පසුගිය වකවානුව තුළ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවලින් ජනාධිපති කාර්යාලයේ වාහන සංචිතයට අනුයුක්ත කර තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීමේ පළමු අදියර ලෙස වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කළ බවත්, එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද (01) දිනම රැගෙන ගිය බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ ඇතුළු පිරිසක් එක්වී තිබේ.







