සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මෝදි ගේ අම්මා….

by editor
දෙසැම්බර් 30, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

තේජාන්විත සියවසක් දෙවියන්ගේ දෙපා මුල නිමා විණි.’

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ට්විටර් පිටුවේ එසේ සටහන් වූයේ 2022 දෙසැම්බර් 30 වෙනි සිකුරාදාය. එනම් අද උදේය. 

වසර 99ක් ආයු වැළඳූ අග්‍රාමාත්‍යවරයාගේ මෑණියන් වන හීර්බෙන් මෝදි අභාවප්‍රාප්ත වූයේ එදින උදෑසනය. ඇය මේ වනවිට අගමැති පුතුගේ කර මතින් අවසන් ගමන් නික්ම ගොස් ඇත. මහා බලවත් ඉන්දීය අගමැතිවරයෙකුගේ චාම් දුගී අභිමානවත් ඉන්දියානු අම්මා කෙනෙක් සම්බන්ධව ගෞරවාන්විත මතකයක් ඉතිරි කරමිනි.

1923 ජූනි 18 වෙනිදා ගුජරාට් හි, මෙහ්සානා විස්නගර් හි හීර්බෙන් උපත ලැබුවාය. පවුලේ වැඩිමහල් දරුවා ලෙසින් උපත ලැබූ ඇයට සිය ළමා කාලයට විඳීමට නොහැකි වූයේ තමන්ට බාල සහෝදර සහෝදරියන් රැක බලා ගන්නට සිදු වූ නිසාය.

තේ වෙළෙන්දෙකු ලෙස රැකියාව කළ දමෝදර්දාස් මුල්චාන්ද් මෝදි හා විවාහයෙන් පසුව ද පවුලේ වැඩිමහල් ලේලිය ලෙස ඇගේ කරපිට පැටවී තිබුණේ විසල් වගකීම් කන්දරාවකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ කාලේ අපිට තිබ්බේ කුඩා නිවසක්. ඒ නිවසට ජනේලයක්වත්, වැසිකිලියක්වත් තිබ්බේ නෑ.. එක කාමරයක්, මඩ බිත්ති සහිත නිවසේ මගේ දෙමව්පියන්, මම වගේම මගේ සහෝදර සහෝදරයින් ජිවත් වුණා..”

නරේන්ද්‍ර මෝදි සිය බ්ලොග් අවඩියේ මව ගැන සටහනක් තබමින් පවසා තිබේ.

කෙතරම් ආර්ථික අපහසුතා, හිරිහැර කරදර මධ්‍යයේ වුවත් ඇය සිය පවුල සමගියෙන් සතුටින් තබා ගැනීමට කටයුතු කළාය.

නිවසේ වියදම් සඳහා සැමියාට සහය වීමට ඇය නිවාස කිහිපයක භාජන සෝදමින් මෙහෙකාරකම් කළාය. ඒ අතර චර්කා කැරකැවීම, කපු ලෙලි ගැසීම, නූල කැටීම වැනි සියල්ලම ඇය සිදු කළාය.

“මේ කොන්ද කැඩෙන කාර්යයයේදීත් ඇගේ ප්‍රධානතම සැලකිල්ල යොමු වූයේ කපු කටින කටු අපිට නොවැදෙන බව සහතික කිරීමයි..” අග්‍රාමාත්‍යවරයා අම්මා ගැන කීවේ එසේය.

ජීවන යාත්‍රාව ඇය පැද ගියේ ඉතා අපහසුවෙන් වුවත්, ඇගේ මුවින් සිනාව කිසි විටෙක මැකී ගියේ නැත. සිය දරුවන් නිවැරදි මාර්ගයේ ඉදිරියට ගෙන යන්නට ද ඇය සිය පූර්ණ අවධානය යොමු කළාය.්‍

වෙලාවට හා පිළිවෙලට වෙහෙස මහන්සි වී කටයුතු කරන්නියක වන හීර්බෙන් වැඩ කරන අතරතුර ඇගේ ප්‍රියතම භජන් හා ගීතිකා මුමුණන්නට පුරුදු වී සිටියාය.

සිය පුතු ඉන්දියාවේ අගමැතිවරයා වුවත් ඇය සාමාන්‍ය අයුරින් ජීවත් වූ අතර ප්‍රසිද්ධ වැඩසටහන්වලට කිසිදා සහභාගී වුනේ නැත. තමා සමඟ අම්මා පෙනී සිටියේ අවස්ථා දෙකකට පමණක් බව මෝදි සඳහන් කර තිබිණි.

2014 දී ඔහු අගමැති ලෙස දිවුරුම් දුන් පසුවත් මව ඔහු බැලීමට දිල්ලියට පැමිණ තිබුනේ ඉන් වසර දෙකකට පසුවය.
‘මම දුරකථන ඇමතුමක් දෙන හැමවෙලාවෙම අම්මා කිව්වේ කවදාවත්, කාටවත් වරදක්වත් නරක දෙයක්වත් කරන්න එපා.. දුප්පතුන් වෙනුවෙන් වැඩ කරන්න කියලා..”

කෙතරම් කාර්යබහුල වුවත්, අග්‍රාමාත්‍යවරයා, ඔහුගේ බාල සොහොයුරා වන පංකජ් මෝදි සමඟ වාසය කරන සිය මව බැලීමට යෑමට වේලාව වෙන් කර ගත්තේය. ඕනෑම වැදගත් අවස්ථාවකට මුහුණ දෙන්නට පෙර මවගේ ආශිර්වාදය ලබා ගන්නට ඔහු පුරුදු වී සිටියේය.

“මගේ ජීවිතයේ වගේම චරිතයේ යහපත් ලක්ෂණ සියල්ල මගේ දෙමාපියන් මට ආරෝපණය කළ දේවල් කියලා මට කිසිම සැකයක් නෑ.. අද, මම දිල්ලියේ නිදහසේ වාඩි වී සිටින මොහොතවල් වල මම අතීත මතකයන් අතරේ අතරමං වෙනවා..”

මෝදි, සිය බ්ලොග් අඩවියේ සටහන් තබා තිබේ.

හීර්බෙන් මෝදි ජනතාව අතර ජනප්‍රිය වූයේ මෝදිගේ රජය රුපියල් 500 හා 100 නෝට්ටු තහනම් කළ විටයි. පැරණි නෝට්ටු මාරු කිරීම සඳහා බැංකුවලට ගිය මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් සේම ඇය ද බැංකුවකට ගිය අවස්ථාවක ලබාගත් ඡායාරූප ලොව පුරා ප්‍රසිද්ධ විණි.

‘මගේ අම්මා සරලයි වගේම අසාමාන්‍යයි. හරියට හැම අම්මා කෙනෙක් වගේම.’ අග්‍රමාත්‍යවරයා පවසන්නේ හැඟීම්බවරය.

අද (30) උදෑසන වසර 99ක් ආයු වළඳා මිය ගිය හීර්බෙන්ගේ අවසන් කටයුතු ද අද සවස පෙර අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

හීර්බෙන් මෝදි, ලෝකය පුරා ප්‍රසිද්ධ, ආදරණීය දරුවන්ගේ ආදරය විඳිමින් සිට, දිගු කලකට පෙර දෙව් තුරුලට ගිය සිය සැමියා සමඟින්, දෙවියන්ගේ දෙපාමුල සැනසිල්ලේ සිටින්නට ලෝකයෙන් නික්ම ගියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාම යෝජනාත් භාරගත්තට පස්සේ මැතිවරණය කල් දාන්න සැලසුමක්! – අනුර කුමාර දිසානායක කියයි…

Next Post

පොලිසිය සඟවන , සඳගල උස්සපු හොරු සංස්කෘතික අමාත්‍යාංශය දැනගෙන… හොර නඩය මෙන්න…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.