සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැමෝම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගන්නේ  හැමෝගෙන්ම බදු ගන්න නෙමෙයි!  මුදල් රාජ්‍ය ඇමති පැහැදිලි කරයි!

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කෙරෙයි.

ෙඑයට අමතරව, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් (ජුනි 1) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.‍

මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස කවුද?

  1. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
  2. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
  3. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
  4. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
  5. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
  6. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
  7. ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
  8. ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
  9. ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
  10. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
  11. ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
  12. මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්.
  13. දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙක්
  14. ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙක්

මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් ද නව විධිවිධානයට යටත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ දැක්වේ

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

vat
ජනපති වික්‍රමසිංහගේ බදු ප්‍රතිපත්තියට දිගින් දිගටම ජනතා විරෝධය එල්ලවිය ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඉදිරියේ දී බදු ලිපි ගොනුවේ අංකය ඉතා වැදගත් වන්නේ ඇයි?

අවුරුදු 18ට සම්පූර්ණ වන රටේ සියලුම දෙනාට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නේ ඔවුන් සෑම දෙනාගෙන්ම බදු අය කිරීමේ බලාපොරොත්තුවෙන් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී රජයත් සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මෙම බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරන බැවින් එය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇති බවයි.

“විශේෂයෙන් 2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපි ගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සියලු දෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලු දෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම් කිසි නියාමනයක් කිරීම රාජ්‍ය ආදායම.”

“සමහරක් අයට ඒ ලිපි ගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධ වෙන්නේ ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවලට තියෙන දෙයක්. ඒ නිසා පළමු කාරණාව තමයි ඒ සියලු දෙනා ලියා පදිංචි කිරීම ඇතුළෙ සියලු දෙනාගෙන්ම    බදු අය කරන්න යනවා කියලා කියන කාරණාව නෑ.”

“මේ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මේ ජුනි මාසයේ පළමු වෙනිදා ඉදලා මේ රටේ බදු ගෙවිය හැකියැ යි කැපී පෙනෙන පන්තීන්වලට නියමයක් කරලා තියෙනවා කරුණාකර බදු ලිපි ගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරුන්, නීතිඥවරු, ඉංජිනේරුවරුන් මේ වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. ඒ වගේ කණ්ඩායම් 14කට ඒ කාරණාව පිළිබඳව සඳහන් කරලා.”

” කොටස් දෙකක් තියෙනවා. දෙවන කොටසේ 2024 වසර වෙනකොට මෙතෙක් ලියාපදිංචි නොවී තිබුණු අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුයි කියන කාරණාව. ඒකෙනුත් අදහස් වෙන්නේ නැහැ සියලු දෙනාගෙන් බද්දක් ගන්න යනවා කියලා. සියලු දෙනාම මේකෙන් ලියාපදිංචි වෙලා ඒ අයට සුබසාධන දීමනා ගෙවීම් තීරණය වෙන්නේ මේ බදු ලිපි ගොනු හරහා යි.”

“විශේෂයෙන් පුරවැසියෙකුට ඔහු රජය සමග තියෙන සුවිශේෂී අයිතිවාසිකම් ලියැවිල්ලක් බවටත් මේ ලිපි ගොනුව පත්වෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල මේක අනුගමනය කරනවා. රජයට හැකි අයගෙන් ආදායම් ගන්නවා වගේම රජයෙන් ආධාරයක් අවශ්‍ය අයට ඒවා ලබාදීමත් මේ බදු ලිපි ගොනු තුළින් තමයි සිද්ධ වෙන්නේ.”

“එමෙන්ම ඉදිරියේදී ඔවුන් රජය සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවල දී මේ බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් ලෙස භාවිත කරනවා,” මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජෙරොම් ප්‍රනාන්දුට ඇප….

Next Post

කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් -ඇමති මනූෂ කියයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.