සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆොක්ස් හිල් අනතුරට මුල් වූ ධාවකයින් දෙදෙනා අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් තවත් 23 දෙනෙකුට තුවලා සිදුකරමින්  දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන්  එම අනතුරට මුල් වූ මෝටර් රථ දෙක ධාවනය කළ   රජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටියේය. අනතුර සිදුවූයේ පැයට කිලෝමීටර් 160කට අධික වේගවත් 18 වැනි තරග ඉසව්ව වන අශ්වබල 1500 කාණ්ඩය යටතේ පැවැති ෆෝර්ඩ් ලේසර් මැස්ඩා තරග ඉසව්වේදීය.

එම තරගයේ තුන්වැනි වටයේදී තරගකරුවන් වන රජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි විසින් පදවනු ලැබූ මෝටර රථ එකිනෙක ගැටීමෙන් පසු රජිත උළුවිට විසින් ධාවනය කළ මෝටර් රථය ඒ මොහොතේ ධාවන පථය අසල සේවයට යොදවා සිටි තරග අධීක්ෂකවරු දෙදෙනකු ද යටකරමින් අධික වේගයෙන් නරඹන්නන් දෙසට විසි වී ගියේය.

අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයේ ජනතාව විලාප දීමට පටන් ගත් අතර විශාල නොසන්සුන්තාවක් ද පැතිරී ගියේය. අනතුරින් ජිවිත 7ක් අහිමි වූ අතර බදුල්ල සහ දියතලාව රෝහල් වෙත 23 දෙනෙක් ඇතුළත් කරනු ලැබූහ.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ තරග පිළිබඳ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට් සංගමයේ සහ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සංවිධායකත්වයෙන් පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි තරග ඉසව් 25ක් සඳහා තරගකරුවන් 200කට අධික පිරිසක් සහභාගි වූ අතර, මෙරට මෝටර් රථ තරග ඉතිහාසයේ මෙවැනි බිහිසුණු අනතුරක් සිදු වූයේ පළමු වරටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මින් පෙර අවසන් වරට මෙම තරගාවලිය පවත්වනු ලැබ්වේ  මීට වසර 5කට පෙරය.  එනම්, 2019 වසරේ හරියටම අප්‍රේල් මස 21 වැනිදය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ එදිනය.  එබැවින්     තරගාවලිය අතරමැද එය අවලංගු කිරීමට තරග සංවිධායකයන්ට සිදු විය. අනතුරුව යළි තරගාවලිය පැවැති ඊයේ (21) ය. තරග ඉතිහාසයේ මහා බිහිසුණු අනතුර සිදුකරමින්    තරගාවලිය නැවතත්  අතරමැද නැවතුනේය. මේ දෛවෝපත සිද්ධියේ අනුයාත සම්බන්ධය බොහෝ දෙනා කම්පනයට පත් කර ඇත්තේය.

තරග සංවිධායකවරු පවසන්නේ නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් යොදා තිබුණ ද පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික දුහුවිල්ල මේ අනතුරට ප්‍රධාන හේතුව බවය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තරගය නරඹමින් සිටි අමාත්‍ය දිළුම් අමුණුගම ප්‍රකාශ කළේ මින් ඉදිරියට මෙවැනි තරග සංවිධානය කරන්නේ නම් නරඹන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා දැඩි අවධානයක් යොමු කිරීමට සංවිධාකයින් කටයුතු කළ යුතු බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ට නොදන්වා හර්ෂ, කාවින්ද, අලවතුවල, මාන්නප්පෙරුම ඇතුළු පිරිසක් රනිල්ගෙන්  මිලියන 50 බැගින් විශේෂ ව්‍යාපෘති ප්‍රතිපාදන අරන්…

Next Post

පාස්කු ප්‍රහාර විමර්ශනයට ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලමින් රටවල් කීපයක් හා එක්ව යෝජනාවක් සම්මත කරගැනීමට කාදිනල් හිමියෝ සැරසෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.