ස්වයං ප්‍රකාශිත දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු ඇපමත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (ජනවාරි 3වැනිදා) නියෝග කළේය.
ආගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉකුත් දෙසැම්බර් මස 01 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දේව ගැති ජෙරෝම් ප්‍රනාන්දු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
තමන් විසින් කළ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවට විත්ති පාර්ශ්වය ඉදිරිපත් කරන ලද ප්‍රකාශය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙ ඇප නියමකිරීම සිදු කෙරෙනි.
සැකකරු මුදා හැරුනේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.







