සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපති රෝයල් පාර්ක් මිනීමරුවා නිදහස් කළේ අල්ලසක් අරන්ලු…

සමාජයේ මතය ගැන ජෙනරාල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියයි...

by editor
අප්‍රේල් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණ පද්ධතියම බරපතල අපහාසයට ලක් කරමින් හිටපු ජනාධිපතිවරයා රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ ඝාතකයා නිදහස් කළ බවත් එම ඝාතකයා නිදහස් කිරීම පසුපස හිටපු ජනාධිපතිවරයා විසින් විශාල අල්ලසක් ලබා ගත් බවටවන මතයක් ජනතා අතර පවතින බවත්  සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

බරපතල අපරාධ කර ඔප්පු වීමෙන් අනතුරුව මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ හැකි නමුත් එය ජනාධිපතිවරයා කළ යුත්තේ තමන් වෙත පැවරී ඇති අති විශාල සමාජ වගකීම පිළිබඳ සමාලෝචනය කිරීමෙන් අනතුරුව බව ජෙනරාල් ෆොන්සේකා කීවේය.

මේ බව අද ප්‍රකාශයට පත් වූයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත විසින් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා ඇති සිරකරුවන්ට සමාව දීමේ සිවු අවුරුදු සමාලෝචන   සම්ප්‍රදාය යළි ආරම්භ කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජෙනරාල්වරයාගේ කතාව අතර තුරදී කළ පැහැදිලි කිරීමේ දීය.

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත කීවේ  1998 සිට නවතා දැමූ මෙම පිළිවෙත   අවුරුදු 22කට පසු යළි ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් එය   ඉලක්ක ගත පුද්ගලයෙක් වෙනුවෙන් ලබා දෙන සහනයක් නොවන බවත් ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී යළි කතාව ආරම්භ කළ ජෙනාරාල්වරයා මෙසේ පැවසීය.

“ සිරකරුවෙක් පිළිබඳ  ඉල්ලීම කරන්නෙ බන්ධනාගාර නිලධාරීන්. ඔවුන් එය එවන්නේ අධිකරණ ඇමති වරයාට. අනතුරවු මේ සිරකරු ගැන ඇගයීමක් කරන්න විශ්‍රමික විනිසුරුවෙක්, විශ්‍රාමික නීතිපති වරයෙක්, බන්ධනාගාර නිලධාරියෙක්,  අධිකරණ නිලධාරියෙක්,  මානසික රෝග විශේඥයෙක් සහිත  කමිටුවකට යවනවා. අනතුරුව ඔවුන්ගේ මතය අදාල පුද්ගලයාට තීන්දුව ලබා දුන් අධිකරණ විනිසුරුගෙන විමසනවා. එහෙම තුළනාත්මක වාර්තාවක් තමයි ජනාධිපතිවරයාට එන්න ඕන. එම වාර්තාව සම්බන්ධවත් ජනාධිපතිවරයා තීන්දුවක් ගන්න ඕන තමන් පැවරුන සමාජීය වගකීම් කල්පනා කරලා බලලා.

“මින් පෙර හිටපු ජනාධිපති රෝයල් පාර්ක් සිද්ධියේ ඝාතකයා නිදහස් කළේ  කිසිම ක්‍රමවේදයකින් තොරවයි. අධිකරණ පද්ධතියම එයින් හෑල්ලුවට ලක්වුණා. ජනතාව කිව්වා හිටපු ජනාධිපතිවරයා අල්ලසක් අරන් මේ අපරාධකරුව නිදහස් කළා කියලා.“   .

“මේ රජය ආවට පස්සේ සුනිල් රත්නායක කියන හමුදාවෙ හිටපු ලාන්ස් කෝප්‍රල්ව නිදහස් කළා.     චෝදනාව තිබුණා ඔහු විසින් 08ක් පුරවැසියන් ඝාතනය කළා කියලා. අලිමංකඩට ගහනකොට හමුදාව පසුබැස්සා. ඒ අවස්ථාවෙ එය පාලනය කිරීමේ වගකීම මම භාරගත්තා. 12000 දෙබලු අපි පුනරීන්වලදි නවත්වා ගත්තා.

මේ කාලයේ දි සිවිල් වැසියන් සියලු දෙනාම තමන්ගෙ ස්ථාන අත්හැරලා යනවා. අපි ඔවුන්ව ඉවත් කරනවා. එය තමයි සම්ප්‍රදාය. එහෙත් එසේ තමන්ගෙ නිවාස ඉඩකඩම් අත් හැර ගිය පුද්ගලයො නැවත තම ගෙවත්තෙ පලදාව කඩා ගන්න ඇවිත් යනවා.

2000 දෙසැම්බර් 19 දා එහෙම තමන්ගෙ ඉඩමට ආපු කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 08ක් මේ පුද්ගලයා ඇතුළු සෙබළු හයදෙනෙක් විසින් ඝාතනය කරලා තිබුණා. ඒ පහර දීලා සිහි නැතිවුනාම බෙල්ල කපලා මරලා. ඒ මලසිරුරු වළදාලා තිබුණා.

මේ සිද්ධියෙදි එක් පුද්ගලයෙක් දිවි බේරගත්තා. ඔහු මේ සම්බන්ධව රතුකුරුසයට පැමිණිලි කළා. ඝාතකයා ලෙස සුනිල් රත්නායක හඳුනා ගත්තා. ඔහුම මරපු අය වළ දැමූ තැන් පෙන්නුවා. හිටපු හමුදාපතිවරයෙක් ලෙස   මේ අපරාධය විශ්වාස කරන්න බෑ. සුනිල් රත්නායකට පමණක් මරණ දඬුවම නියම වී අනික් අය නිදහස් උනේ කොහොමද කියලා හිතාගන්නත් බෑ.

කවුරු කළත්, මොන පුද්ගලයාට කළත් මේ සියල්ල ධරුණු අපරාධ. පිස්සු පූසා කොමිසමෙන් මේ ධරුණු අපරාධකරුව නිදහස් කළත් අපි රණවිරුවො නිදහස් කළා කියලා මේ ආණ්ඩුවට මේවගේ වැඩ කරලා කොඩිය දාගන්න බෑ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහරාන් සහ නවුෆර් මවුලවි සමග සිටි භයානක ත්‍රස්තවාදියා නවුෂාඩ් මවුලවි හමුදා බුද්ධි අංශ සමාජිකයෙක්…

Next Post

ලෝකඩවුන් කළ ගනේවත්තට කොවිඩ් පැතිරුණේ ගව මස් කඩයකින්?…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.