හෙට (28) සිට ලබන බ්‍රහස්පතින්දා (31) තෙක් නුවර නගරය කේන්ද්‍රකරගෙන අවට විහිදී ඇති සියලුම පාසල් වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙතෙක් මෑත ඉතිහාසයේ වැඩිම ජනතාවක් පෙරහර නැරඹීමට නුවරට ඇදෙමින් සිටීමත්, අධික ජනගහන සහ වාහන තදබදයත් සැලකිල්ලට ගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දුන් උපදෙස් මත මෙම තීන්දුව ගත් බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වාත් පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වාත් වැව රවුම හරහා අම්පිටිය දක්වාත් තැනනේකුඹුර පාලම දක්වාත් ඇති පාසල්වලටත් දොඩම්වල රාජකීය ප්‍රාථමික විදුහල, බෝවලවත්ත හා හන්තාන පාසල් වලටත් නිවාඩු ලබාදෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිවාඩු ලබන පාසල් සෙනසුරාදා දියනයන්හි පාසල් පවත්වා එම දින ආවරණය කළ යුතු බව දන්වා තිබේ.