සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙළි උනාම නවතී කියලා හිතුවත් නැවතිලා නෑ… RMV හොරුන් සල්ලිවලට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරම එලෙසම….  අල්ලස් මුදලේ දිනක එකතුව ලක්ෂ 20 පනී…

by editor
පෙබරවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නම් කර ඇති අති විශේෂ අවස්ථාවලදී හැරුණු විට  QR ඛේතය සහිත  කාර්ඩ්පවල රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු නොකර තිබෙද්දී  තැරැව් කරුවන් පිරිසක් හසුරුවමින් ඔවුන් හරහා පැමිනෙන පුද්ගලයන්ගෙන් මුදල්  ලබාගෙන   රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරම කිසිම වෙනසකින් තොරව මේ වනවිටත් ක්‍රියාත්මකවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි  පවසයි.

මේ  නින්දා සහගත ජාවාරම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 25 වැනිදා ලංකාසර විශේෂ හෙළිදරව්වක් කර අතර රටේ ජාතික තලයේ සියලුම මාධ්‍යය ද මේ අශිෂ්ට අපරාධය පිලිබඳව කතා කර තිබිණි.

එමෙන්ම මේ ජඩ හොරකම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද පැමිණිල්ලක් යොමු වී ඇති බවත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ කීවේය.  මේ ජාවාරම සිද්ධ වන්නේ දෙපාර්තමේන්තුවේ ඉහළම තැන්වල දැනුවත්  සැලසුම් මත අභ්‍යන්තර නිලධාරීන් කණ්ඩායමක් විසින් බව  මිට මාස කීපයකට පෙර හෙළි විය.

රියදුරු බලපත්‍ර QR කේතයක් සහිත කාර්ඩ් පතක මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දී අත්‍යාවශ්‍ය තත්ත්වයන් තුළ පමණක් මුද්‍රිත රියදුරු බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර තිබුණේ පවතින සීමිත සම්පත් කළමනාකරණය කරගෙන පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමේ ක්‍රමයක් ලෙසය.  ඒ තත්ත්වය  උපයෝගී කර ගනිමින් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර රියදුරු    බලපත්‍රයක් කාර්ඩ්පතක මුද්‍රණය කරදීම සඳහා රුපියල් 3000 -5000 මුදලක් එක් පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා මේ ජාවාරම ආරම්භ වී තිබිණි.  ඒ සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට රියදුරු පුහුණු කිරීමේ ආයතන සහ වෙනත් තරැව්කරුවන් ජාලයක් යොදා ගන්නා බවත්  එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ අනුව අත්‍යාවශ්‍ය මුද්‍රණ ලෙස දිනපතා මුද්‍රණය වන රියදුරු බලපත්‍ර 1000 – 1200කට ආසන්න ප්‍රමාණයකින් 700ක් පමණ මේ ආකාරයෙන් අල්ලසට මුද්‍රණය කරන රියදුරු බලපත්‍ර බව ද එම ආරංචි මාර්ග පවසයි. නියමානුකූලව විදෙස් ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර පරික්ෂා කර මුද්‍රණය කරනු බලන්නේ දිනකට 300ක් පමණක් බවත් දැනගනන්ට තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පසුගිය නොවැම්බර් මස 25 දා කළ අනාවරණයෙන් පසු මෙම ජාවාරම වෙනුවෙන්ම දෙපාර්තමේන්තුවේ වගකීම්වලින් නිදහස් කළ කාන්තාවක් අංක 16 කවුළුවේ රාජකාරිවලට යොදවා සිට දැන් වහාම ඇයව අංක 12 කවුළුවට මාරු කර ඇතත් එම කවුළුවේ සිටත් ඇය සිදුකරන්නේ පරණ පුරුදු ජවාරම බවද අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.

ඇය විසින් පෙර පරිදිම   තැරැව්කරුවන්, රියදුරු පුහුණු පාසල්වල හිමිකරුවන්   දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර සේවකයින් විසින්    රියදුරු බලපත්‍ර මුද්‍රණය කරගැනීම සඳහා මුදල් ලබාගෙන  ගෙන එන ගැනුම්කරුවන්ගේ  නාම ලේඛණය ලයිස්තුගත කර අදාල මුදල් ගනුදෙනු  විධිමත් කිරීම බවත් දැනගන්නට ඇත. ඔවුන් එම මුදල් සතියක් පුරා එකතු කර තැන්පත් කර තබා ගන්නේ දෙපාර්තමේන්තුවේම විශේෂ කාමරයක බවද  වාර්තා වේ.

දිනකට මේ ආකාරයෙන් හොරපාරෙන් මුද්‍රණයවන  රියදුරු බපලත්‍ර   ප්‍රමාණයෙන්   ජාවාරම් කරුවන්    දිනකට එකතුකරගන්නා සමස්ථ මුදල අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් බවත් එම මුදල  ලක්ෂ 35  දක්වා ද    දෝලනය වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණ  ජාවාරම සිද්ධ වන්නේ ගැනුම්කරුවෙකුගෙන් අය කරගන්නා මුදලින් තුනෙන් එකක් තැරැව්කරුවෙකුට  යන ආකාරයට  බවත් මේ පසුපස සිටින දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත සෑම ගැනුම්කරුවෙකුගෙන්ම ලැබෙන මුදලින් තුනෙන් දෙකක්  පමණ ලැබෙන බවද එම ආරංචි මාර්ග කියයි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැරියන් 03කට ලිංගික අතවර කරන්න ගිය  සල්ලාල ගුරා අත් අඩංගුවට…

Next Post

මානසික රෝගී පුතාට වස දී මරා පියාත් වස පානය කර සිය දිවි නසා ගෙන! 

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.