේ තුන්වැනියට කී සැකකාර පුද්ගලයාය.

කෙසේ වෙතත් විමර්ශනය භාර   ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පත්කරගැනීමට දේශපාලන හයිය ලැබී ඇත්තේ මෙම පුද්ගලයින් තිදෙනාගෙන් බව අනාවරණය වී ඇත.

එමෙන්ම  විමර්ශන භාරව කටයුතු කරන විශේෂ ඒකකයක පොලිස් සථානාධිපතිවරයෙක් පත්කිරීමේ දේශපාලන ප්‍රෙව්ශය ලබා දී ඇත්තේ මෙම පුද්ගලයින් විසින් යැයි පැවසේ.

මේ තත්ත්වය තුළ විමර්ශන භාර පොලිස් නිලධාරීන් ඉහළටත් බොරු කරමින් විමර්ශනය යට ගසන බව මේ වනවිට හෙළි වී ඇත.

සංස්කෘතික අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධව පොලිස්පතිවරයා ඍජුව විමසා ඇත්තේ මේ හේතුවෙන් බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ විමර්ශනයට සම්බන්ධ වි සැකකරුවන් වසන් කරමින් සිටින යම් පොලිස් නිලධාරියෙක් වේ නම් ඔවුන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස්පතිවරයා සූදානම් බව ද දැනගන්නට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදි ගේ අම්මා….

Next Post

පොලිස්පති ධූරයට පොරකන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් අමතා තමන් විශ්‍රාම යන දවසට කරන කතාව පොලිස්පතිවරයා කලින් කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.